‘ඔබ 77 බෙලිඅත්තෙන් ඡන්දෙන ආවා නම් නැවතත් බෙලි අත්තෙන්ම ඡන්දෙට එන්න. මම එනවා බෙලිඅත්තෙන් ඡන්දෙ ඉල්ලන්න. ඡන්දේ ඉල්ලා බෙලිඅත්තෙන්ම ඔබේ දේශපාලන ජීවිතය අවසන් කරන්න යැයි.‘ යැයි ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතා කොළඹ පැවැති රැලියක දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කළේය.
‘රුපියල් දෙදහස බැගින් දීලා, රුපියල් දෙලක්ෂය බැගින් බස් වලට දී මාතරට සෙනඟ ගෙනාවා. බෙලි අත්ත මහින්ද රාජපක්ෂ මහතාගේ ගමේ මැද මුලන වලව්ව ඉදිරිපිට බස් දෙක පුරවා ගන්න පැය තුනයි විනාඩි 41ක් රාජපක්ෂ මහත්තයාගේ පිරිස රස්තියාදු වුණා. අප ළඟ වීඩියෝ තිබෙනවා. යහපාලනයේ එක පොරොන්දුවක් වුණා. දූෂිතයන්ට නාමයෝජනා නොදෙන බව කිව්වා. එසේ දී තිබුණොත් අපි ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයයි සිරිකොතයි වටලනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව බෙලි අත්තට එවන්ඩ. කට හොඳයි, වැඩ බලමු.(නදී)
අනේ ඒ ගැහුණු ළමයා අත හරින්න පළමුව, දැන් කතා කරන්න. (නදී)
කවුද බොලේ මේ කෙරුම්කාරයා. මේ ගොල්ලද ඉස්සරහට දේශපාලනේ කරන්නේ? (නදී)
දේශපාලනය කරන හැම කෙනාම සට කපටියෝ ,පොඩි එකා රවට්ටලා මඩිය තද කරගන්නවා. වීරකමක් කරන්ඩ උවමනා නම් යුද්දෙට යන්ඩ තිබුනනේ ,බොරුවට වේදිකාවල වීරකම් කරන් නැතුව.(නදී)
අනේ නිකන් මෝඩ කතා කියන්න එපා. කෝ අර කෙල්ල? (නදී)
එන්න හදන්නේ හොඳකට නෙමෙයි කියලා හිතෙනවා (නි)
අයියෝ මල්ලී,මොනවද මේ කියන්නේ? (නි)
තාත්ත වගේමයි පුතත් තමන්ගේ තරමවත් දන්නේ නැ (ම)
කාටුන් එකක්ද කොහෙද.(බ)
ඔබයි මහින්දයි අහසට පොළව වගේ. කෑගහන්න එපා (බ)
තමාගේ තරම නොදන්නා කූඹියෙක් හිටිය. මෙයාගේ යාලුවා අලියෙක්. අලියා දවසක් ඇක්සිඩන්ට් වුනා. අයි සී යු එකේ සිහි නැතිව ට්‍රිට්මන්ට් ගන්නවා. කුබියා හොස්පිටල් එකට ගිහින් කෙලින්ම ලොකු දොස්තර හමුවුනා. "ලේ එහෙම ඕනි නම් මගෙන් ගන්න" කීව. (ස)
මෙයාට නාම යෝජනා දීපු දාට වටලන්න වෙන්නෙ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසයි.(බ)
ෆේස් බූක් හාදයා කාර්ඩ් බෝර්ඩ් වීරයා (බ)
අනුන්ට අභියෝග කරන්න කලින් තමන් කව්ද කියල කන්නාඩිය ඉස්සරහට ගිහින් බලල හිටියනම් හොඳයි... (බ)
මහින්ද මැතිතුමාගේ මයිල් ගහක් තරමවත් වටිනවද (බ)
තාත්තා වගේ පනින චරිතය රගපාන්න .අපි හැමදාම ඔයාලට රැවටෙනවා. (බ)
තාත්ත වගේමයි. (ස)
අනේ පුතේ මහින්ද බෝගේ සීය වගේ. පාට යකාට ගියදෙන්. වැඩිහිටියෙක් නේද? ඒ ගැන හිතන්න.(හේ)
"දැනුම" යනු තමා පිලිබඳවත් තම අවට පරිසරය පිලිබඳවත් තොරතුරු සහිත අවබෝදයක් තිබීමයි.. මෙවැනි සාමාන්‍ය දැනුමක්වත් නැති අයද අනාගත නායකයෝ? (ස)
බොරු කයිය කෙලින්න කලින් එන්න බෙලිඅත්තට. ඇවිත් එහි හතර මායිම දැනගන්න. මිනිස්සුන්ගේ හැඩ රුව අඳුනගන්න. ඊට පස්සේ වැඩේ අතාරින්න. එහෙම නුනොත් අපරාදේ. අහෝ දෙවිදත් නොදුටු මොක්පුර. (බ)
අබ සරණයි .(හේ)
අනේ අපොයි දෙවියනේ (නදී)
