ඇවන්ගාඩ් සිද්ධිය ගැන කතා නොකර සිටීමට මසකට රුපියල් කෝටි දෙක බැගින් තමාට දීමට පුද්ගලයකු උත්සාහ කළ බවත්, අවශ්‍ය අවස්ථාවේ ඒ ගැන ගෙලි කරන බවත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (14) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.
‘සති දෙකකට මගේ කට වහන්න මසකට රුපියල් කෝටි දෙක බැගින් දෙන්න උත්සාහ කළා. මා ඊට එකඟ වුණේ නෑ. මගේ මිතුරකු හරහා තමයි ගනුදෙනුව කතා කළේ. මිතුරා ළඟ අවශ්‍ය හඬ පට තිබෙනවා. ඔහු ඒවා එළියට දාන්න අකමැතියි. නමුත් මට අවැඩක් වෙනවා නම් ඔහු එය එළියට දමනවා. අවශ්‍ය අවස්ථාව ආවහම ඒ ගැන හෙළි කරන්නම්.
ඇවන්ගාර්ඩ් සිද්ධිය ගැන කතා නොකර සිටින්නට තවත් ඇමැතිවරයකුට රුපියල් කෝටි 30ක් දෙන්න උත්සාහ කර තිබුණා.‘
යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරයකු වන නිශ්ශංඛ සේනාධිපතිගේ ඇවන්ගාර්ඩ් මැරිටයිම් ආරක්ෂක සමාගමේ සේවා ප්‍රධාන වශයෙන් සමුද්‍රාරක්ෂණය සඳහා යොදා ගැනේ. නයිජීරියාවේ සෙබළුන් පුහුණු කිරීම, මුහුදු කොල්ලකරුවන්ගෙන් ඉන්දියන් සාගරයේ වාණිජ නැව් ආරක්ෂා කිරීම සඳහා නැව්වල ගමන් කරන සන්නද්ධ භටයන්ගේ අවි, ගාල්ල වරායේ පාවෙන ගබඩාවක කුලියට තැන්පත් කිරීම ඇතුළු සේවා රැසක් ඔහුගේ සමාගම පවත්වාගෙන යන බව කියති.
ඇමැති රාජිත සේනාරත්නගේ චෝදනාවට ප්‍රතිචාර දක්වන ලෙස ඇවන්ඩ්ගාඩ් සමාගමට ඔවුන්ගේ වෙබ් අඩවිය ඔස්සේ පණිවුඩයක් යැවූ නමුත් ඊට පිළිතුරක් ලැබුණේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් දැකපු හීනයක්ද? ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා කරන කියන දේවල් ගැන ඇත්තටම අද දේශපාලකයන් ලැජ්ජා වියයුතුය. කවදාද මේගොල්ලෝ රටේ සංවර්ධනය ගැන වැඩ පිළිවෙලක් ගෙන එන්නේ. ජනතාවට අවශ්‍ය දේශපාලකයන්ගේ බල අරගලය දැකීමට නොවන බව වර්තමාන දේශපාලකයන් තේරුම් ගත යුතුව ඇත (බ)
බොරු කියන්න එපා එය ඔබගේ ගරුත්වයට හොඳ නැහැ (නදී)
අනේ! බොරු නොකියා තමන් මේ රටට කළ එක හොඳ දෙයක් කියනවද? (නි)
බෝසත් කෙසේ වෙතත් රටට ඕන හොඳ මොළයක්. ඉස්සර ගැන මම දන්නෙ නැහැ. නමුත් දැන්නම් දේශපාලනයෙන් හොඳට තෙම්පරාදු වුනු පැසුනු බුද්ධියක් ඇති රටට ඕන මොලයක් වග පේනවා.(නදී)
