බාලවයස්කාර දැරියක බලෙන් පැහැරගත්තැයි ඇමැති රාජිත සේනාරත්නට, ඔහුගේ බිරියට හා බාල පුතාට එරෙහිව ඉදිරිපත් කර ඇති හබයාස්කොපුස් පෙත්සමේ චෝදනා විභාග කර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා මහේස්ත්‍රාත් උසාවියට අද (02) නියෝග කළේය.මේ සඳහා මහේස්ත්‍රාත්වරයකු නම් කිරීමට නියමිතය.
මහේස්ත්‍රාත් විභාගයක් පැවැත්වීමට සියලු පාර්ශවය එඟත්වය පළ කළේය. ජුනි 03 වැනිදා මහේස්ත්‍රාත් විබාගයේ ප්‍රගතිය වාර්තා කරන ලෙස මහාධිකරණ විනිසුරු පැමිණිල්ලට නියෝග කළේය.
දැරියගේ පියා වන පෙත්සම්කරු ද ඔහුගේ බිරිය ද උසාවි පැමිණ සිටි නමුත් රාජිත සේනාරත්න පාර්ශවයේ නීතීඥවරු පමණක් උසාවියේ පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවවාදයට වඩා ආදර්ශය උතුම්ද? නැත්නම් ආදර්ශයට වඩා අවවාදය උතුම්ද කියලා මට දැන් නම් පැහැදිලි මදි. (නි)
සාමාන්‍ය කෙනෙක් කරානම් ඉහල උසාවියෙන් තියා මහා අධිකරණයෙන් වත් නවතින්නේ නැහැ. දෙසපාලුවෙක් සම්බන්ධ නම් පහල උසාවියෙන් වගේ ශේප්. මොන ආණ්ඩුව ආවත් එකයි පොඩි එකා තමයි තැලෙන්නේ. (ස)
මට තේරෙන්නේ මෙච්චරයි. මහින්දගේ කලේ ආණ්ඩුවට බනින කිසිම දෙයක් පත්තර වල ගියේ නැහැ, දැන් ඔයාලට ඕන දෙයක් කියන්න පුළුවන්, ඒ නිදහස වැරදියට පාවිච්චි කරන්න එපා. කතාවක් තියෙනවනේ වඳින්න වඳින්න ගහන මිනිහත් ගහන්න ගහන්න වදින මිනිහත් මොඩය කියල. (ස)
මේ ළමයව පැහැරගත් කෙනා සාමාන්‍ය කෙනකු වුනානම් කටයුතු වෙන්නෙත් මේ විධිහටමද? මොනපාලනය ආවත් ලංකාවේ ක්‍රමය මෙයම තමා , (ස)
ගමේ බණ්ඩාගේ,අප්පුහාමිගේ පුතා මේවගේ දෙයක් කළා නම් අද එම පුද්ගලයාගේ පරපුරටම වන්දි ගෙවන්න වෙනවා.මේවට දඩුවම් සොබාදහමින් කවදා හෝ ලැබේවි (නි)
මේ අය නිදහස් වෙයි . ගැනු ළමයාගේ පැත්තේ අය වැරදිකරු වෙයි.(ම)
චන්දන ඔය අදමද පත්තරේ බැලුවේ. ලංකාදීපේ බැලුවනම් ඔය ඔහොම කියන්නේ නෑ. (ස)
කියන්නා කෙසේ කීවත් අසන්නා ඉතා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි. අපි කාටවත් නිගමනයකට එන්ට බැහැ මේ සිද්ධිය සම්බන්ධව ( මෙය බොහෝ දුරට පෙම් පලහිලව්වක් විය හැකි ස්වභාවයේ එකක් විය හැකිය.) එක පාර්ශවයක් ප්‍රකාශ නිකුත් කල පමණින්ම. වත්මන් රජයේ ප්‍රබල ඇමති කෙනෙකුට හා ඔහුගේ පවුලේ අයට විරුද්ධව මාධ්‍ය හරහා චෝදනා කිරීම හෝ ප්‍රකාශ නිකුත් කිරීමට ලැබීමම අගය කල යුතු දෙයක්. නඩු ඇසීම ආරම්භ වූ පසු දෙපාර්ශවයෙන්ම බොහෝ කරුණු උසාවිය හමුවේ අනාවරණය වනු ඇත. එයින් අප සැමට නියම තතු වාර්තා වනු ඇත. එතෙක් ඉවසමු. (ස)
මෙයාල හරියට ඉස්සෝ වගේ, මම සුදනා ,මම සුදනා කිව්වට ඉස්සාගේ ඔලුවේ තියෙන්නේ මොනවද දන්නවනේ. (ස)
කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි (නි)
සහතික ඇත්ත කිංස්ලි. කාගේ කාගේත් කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් පෙරෙන්නේ ඔය වගේ තමයි. (නි)
නිශාද්, සිහිබුද්ධියෙන් සිටීම නම් හොඳයි. හැබැයි ඒ දරුවා ගෙදර තියාගෙන ඉන්නා බව සිහිබුද්ධියෙන් යුතුවම මාධ්‍යයට පවසා තිබුණා. දෙමාපියන්ගේ අනුමැතියකින් තොරව බාලවයස්කාර දරුවෙක් තම ගෙදර තබාගැනීම නීතිවිරෝධියි. තරුණ පිරිමි දරුවෝ ඉන්නා ගෙදරක තරුණ පිටස්තර ගැහැණු දරුවෙක් තබාගැනීම රටේ පිළිගත් සදාචාරයට විරුද්ධයි. ආණ්ඩුවේ නිලතල දරන්නෙක් හැටියට එය ඔහුට තරම් නොවෙයි. (නි)
චන්දන මහත්තය යහපාලානේ ආවට පස්සේ තමයි පත්තර කියවන්න අරන් තියෙන්නේ..පව්.. (ස)
දැන් තියෙන්නේ ගල් යුගයේ ආණ්ඩුවක්, ගෙදර ඉන්න කෙල්ලෝ උස්සන් ගිහින් තියාගන්නවා, පොරවවල් වලින් කොටලා මරනවා, හොරකන් කරලා කලේ නෑ වගේ ඉන්නවා, දන්නැත්තන් දැනගන්න මේකට අපි කියන්නේ "යහපාලනය"! (ස)
නිෂාද්,ඔබ හරි. කාලෙකට පෙර මේ වගේ වැඩක් වුණා.ඇමති කෙනෙකුට. (නි)
තමන්ගේ ඇහේ මෙච්චර ලොකු පොල් පරාලයක් තියාගෙනද අනෙක් අයගේ ඇස්වල පොල් කෙඳි ගැන කිව්වේ. යහපාලනය ගැන මහා ලොකුවට කතාකරන කෙනෙක් නේද මේ? (නි)