නියමයි පුතා, ඔහොම තමයිඑන්න ඕන ..නියමයි .ගූඩ් ලක් (බ)
මෙයා නම් රට කපටියෙක් වගේ. දේශපාලනය පටන් අරගන්න හදන්නේ අනුන්ට මඩ ගහමින්. අපේ රටට දැන් අවශ්‍ය දැක්මක් සහ සැලසුම් සහිත ප්‍රඥාවන්තයින්. අර සිංගප්පුරුව වගේ මේ රට දියුණු කරලා ගන්න. නැතුව පච සහ මඩ දේශපාලකයෝ නෙමෙයි. (නදී)
රටේ ප්‍රශ්න විසදන්න කලින් අර ළමයව දෙමව්පියන්ට බාර දෙන්න. ඔයත් තාත්ත වගේම බොරුවට දගලන කෙනෙක් බව පේනවා. එක පාරක් රැවටුනා ඔය බොරු වලට අපි අායෙත් රවෙටෙන්නේ නැහැ.(නදී)
මේ තරුණ දේශපාලකයන්ට කතා කළ නොකළ යුතු දේ කියලා දෙන්න උගත් වැඩිහිටියන් ඉන්දෙද්දීත් මෙහෙමයි කතාව. තව අර නුගත් පළාත් සභා කාරයෙකුගේ පවුලක නම් කමක් නැහැ. .(හේ)
වරෙන් පුතේ බෙලිඅත්තට..අම්ම දීපු කිරි කටින් ගන්න.. (නදී)
කෑමක් විස වෙලා මගේ හිතේ..(නදී)
මෙන්න සිංහල සිනමාවට අලුත් ජෝකර් කෙනෙක් පහළවෙලා (බ)
මෙයට දාල තියන අදහස් මෙයාලගේ වැදගත් කමේ හැටියට හොද වැඩියි,මෙයාලට ගැලපෙන අදහස් දාලා තියෙනවා එෆ්බී එකේ (බ)
පිස්සු පීකුදු කියන්නේ මේවට තමයි (බ)
මෙන්න රහස අපි කිවේ මහින්ද පරාජයේ පසු පස ජාත්‍යන්තර බලවේග කුමන්ත්‍රණයක් තිබෙන බවයි. මේ බව ඉතාම පැහැදිලිව සදහන් කරලා තියෙනවා චාමික " චාමික 2015-06-21 06:19:24" "චතුර මහත්මා ගැන බොහෝ දෙනෙක් සදහන් කරලා තියෙන්නේ රාජිත මහතාගේ පුතා ලෙස පටු ලෙස බලලා. මහින්ද පරාජය කිරීමේ හැකියාව ගැන විශ්වාසයක් සහ මුලික සැලැස්මක් තිබ්බේ චතුරට පමණයි. කෙම්බ්‍රිජ් හිදී ඇරඹුන එ් කතාව තමයි නිසා ආචාර්ය කපිල රණසිංහ ඇතුළු පිරිස රනිල් මහතා සමග සාකච්ඡා කිරීම ඇරඹුවේ චතුරගේ සැලැස්ම අනුවයි. පොදු අපේක්ෂකයා පැමිණීම සිදුවුනේ එහි අවසන් කාලයේ. චතුර යනු පෙරලිය නොහැකි පවුල් ගස පෙරලීමට පළමුවෙන්ම සිතු ඒසඳහා විශ්වාසයක් ඇතිව සැලසුම් සකස් කල කෙනෙක්" මෙවැනි ජාතිය පවා දෙන දේශද්‍රෝහීන්ට නිසි පාඩම්ක් උගන්වන්න පෙලගැසෙමු.බොරු කාරයින්ව එලවමු. (නදී)
කටේ නරිවාදන්! (නි)
මහින්ද රාජපක්ෂට අභියෝග කරලනම් වැඩක්වෙන්නේ නැහැ.එයාට කලිනුත් කීදෙනෙක් අභියෝග කළාද. අභියෝගවල එයා බයයිනේ. (බ)
මෙයට ඡන්දෙ දෙන්න එපා කවුරුවත් කරුණාකර (බ)
මෙයා ගිය උඩ ,අනේ අපෝයී පව් අහිංසක කොල්ලා. (ස)
අභියෝග කරාට වැඩක් නෑ.(හේ)
කිසිම වැඩක් රටට කර නැහැ. මහින්ද මහතා සමඟ තරඟ කරනවා. මේවට මට හිනාවෙන්නේ කොහෙන්ද කියලා තේරෙන්නේ නැහැ (නි)
අපේ අප්පචිට බැනල ප්‍රසිද්ද වෙන්නද හදන්නේ ? ඡන්දෙ ඉල්ලන්න ඉස්සැල්ලා කතා කරන්න ඉගෙනගන්න (නදී)
කතාව නම් ඇරපු අතක් නැහැ, තාත්තාගේමයි! (නි)
අනේ හරි ෂෝක් විහිලුව.(හේ)
කුනිස්සොන්ටත් පුළුවන් නැව් පෙරලන්න යාලුවනේ. අලිත් කටුස්සොන්ට බයේ දුවනවලු. හොඳම දේ ඉවසීමෙන් බලන් ඉන්න එක තමා . (ම)
මේ වගේ ක්‍රියා අනුමත කරන්න බෑ.(හේ)
මේවට විරුද්ධව කතාකරන්න කෙනෙක් නැහැනේ? (නි)
පුතේ ඔලුව අත ගාලා බලපන් (බ)
අනේ කූඹියෝ ඔයා පව්......(බ)
කුඹියෙක් ගිය උඩ...(බ)