ගෑනු ළමය හිර කරන ඉන්නේ මෙයාගෙම පුතාද කියල හරියටම දන්නේ පුතාගේ අම්ම තමයි. (බ)
මේ රාජිත කියන කෙනාගේ කතාවේ හැටියට අර ගෑනු ළමයාව හිරකරගෙන ඉන්නේ මෙයාගේම පුතාද? (නදී)
ඇත්තමද ඔය කිව්වේ.(හේ)
එදා සිටම පෙඩරල් වාදයට බෙදුම් වාදයට කඩේ ගිය පක්ෂෙන් පක්ෂයට පැන පැන හැමදාමත් ඇමතිකම් වල වැජඹුන මේ දත් දොස්තර මහත්තය එනතුරු දඬුවම් දෙන අය බලා ඉන්නවා (බ)
එහාට මෙහාට පනින එකෙන් නම් හොදට තෙම්පරාදු වුනු මොලයක් තියනවා. මේක කියන්න තිබුනේ එදාමනේ?මෙච්චර කල් බලාගෙන හිටියේ ඇයි? මේක අර කෙක්කෙන් නැත්නම් කොක්කෙන් වගේ කියමනක්. (ර)
චේතිය රජ්ජුරුවන්ගේ ලොකු අප්පච්චිද කොහෙද? (බ)
මේ කතා වල හැටියට මිනිස්සු මෙයාගේ දත් ටික යහතින් ඉතුරු කරලා තියෙන එක පුදුමයි. (බ)
රේණුක, අර ගැහැණු ළමයා ගැන සිද්ධියේදී අපි හිතාගෙන ඉන්න දේ කල්ක්‍රියාවෙනුත් ඇත්තක් වෙන්න ඇති කියලා අපිටත් හිතුනාට මොකද ඉතින් ඕවා හරියටම දන්නේ අපි නෙමෙයිනේ (නි)
මංගල නම්බර දෙක..කිව්වොත් බේගලයක්..ගැහුවොත් මඩක්..ඒ දෙකට ඇරෙන්න වෙනනම් තඹේකට ඇති වැඩක් නැහැ..(බ)
අල්ලසක්, අපරාධයක් පිලිබඳ දැනුවත්ව එය නීතියට නොදැන්වීම බරපතල වරදක්. නීතිය ඉෂ්ටවීම වැලැක්වීම යටතේ වහාම මේ පුද්ගලයා රහස් පොලිසිය මගින් කටඋත්තරයක් ලබාගෙන අත්අඩංගුවට ගත යුතුයි. වහාම 'යහපාලන' නීතිය ක්‍රියාත්මක කරන්න...(බ)
සති දෙකකට කට වහන්න මොකටද මාසෙකට කොටි දෙක ගානෙ දෙන්නේ? සති දෙකකටනේ ගෙවන්න ඕන! (බ)
බේරුවල රන් දිව (බ)
බෝසත් චරිතයක් නේ? (බ)
දොස්තර මහත්තය පහුගිය කාලේ කරපු කියපු දේවල්වල හැටියට මට නම් පෙන්නේ මේ නිව්ස් එක එන්න ඕනේ මේ වෙන විදිහකට (නදී)
අනේ කියලා වැඩක් නැහැ.(හේ)
එහෙම අල්ලස් දෙන්න ආවනම් ඒබව පෙමිනිලි නොකර මෙතුවක් කල සඟවා සිටීමත් වරදක්. දෙසපාලකයන්ට රටේ ඕනෙම විදියකට කටයුතු කරන්න පුළුවන්කම තිබෙනවා. නීතිය සැමට සාදාරන වෙන්න ඕනේ. කවදද අපිට එය බුක්ති විඳින්න ලැබෙන්නේ? (ර)
ඔබ වැනි මිනිසුන් අප රටට උතුම්. කිසිවෙකුටත් නොබියව සියලු දුෂිතයන්ට දඩුවම් දෙන්න ඔබ පෙරමුණ ගන්න. ඔබට ජය නියතයි.! (ර)
ඔය අල්ලස් දෙන්න හදපු කෙනාව වහාම නීතිය ඉදිරියට පමුණුවන්න.(ම)
මමනම් ඒ දෙන ගාන අරගෙන කටවහ ගන්නවා.(හේ)