සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න හා හිටපු ඇමැති මර්වින් සිල්වා යන මහත්වරු අද (11) කිරිබත්ගොඩ මූලික රෝහල නිරීක්ෂණය සඳහා ගියහ.
අලුතින් ඉදිකෙරෙන හදිසි අනතුරු ඒකකයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බව එහිදී රාජිත සේනාරත්න ඇමැතිවරයා පැවසීය.
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න හා හිටපු ඇමැති මර්වින් සිල්වා යන මහත්වරු අද (11) කිරිබත්ගොඩ මූලික රෝහල නිරීක්ෂණය සඳහා ගියහ.
අලුතින් ඉදිකෙරෙන හදිසි අනතුරු ඒකකයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බව එහිදී රාජිත සේනාරත්න ඇමැතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නයනිට මුකුත් කියන්නේ නැහැ..පුලුවන්නම් ඒ වීඩියෝ එක බලන්න..එතකොට ඔයා කියන දේ මන් නොදන්නවාද කියන එක පැහැදිලිවේවි..හැබැයි මම කිව්වට බඩනම් කපා ගන්න එපා. (බ)
කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ (බ)
දෙන්නටම කටට බ්රේක් නැහැනේ. ජාඩියට මුඩිය වගෙයි (නි)
හොඳට ගැළපෙන ජෝඩුව .....! (නි)
ඒ රෝහලට යන්නේ 134 ද ?
අර බජාර් එකේ චන්ඩියා වගේ ඉන්න කෙනානම් මම කැලණිය පැත්තේ දැකල තියනවා (ස)
අනේ මෙහෙම දේවල්? (නි)
ලැජ්ජා නැහැනේ හැබෑට? (නි)
කලකට පස්සේ හිටපු ගස් බැඳීම් කටයුතු පිළිබඳ කෙනෙක්ව දැක්කේ!!! (නි)
[රාජිතයි මර්විනුයි රෝහලේ....] මේ පුවත දැකපු හැටියේම මම බිරන්තට්ටුභාවයට පත්වුණා.මට හිතුනේ එක්කෙනෙක් අනිත් එක්කෙනා ගස් බැඳලා ගුටි බෙදලා රෝහල් ගතකරලා කියලා.පින්තූර දැක්කේ පස්සේ. එතකොටයි සැබෑ තත්වය තේරුම් ගියේ..... (නි)
එක පුද්ගලයෙකුට ගැහැණු ළමයෙක් පැහැරගැනීමක් සම්බන්ධයෙන් උසාවියක චෝදනාවක් තිබෙනවා නේද? මට අදහාගන්න බැරි කොහොමද ඇමති තනතුරක ඉන්නේ කියලා. (නි)
නියම දෙන්නා එකතුවෙලා තියෙන්නේ! (නි)
යහපාල මහත්තයෝ ,ඔය කියන දේවල් වලට බඩ කපාගන්න තරම් මෝඩයෝ දැන් නැහැ. නමුත් මගේ බඩ කපාගන්න එක ඔයාට හෝ මට කරන්න බැහැ. ඒක දොස්තරගේ වැඩක් බව දැනගන්න. (නි)
මේ මෙතන ඉන්න එක් කෙනෙක් වගේ පුද්ගලයෙක්ගෙන් යහපාලනය සේවය ලබාගන්නේ මොකටද? මේවා දකිනකොට පුදුම කළකිරීමක් ඇතිවෙන්නේ (නි)
නියමයි. නියමයි. මේක තමයි එතකොට යහපාලනය (නි)
වෙනසක් නැති පාලනේ = යහපලානේ (ම)
තකට තක (බ)
දැන් බලනකොට එතනෝල්, දාමරිකයෝ, කොමිස් කාරයෝ සහ පාතලේ කවුරුත් එක්කද ඉන්නේ කියලා පේනවා. ජන්දදායකයට කොකා පෙන්නලා වගේ මේ සැරෙත්. (බ)
යහපාලනයේ වටිනාකම හෑල්ලු වෙන ලජ්ජා නැති දේවල් නේද මේ අනවශ්‍ය මිනිස්සු ලං කරගෙන කරන්නේ (ම)
අර බලන්න. මර්වින්ට මොනවද නොහිතෙන්නේ හැබෑටම? (ස)
මර්වින් මහත්තය රනිල් මහත්තයට අද කතා කරන විදියයි එදා කතා කරපුවිදියයි ගැන වෙනස අන්න යු ටියුබ් වීඩියෝ එකක තියෙනවා..එක ඇහුවොත් යහපාලන කට්ටිය බඩ කපා ගන්නවා. (ස)
නියම වීරයෝ දෙන්නෙක්... (නි)
ඒක එහෙම හොඳ විදියට වෙනවා නම් කොච්චර හොඳද? (නි)
පරණ මිත්‍ර කම් අමතක කරන්නද ? (බ)
සන්තෝසේ බැරුව ගැලපෙන ජෝඩුව .(හේ)
රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු බෝ පැළ වගේ අය තමයි දැන් ඔය මෛත්‍රී මහතා එක්ක ඉන්නේ. මහින්ද එක්ක ඉන්න අය ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
ආ... මේ දෙන්නා නම් යමක් කරයි අනිවාර්යයෙන්ම (නි)
මේ පුවත දුටුවාම එකක් හිතා ගන්න පුළුවන්, නරක පුද්ගලයෝ එවැනිම නරකයින් ඇසුරු කළාම තව තවත් නොමග යනවා. නමුත් ඒ නරකයින්ම, හොඳ මිනිසුන් ගේ ඇසුරට වැටුනාම ඒ නරක ගති ගුණ අත් හැරලා හොඳ මිනිසුන් බවට පත්වෙනවා. ධර්මිෂ්ඨයාගේ පහනින් දුෂ්ඨයින්ටත් එළිය දකින්න කිසිදු බාධාවක් නැහැ. (බ)
ඡන්දෙ තියෙන්නේ මහජනයා අතේ. මොලේ පාවිච්චි කර ඡන්දෙ දෙන්න. (ර)
තොරතෝංචියක් නැතුව කෑමොර දෙන්න නම් එපා. (නි)
හොඳට ගැළපෙනවා ඔය දෙන්නා. එකතුවෙලා රටට වැඩදායී යමක් කරන්න (නි)
එහෙමහරි ඒ මිනිස්සු උනන්දුවෙන එක ලොකු දෙයක් (නි)
යහපාල මහත්තයෝ, ඔබ නොදන්නවාද මන්දා නොදන්නවා නම් දැනගන්න දේශපාලනයේදී සදාකාලික සතුරෝත් නැහැ සදාකාලික මිතුරොත් නැහැ. එ්ක තමා දේශපාලන න්‍යාය.
කැළණිය වැනසූ අය නැවත කැළණියට එවන්න එපා. මෛත්‍රී මහතා වූ පොරොන්දු කඩකරන්නත් එපා. මැරයන්ට කුඩුකාරයන්ට නාමයෝජනා දෙන්න එපා. කැළණිය ජනතාව විමසිල්ලෙන්! (නි)