රාජිතගේ පුතාගේ කතාවට බයියන්ට ගොඩක් රිදිලා වාගේ (නදී)
මේ වගේ අයට වටිනා ඡන්දය පාවිච්චි කරන අය සිටින රටකට ඉදිරියේදී ලබන කාලය අසුබ විය හැක. (නි)
බලු වලිගේ,ඇද නෑරේ කිවුවලු! (නි)
එන්න කලින් මෙහෙම නම් ,ආවමකොහොම වේවිද (බ)
තියෙන දාන්ගලේ බලන්නකො! තාත්තගේ කපාපු පලුව! (නි)
කතාව නම් රත්තරන්. තාත්තගේම පුතා. කතාව වගේම වැඩත් තිබුනා නම් අර දැරිවියගේ පවුල ඔය කියන විදියට අපහසුවට පත්වන්නේ නැහැ නේද පුතේ? මහින්ද ගැන අපි දන්නේ ඔයා උපදින්නත් වසර ගණනකට ඉස්සරවෙලා. තාත්තා එක වෙලාවකට එයාගේ පැත්තේ. තව වෙලාවකට රනිල් මහත්තයාගේ පැත්තේ. අද මෛත්‍රී මහතාගේ පැත්තේ. හෙට? (නි)
පුදන කොටම කාපි යකා. ඔහොම ගිරිය පුප්පන්න දඟලන්න එපා. (බ)
අනේ පව් (බ)
එන පෙට හොඳ නැහැ කෙල්ල ගෙට ගන්(බ)
අර ගොඩක් ඉස්සර පුංචි මීයෙක් , හස්ති රජකුට මොකක්ද කරලා ඇහුවලු රිදුනද කියල (බ)
සිංහයෙක් වගේ හිටිය මනුසයෙක් බල තණ්හාව නිසා කලින් ඡන්දෙකට ගිහින් මෛත්‍රී ළඟ වැටුනා. දැන් අායෙත් අගමැති තණ්හාව නිසා නිකම් හාල්පාරුවන්ටත් නොන්ඩි වෙනවා.ඕකට තාම බුදු හාමුදුරුවෝ තණ්හාය ජායතී සෝකෝ කියල කිවේ.(බ)
අනේ පවු පොඩි දරුවා! (නි)
මෙයාලට පිස්සුද? නැත්තම් අපිට පිස්සුද? (නි)
මෙයා කතාකරන විලාශය දෙස බලන්න.බලය ලබා දුන්නොත් මේ වගේ අයගෙන් රටට වෙන යහපත මොකක්ද? (නි)
පුතා,යුද්ධය පටන් ගත්තාට පසු ඉපදිලා, යුද්ධයත් සමඟම හැදිලා වැඩිලා දැන් නුඹ ඔය අභියෝග කරන්නේ කාටද? (නි)
අනේ ඇත්තට, අර කොටි ගහනකොට හිටියේ කොහෙද? (නි)
පොඩි දරුවෙක්නේ තාම! තාත්තා වගේමයි කට නම් (නි)
මෙයා ගිය උඩ ..! බෙලිඅත්තට එවන්නකො මෙයාව (නි)
අනේ පවු දෙවියනේ! (නි)
කවුද බොලේ මේ? (නි)
මේ විදියට අමන තාලයට හැදුනු අය අනාගතයේ රටටත් බරකි.හැදෙන ළමා පරපුරටත් නරක ආදර්ශයක් තමයි පෙන්වන්නේ.මෙයාගේ තාත්තා කොහොමද රට හදන්නේ පුතාගේ විලාශය ලෝකයම දැක්කානේ දැන්. ආරේ ගුණ නෑරේ කියන්නේ ඕකට තමයි. (ස)
මම හිතුවේ අපේ අහවල් වීරයා විතරයි කියලා මේ වගේ විහිලු කරන්නේ.බැලුවහම තව ඉන්නවනේ! (නි)
බෙහෙතක් වැරදිලා වගේ මොකද මේ පිස්සු කියවන්නේ? (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
අනෙකුත් දේශපාලකයන්ට අභියෝග කරන්න කලින් තමන්ගේ පවුලේ ප්‍රසිද්ධ අවුල් ටික ලිහාගත්තොත් හොඳයි නේද? ඔබට ගැහැණු දරුවන් සිටින පවුල් වලින් නම් එක ඡන්දයක්වත් ලැබෙන එකක් නැහැ. (නි)
මට නම් මේවට දෙකොනින් හිනායනවා (නි)
පොඩි ළමයි ඔහොම තමයි (නි)
නියමයි චතුර! (නි)
මැදමුලන නෙමෙයි තමන්ගේ ගෙයි මුල්ලේ තිබෙනවා නේද විසඳා ගන්න ඕනෑ ප්‍රසිද්ධ ප්‍රශ්නයක්? දැන් කාලයේ තරුණ දේශපාලකයන් ඔක්කොම මව්පිය අනුග්‍රහයෙන් කලඑළි බැහැලා, අවුරුද්දක් දෙකක් ගිය තැන කතා කරන්නේ අවුරුදු 30ක දේශපාලන අත්දැකීම් තිබෙනවා වගේ. මේක හැම පක්ෂයකට පොදුයි. (නි)
අනේ පුතේ, ඔයා තවම මෝරලා මදි (නි)
අනේ කාලේ වනේ වාසේ! (නි)
