බදු වැඩි කර අධ්‍යාපනයටත් සෞඛ්‍යයටත් පහර දී එසේ නොකළා යැයි ප්‍රකාශ කරන රජය මෙතෙක් නෑ කියූ කිසිවක් ඔප්පු කර නැතැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
රාජද්‍රෝහියෙක් වන නමුත් දේශද්‍රෝහියෙක් නොවන්න යැයි ධර්මපාල තුමන් කළ සටන් පාඨ පවා ප්‍රකාශ කරමින් මෙම ආණ්ඩුව ගෙන යන මෘග පාලනයට එරෙහිව රාජද්‍රෝහි වශයෙන් කටයුතු කර මේ රට බේරාගන්නට සිදුව තිබෙන බවත් ජාතියේ පෙරගමන්කරුවන් වශයෙන් හා මේ රටේ සංඝරත්නය වශයෙන් තමන්ට නිහඩව සිටීමට නොහැකි බවත් පැවිදි හඬ සංවිධානය නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවෙදී උන්වහන්සේ ප්‍රකාශ කළහ.
දේශප්‍රේමී භික්ෂු සංගමයේ ලේකම් බෙංගමුවේ නාලක,පැවිදි හඬ සංවිධානයේ අනුශාසක ගලගම ධම්ම රංසි,කැස්බෑව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් ගොම්බද්දර ධමිත හා රොටුව නන්දාරාම යන හිමිවරු මාධ්‍ය හමුවට සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ ද්‍රෝහියෙක් වෙන්න දැන් රජවරු නෑනේ. ඒත් රාජ්‍ය ද්‍රෝහියෙක් වෙනවා නම් ඒක දේශ ද්‍රෝහියෙක් වෙනවට වඩා වැරදියි. රජය හා ආණ්ඩුව කියන්නෙ දෙකක්. (බ)
පැවිද්දෙක් නම් පැවිද්දෙක් ලෙස කටයුතු කරන්න. ගිහියෙක්, දේශපාලකයෙක්..කවටයෙක් නොවී,,,(බ)
කරුනාව මෙෙත්‍රිය කරන්න කියන්න ඔබවහන්සේ තුල වෙෙරය ඉතා තදින් බලපවත්වයි මෙයින් මිදි ජනතාවට සුමදුර ධර්මදේශනාවක් කරන්න.(බ)
හාමුදුරුවෝ හරි. (ර)
ඔබ සැම දැනගත යුතු කරුණක් තමියි ලංකාව විතරයි ලෝකේ තියෙන එකම රට අධ්යාපනයත්, සෞක්යයත් නොමිලේ ලබා දී , බදුත් අඩුවෙන් ගන්නේ . බදු මිල වැඩි නොකර ලංකාව ඉදිරියට ගෙන යාම ඉතාමත් දුෂ්කර කාර්යයක්. (ර)
ඔබ වහන්සේගේ අදහස් වලට මම එකගයි. (ර)
දුෂණ වංචා අනුන්ගේ දේවල් බලහත්කාරයෙන් අල්ලා ගැනීම වැනි දේවල් මේ දෙකෙන් කොයිකටද වැටෙන්නේ අපේ හාමුදුරුවනේ .නීතිය නිශ්ශබ්දවෙලා දේශපාලනය නිසා (බ)