ඔයා ඔය කියන තරම් චන්ඩියෙක් නම් බෙලිඅත්තෙ බස් නැවතුම්පොළට ඇවිත් කියන්න ඔයා රාජිතගෙ පුතා කියලා. එතකොට බෙලිඅත්තෙ මිනිස්සු මහින්දට කොච්චර ආදරේද කියල පෙන්නයි. (බ)
"කටුස්සෙක් ඇවිල්ලා කියනවා සිංහයාට සටනට එන්න කියලා. සිංහයා හිනාවෙලා අහක බලාගෙන නිදාගන්නවා " මට පොඩි කාලේ අහපු කතාවක් මතක්වුණා. (නි)
ඔයා ඔය කියන තරම් චන්ඩියෙක් නම් බෙලිඅත්තෙ බස් නැවතුම්පොළට ඇවිත් කියන්න ඔයා රාජිතගෙ පුතා කියලා. එතකොට බෙලිඅත්තෙ මිනිස්සු මහින්දට කොච්චර ආදරේද කියල පෙන්නයි.(ම)
අපි මෙහෙ ගහ මරා ගන්න කොට අනිත් අය එකට එක්වෙනවා. අනේ අපේ රටට යන කළ කාට කියන්නද. (ම)
තවම කිරි සප්පයා (නදී)
කෝ අද ඩුබායි තිලක් නැහැ මහින්දට බනින්න. මාතෘකාව මොකක් උනත් එයාගේ පරමාර්ථය මහින්දට අපහාස කරන එකනේ. මම මගේ යාලුවෙකුට කිව්ව මේ තිලක් ගේ විස්තර ඩුබායි යාළුවන් ගෙන් අහන්න කියලා. අද හෙට ම ලැබේවි එයාගේ පැටිකිරිය.(නදී)
පියවරුන්ගේ දේශපාලන හයිය අතට ගන්න ගිය පුතාල කිහිප දෙනෙකුට පසු ගිය කාලයේ අවාසි වුනා විශේෂයෙන්ම කාන්තාවන් සම්බන්ධව හොඳ නමක් නැති තරුණ දේශපාලකයන්ට බවලතුන්ගේ ඡන්දය ලැබෙන්නේ නැහැ. මතක තියාගන්න මේ රටේ ගැහැණු ජනගහනය පිරිමින්ට වැඩිය වැඩියි. (නදී)
කොටි ගහනකොට කෙහෙද හිටියේ ? (නදී)
අනේ පුතේ, ඔයා තවම පොඩියි පුතේ (නි)
අනේ අපොයි කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද? සත්‍යා, සුනෙත් කියන්නේ සහතික ඇත්ත.(නදී)
ඔබට පුලුවන්ද මහින්දට අභියෝග කරන්න (නදී)
පුතේ, 'පොර ටෝක්ස්' දීලා ඡන්දෙ ගන්න දැන් ටිකක් අමාරුයි. අපි ඡන්දෙ දුන්නෙත් වෙනසක් කරන්න තමයි. මහින්ද මහත්තයාගේ වැරදි නිසා පැරදුනා තමයි. ඒත් ඔයාට නම් හැරෙන්නත් අමාරුයි. තාත්තයි පුතයි දෙන්නම එකතුවුණත් අමාරුයි පුතේ. ඕගොල්ලෝ වගේ මිනිස්සු ගැන අපිට පැහැදීමක් නැහැ. (නි)
පුතත් ඡන්දය බලාගෙනද මහින්ද මහත්තයට අභියෝග කරන්නේ (බ)
දවස් 100 යට තාත්තත් එක්ක කොච්චර විදේශ සංචාර කළාද. අද වෙන පත්තරේක ඒ බව සදහන් වෙලා තියෙනෙව. මහින්ද මහතාගේ මයිල් ගහක් වත් හොලවන්න බැහැ මේ ජිවිත කාලේදී අපි ඉන්න කල්. (බ)
කරුණාකර ඔබගේ අදයපන සුදුසුකම් ඉදිරිපත් කරන්න.(බ)
කටින්ද මන්ද මේවා කියන්නේ? අර ගැණු ළමයාගේ ප්‍රශ්නේ විසදලා රටේ ප්‍රශ්න විසදන්න එන්න. (බ)
පරිනත දේශපාලකයන්ට අභියෝග කරන්න මෙතුමන්ලා තවම ලාමක වැඩියි. මදැයි පටන් ගත්ත තැනින්ම අනාගත්ත තරම. (බ)
මෙයා නම් වැඩි දුර යන කෙනෙක් නෙමෙයි වගේ (නි)
මලයෝ අර ලක්‍ෂ ගානක පෑනයි, ලක්‍ෂ ගානක සපත්තු දෙකයි දාගෙන බෙලිඅත්තේ යන්න එපා. හොරකම් කරයි.කොහෙන් ලැබුනත් වටිනා දේවල්නේ. (බ)
අපිත් ඡන්දෙ දුන්නේ නෑ මහින්දට. ඔය කතාව වෙන කව්රු හරි කිව්වා නම් ඉවසගෙන ඉන්න තිබ්බා. මෙයා කවුද මෙහෙම කියන්න. මොනවා කළත් මහින්ද මහත්තය රටට දෙයක් කරපු මිනිහෙක් . මනුස්සයාගේ වටේ හිටපු උන් නිසා තමා ඔහොම උනේ. (බ)
ඊයේ මේ කතාව මමත් ඇහුව .රාජපක්ෂ මහත්තයට අභියෝග කරන්න මෙයා කව්ද ? බොරුවට ගිරිය පුප්ප ගෙන කෑගහනවා (බ)
මේ අර ගැහුණු ළමයගේ කේස් එකට සම්බන්ද පුතාද ? (නදී)
හාල්මැස්සෙකුට පුලුවන්ද මහින්ද වගේ මෝරෙක් එක්ක හැප්පෙන්න (නදී)
මහින්ද රාජපක්ෂ මහතා ළඟ හිටගන්නවත් බැරි මේ පුද්ගලයා ඔය කතාව කිවේ විශාල පිරිසක් ඉදිරිපිටයි. එවිට අගමැතිතුමා දුකෙන් බලාගෙන හිටියා. අනේ අම්මේ මැස්සෙක් ගිය උඩ (නදී)
මේ මේ එක්සත් ජාතික පක්ෂය හින්දා (නදී)
බොහොම හරි පුතේ.(නදී)
මේ කව්ද හිටපු ජනාධිපතිට ඔහොම කතා කරන්න. එයාගේ ටිකක් වැරදි තිබ්බට ලංකා ඉතිහසයේ පතාකයෙක්. (නදී)
"මෝඩකම මහා අමතිකමටත් වඩා ලොකුයිලු" . රටම හිනස්සන කතා. මේවා අහන අපිට හොඳට මඩු වලිගෙන් තලන්න ඕනා. (නදී)
නිසි කලට බෙහෙත් දුන්නේ නැතිනම් ඔහොම කියවනවා (ම)
"බල්ලෙක් බිරුවාට කන්දක් පෙරලේද" අපේ මුතුන මිත්තෝ මේවගේ කතා කිවේ කට කහනවට නෙමෙයි.ඒවා අද කලෙටත් ගැලපෙන නිසාමයි. (හේ)
මම බැලුවා කවුද මේ අපේ ජනාධිපති තුමාට අභියෝග කරන්නේ කියලා.අනේ අපොයි තාත්තාගෙම පුතා.මෙයාලා දන්නා දේශපාලනය.සිංහයෝ ඔය වගේ නරිත් එක්ක හැප්පෙන්න එන්නේ නැහැ.(හේ)
හයක් හතරක් නොදන්නා මේ කොලුගැටයා කියන මේ කතා අපි එච්චර ගණන් ගන්න ඕන නැහැ. පහුගිය දවස්වල මේ කොලුවා කරපු වැඩක් ගැන මාධ්‍යවල හරි හරියට කතා වුනා නේද ?(හේ)
මෙයා ගිය උඩ! කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බැහැ. (නි)
මේ ළමයා නපුරු හීනයක්වත් දැකලා, බියවී නන් දොඩවනවාද කියලා හිතෙනවා. (හේ)
සිංහයා එක්ක හැප්පුනට සයිලක්වත් හෙල්ලිලා නැහැ. මාලුව නහින්නේ කටහින්ද කියලත් තියෙනවනේ.(නදී)
ඔය කෑගහන්නේ අර ගෑනු ළමයාගේ ප්‍රශ්නය වෙන අතකට හරවන්නද. අනික මෙයා අවුරුදු කියක් දේශපාලනයේ හිටියද.(හේ)
තරුණ කාලේ සුළු වැරදි කාගෙනුත් වෙනවා. නමුත් මිනීමැරුම් වලට සැකකරුවෙක් වෙලා නැහැනේ. තවම දුෂණ වංචා වලට සැකකරුවෙක් වෙලත් නැත. මොන පක්ෂයේ හිටියත් නිවැරදි මඟක යන්න තරුණයෙකුට පුළුවන්. මහා බලසම්පන්නව සිටි පුද්ගලයකුට අභියෝග කරන්න තරුණයකු සිටීම ගැන සතුටු විය යුතුය.(නදී)
ජයවේවා ...ජයවේවා ....ජයවේවා ....චතුර .......(නදී)
මෙයත් දේශපාලනයට එන ලකුණු පාත් වෙනවා වගේ.(හේ)
නියම කොල්ලා ජයවේවා (නදී)
පුතේ ඔයාගේ කටේ දත් වල අමාරුවක් තියෙනවා නම් තාත්තටම කියලා ඒ නරක වුන දත් පමණක් ගලවගන්න. (හේ)
සිංහයෝ බලු වන කාලේ තමයි මේ ගෙවෙන්නේ (නදී)
උඩ පැන්නොත් බිම වැටෙන්න වෙනවා පුතේ !!!(ම)
නරිය රජ වුණා වගේ. (ම)
බෙලිඅත්තට අාවම ගැහැනුන්ගේන් කොහුමිටි පාරවල් ලැබෙන්නෙ (බ)
දේශපාලනයේ තවත් එක අඳුරු පැතිකඩක් (ම)
අයියෝ වෙච්ච දෙයක්.(හේ)
මේකට වැටුන කමෙන්ට් ටික මෙයාට පෙන්නන්න , එතකොට තේරෙයි මැස්ස උඩ ගියා වැඩි කියලා (නදී)
මෙයාලා ඔක්කොම සයිබීරියාව වෙග් රටකට පටවන්න තියෙන්නේ . අපේ සල්ලි වලින් පාර්ලිෙම්න්තුවට වෙලා කාලා බිලා සැපට ඉන්නවා (ම)
ගෙම්බෙක් බක බක ගාවට සිංහයෝ ගණන් ගණන්ගන්නවාද ? (ම)
මෝඩ කමේ හැටි. ඔලුව ලොකුයි මොලය පොඩියි (නදී).
කට නම් අඩුවක් නැතුවම තියෙනවා. (නි)
ඉල්ලගෙන කන්න වගේ දඟලන්නේ.(නදී)
ගෙදරට වෙලා හිටපන්..(බ)
අනේ දරුවෝ ඔයා පව් (බ)
බෙලිඅත්ත ආසනයේ මහින්ද සමග සටනට අපි මෙදා පාර එවන්නේ මර්වින් සිල්වා .......(බ)
මහින්ද මහත්තයෝ ඔය ලනුනම් කන්න එපා මෙයාලගේ අරමුණ ඔබතුම අගමැති වීම වලකන්න. ඔබතුමා ගමපහින් හෝ කුරුණෑගලින් පැමිණ ලොකු ඡන්ද ප්‍රමාණයක් ගන්න එක වැලැක්වීමේ උත්සාහය. මෙයාගේ කතාව අහනකොට මතක්වෙන්නේ රා හැලියක් බිව්ව කොස් ඇට මීයාගේ කතාව. (ස)
කට නිසාලු මාළුවාත් නහින්නේ. අද පේදුරුතුඩුවේ ඉඳලා දෙවුන්දරතුඩුව දක්වා අපිට යන්න මග පෑදුවේ මහින්ද මැතිතුමා බව මේ දරුවා දන්නේ නෑ (බ)
දුෂිතයන්ට නාම යෝජනා දෙන්න එපා කිව්වා. දෙවියනේ එතකොට තාත්තාට ලැබෙන එකක් නැහැනේ පුතේ. ඇයි පුතා දන්නේ නැද්ද අර අනුර දිසානායක අන්කල් පාර්ලිමේන්තුවේදී කිව්වා නැව් හතක කතාවක්. පුතා දන්නේ නැතුව ඇති මොකද ඒවා වුනේ ගිය අවුරුද්දේ තාත්තා අනෙක් පැත්තේ ඉන්න කොටනේ. හැබැයි බෙලි අත්තෙන් මහින්දව පරාද කරලා පාරිල්මෙන්තු ගියාම හැන්සාඩ් එක බලන්නකෝ. දිනය අනුර අන්කල් ගෙන් අහගන්න. (නදී)
අනේ පව්..තමන්ගේ තරම නොදන්නාකම (ම)
මහින්ද කියන්නේ ජන බලයක් අදටත් තියෙන හිටපු ජනාධිපති වරයෙක් . මේ පුද්ගලයා හදන්නේ මහින්ද වැනි ප්‍රතිරුපයකට ගහලා තමන් පිම්බෙන්න. ඒ කෙසේ වෙතත් මම ඔබට අභියෝගයක් දෙනවා 1. ඔබ කියන වීඩියෝ එක එඩිට් නොකර ප්‍රසිද්ධ කරන්න. 2. ඔබගේ මල්ලි රදවාගෙන සිටින බාලවයස්කාර ගැණු ලමයව දෙමවුපියන්ට බාරදෙන්න. 3. ගැලරියේ මහින්දට බැනල අභියෝග කරන එක නවත්තලා ඔබගේ පෙරමුණෙන් ( ශ්‍රී ලනිපය නොවේ) ලංකාවේ ඕනෑම දිස්ත්‍රික්කයකින් ඡන්දය ඉල්ලලා දිනලා පෙන්වන්න. (නදී)
අනේ පොඩි දරුවා කියන කතා ඕවා ගන්න ගන්න එපා (නදී)
ආ මේ ඉන්නේ සහන්, ඔබතුමා මොකද්ද අර කිව්වේ මහානාමට හා යහපාලට මම කිව්වා කියලා හිතා ගන්න කියලා. අර මහින්ද රාජපක්ෂ සිංහල බෞද්දයෙක් කියන ප්‍රවෘත්තියේදී. අනේ මහතා නෙනි කරුණාකර කියන්න මේකෙදි වත් මම උත්තර දෙන්නම් අනිවාර්යෙන්ම හැරෙන තැපෑලෙන් . (නදී)
ගේ ඇතුලෙම ඉදලා එපා වෙලා නොතේරුන් කමට කියන කතාවක් (නදී)
ඔය බොරුවට කෑගැහුවට බයවෙන්න එපා. ඔය කරන්නේ ජනතාව අතරට මුහුණ දාගන්න ක්‍රමයක්. මොකද මහින්ද මහත්තයට අභියෝග කළොත් මිනිස්සු එයා කවුද කියලා දැනගන්නවනේ! ඒකත් එක හොද උපක්‍රමයක්. (නි)
මේ වගේ නොවැඩුනු දරුවන්ට සියලු දෙනාම අනුකම්පා කළ යුතුයි. මේක මේ දරුවගේ වරදක් නොව මහ අයගේ වරදයි. පුතා මම උඹට එක අනාවැකියක් කියන්නම් මේ හැසිරිමෙන් පේනවා උඹට දේශපාලනයෙන් පමනක් නොව වෙන කිසිම දෙයකින් වැඩි දුරක් යා නොහැකි බව. මමත් උඹගේ තාත්තා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ අවුරුදු ගනනක් දේශපාලනය කරන කෙනෙක්. උඹට දේශපාලනයෙන් දුරක් යන්නට උවමනා නම් පලමුවෙන්ම එහි මුලික ආචාර ධර්ම ටිකවත් ඉගෙන ගනින්. බලපන් ඒ දිස්ත්‍රික්කයේ වෙල්ගම මහත්තයාගේ පුතා සෙනාල් වෙල්ගම ගේ හැසිරීම. ඉතාමත් අඩු වයසෙන් දේශපාලනයට ඇවිත් තම පවුලේ වැදගත් කම, තමන්ගේ උගත් කම ප්‍රයෝජනයට ගනිමින් තමන්ගේ දේශපාලන අනාගතය රටට පෙන්වන විදිය. අඩුම තරමින් ඒ දිහාවත් බලලා තමන්ගේ අඩුපාඩු හදාගන්න බලන්න.(නදී)
අපි හිතුවේ අප්පට විතරයි මේ අමාරුව තියෙන්නේ කියල. බලනකොට පරම්පරාවට යන රෝගයක්. (නදී)
කවුරු කොහොම කිවුවත් යුද්ධය දිනුවා කියලා පොළොවේ පස්කාගෙන ආ මහින්ද රටට කළ වැඩක් නැහැ. රටට ගැළපෙන සුදුසු නැති අයට නාමයෝජනා දෙන කොයි නායකයත් රටට එපා. හරි මිනිසුන් තෝරාගන්න මහජනතාව ඡන්දය දෙන්න පක්ෂ පාට බලන්න එපා. (නි)
චතුර මහත්මා ගැන බොහෝ දෙනෙක් සදහන් කරලා තියෙන්නේ රාජිත මහතාගේ පුතා ලෙස පටු ලෙස බලලා. මහින්ද පරාජය කිරීමේ හැකියාව ගැන විශ්වාසයක් සහ මුලික සැලැස්මක් තිබ්බේ චතුරට පමණයි. කෙම්බ්‍රිජ් හිදී ඇරඹුන එ් කතාව තමයි නිසා ආචාර්ය කපිල රණසිංහ ඇතුළු පිරිස රනිල් මහතා සමග සාකච්ඡා කිරීම ඇරඹුවේ චතුරගේ සැලැස්ම අනුවයි. පොදු අපේක්ෂකයා පැමිණීම සිදුවුනේ එහි අවසන් කාලයේ. චතුර යනු පෙරලිය නොහැකි පවුල් ගස පෙරලීමට පළමුවෙන්ම සිතු ඒසඳහා විශ්වාසයක් ඇතිව සැලසුම් සකස් කල කෙනෙක්. ඔහුගේ දේශපාලන පරිනතභාවය පියාටත් වැඩිය ඉදිරියෙන් බවයි මම නම් සිතන්නේ. යහපාලනය සඳහා චතුර දෙන දායකත්වය තවමත් බොහෝ දෙනා නොදන්නා බවයි අදහස් වලින් පේන්නේ. (නදී)
නියම කතාව මහින්දගේ බංකොලොත් දේශපාලනයට. නියම පිළිතුරු චතුරගෙන්. දේශපාලනයෙන් ඉවත්වෙලා ඉන්නේ නැතිව තණ්හාවට බල ලෝබි කමට තවත් කන්න එනවට මීට වැඩි විදිහට පාච්චල් වෙලා තමයි නතර වෙන්නේ. චතුර ඔයාගේ කතාව සම්ම්පුර්ණ ඇත්ත (නදී)
ඔය කට ඇරලා දත් ටික පෙන්නුවේ. මේ ගොල්ලන්ට තරහ ඇති අපිට බෝම්බ පාරක් නොකා පාරේ යන්න පුළුවන් වෙච්ච එකට. මේ ගොල්ලෝ යන්නේ ඇමති වාහනවලනේ මොන ආණ්ඩුව ආවත්. තාත්ත කළේ වාසි පැත්තට පැනලා ඇමතිකම ගහන එක දැන් පුතාත් කරන්න වෙන්න ඇති ඔය ප්‍රැක්ටිස් කරන්නේ. (බ)
අඩුම තරමේ වයස ගැන හිතලා වත් කතා කරන්න දන්නේ නැති නැහැ ජය වේවා ලක්වසියනි ඔබට..(ම)
මූඩිය ලෙවකාපු මීයෙක් නේද කෙඳිරි ගානවා ඇහෙන්නේ. (බ)
ඔබතුමා ඔය කතාකරන්නේ හදවතින්ම රට ජාතිය ගොඩ ගැනීමටද? ..අපි දන්නවා වේදිකාවල දැන් වීරයෝ වෙන්න දගලන ඔය දේශපාලකයාගේ තත්වය ,ඔබට රට වෙනුවෙන් වීරකමක් කරන්ඩ උවමනාවක් තිබුනානම් අහිංසක සිංහල කොල්ලෝ යුද්දෙට ගියා වගේ යුද්දෙට යන්ද තිබුන නේද...රට වෙනුවෙන් මැරෙන්ඩ බයයි නේද.? බලය ලබාගෙන හැමදෙයක්ම ළංකරගෙන අාසාවෙන් තණ්හාවෙන් (බ)
අර පොඩි කෙල්ලෙක් හොරෙන් අරන් ගිය කෙනාද ? (බ) .
මොලය තියෙන්න ඕනේ තැන නැතිව වෙන තැනක තියෙන එකෙක් කියන කතාවක් (බ)
රන්ජන්, සුජීව, නලින් බණ්ඩාර, අජිත් පී කණ්ඩායමට සියල්ල දත්, අන් අයට ගරු නොකරන තවත් කටහකාරයෙක් බිහිවුන වගය. !!! මොවුන් අනාගතයේදී බාහු,රාජිත,චම්පික,මර්වින් ස්ථාන ගන්නවා ඇත. (බ)
කවුද අනේ බබාට නාම යෝජනා දෙනවා කිව්වේ? දැන් ඒකත් තාත්තට කියල ලැස්ති කරන්ද ඉන්නේ. (බ)
ඔන්න ඒ පැත්තටත් "ජෝකර්" කෙනෙක් ඉන්නවා.......!! (බ)
මෙතන අදහස් දාපු කුරුත් චතුර කව්ද කියල දන්නේ නෑ රතන හාමුදුරුවොත් එක්ක යහපාලනයට මුලින්ම වැඩ කළේ චතුර. ඔබට ජය (බ)
මට අර ගලිවර් සහ ලිලි පුට් කතාව මතක් වෙනවා (බ)
කනයා නැති වලට ලුලා පණ්ඩිතය වෙනවනේ මහින්දගේ ගමන නෙමෙයි අපි ඔයාගේ පණ්ඩිත තාත්තගේ එහෙට මෙහෙට පැනිලි මෙදා අවසන් කරනවා රජිතව දේශපාලනයෙන් අතුගාන දවස වැඩි ඇතක නෑ (බ)
මෙයා මේ බෙලිඅත්තේ දුවන්නේ නිකම් නෙවෙයි. කොළඹ කළුතර පැත්තේ ඡන්දෙ ඉල්ලුවොත් අර ගෑනු ළමයාගේ කේස් අහයිනේ. හිතන් ඇත්තේ බෙලිඅත්තේ මිනිස්සු පත්තර කියවන්නේ නැහැ කියලා වෙන්න ඇති. අනික තාත්තට එන මනාප අඩුවෙයිනේ කළුතරින් ඉල්ලුවොත්. ඒක නිසා ඈත පළාතකින් ඉල්ලලා දිනන්න හදන්නේ. අනේ බබෝ අපි උපන්නේ ඔයාට කලින්. (බ)
බුදු අම්මෝ !මැස්සෙක් ගිය උඩ.(බ)
ආනන්දට හරි ජොලි වගේ (බ)
හිහ්..හී...හිහ් හේ..(බ)
අර කෙල්ලට මොකද වුනේ ? (බ)
යහපාලනයේ එක පොරොන්දුවක් වුණා. දූෂිතයන්ට නොදෙන්න. එතකොට මෙයාගේ තාත්තා ? (නදී)
ඇගිල්ල තරමට ඉදිමෙන්න ඕනේ .(බ)
ඉස්සල්ලා ගමෙන් ජන්දෙ ඉල්ලලා බලන්න. ඔයා කව්ද අර මනුස්සයට අභියෝග කරන්න. (නදී)
අනේ ඇත්තට කතාකරන හැටි? රටම ගඳගහන කතාවක්. (නි)
මොනවා නැතත් අතේ ඇඟිල්ල නම් ටිකක් දිගයි (නදී)
මෙයාගේ ඇපෙත් රාජසන්තක වෙන තැනකට තමයි යන්න හදන්නේ.. දුවපන් පුතා ... දුවපන් ! වැටෙනකම් දුවපන් පුතෝ .... (නදී)