හිටපු ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්නගේ බේරුවල හෙට්ටිමුල්ලේ දෙමහල් නිවසට ඇතුළු වූ සොරුන් ලිපි ගොනු පහක්, පිටි පැකට් පහක්, අයිපෑඩයක් හා ටැබ්ලට් පරිගණකයක් ද කන්නාඩියක් ද සොරා ගෙන ඇතැයි පොලිසිය කියයි.
කුඩු කාරයකු මේ හොරකම කරන්නට ඇතැයි තුඩු දෙන ලකුණු ද පෙනෙන බව පොලිසිය කියයි.
දොස්තර සේනාරත්න ඉඳ හිට මෙහි සිටන බව දැනගන්නට ඇත.
පිටුපස ජනේලය කඩා ඇති බවත්, ගෙදර දොර ජනෙල්වල සරනේරු විස්සක් පමණ ගලවාගෙන ඇති බවත් පොලිසිය පවසයි.
කළුතර පොලිස් සුනඛ ග්‍රේරෝ පරීක්ෂණ සඳහා එහි රැගෙන එනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන මේ ලිපි ගොනු කියල දාල තියෙන්නේ ඇයි? මේකත් ඡන්ද ගුණ්ඩුවක්ද ? (නදී)
ඇයි මේ හොරු ටිකට ලිපි ගොනු මතක් වුනේ.(හේ)
මන් හිතන්නේ රාජිතගේ ෆයිල් නැතිව ඇති ලොක්ක ගාව, හොයනවා ඇති ළඟ තියාගන්න. (නදී)
අනේ පවු අහිංසක දුප්පත් මනුස්සයා. සන්තකේටම තියෙන්න ඇත්තෙ ඔය ටික විතරයි. හැබැයි අන්තිමටම අර මංගල මහත්තයාගෙ ගෙදරට පැන්න ජාතියේ හොරෙක් වත් වේවිද? (ම)
කුඩු කාරයින්ට ෆයිල් මොකටද ? බෝතල් පත්තර කඩේට දෙන්නැයි ?(නදී)
මම ඇහුවෙත් අදයි, ලිපිගොනු උස්සන කුඩුකාරයොත් ඉන්න බව. (නි)
කම්බා හොරු බයයි. ඒකයි ලිපිගොනු, අයිපෑඩ හා ටැබ්ලට් පරිගණක අවුස්සන්නේ. (නි)
සරනේරු ඉස්සීම යනු, සොරකම පිළිබඳ සෙවීම් වෙනතකට යොමුකිරීමට ගත් උත්සාහයක්දැයි මට නිකමට සිතේ. (නි)
රන් ආභරණ එහෙම මොකුත් අඩුනැද්ද? (නි)
අනේ මන්දා, පොලිසියත් වෙලාවකට කරන්නේ හරිම විහිළු! කුඩුකාරයා ෆයිල් ටික ගෙනියන්න ඇත්තේ මොකටද දන්නෙ නැහැ (නි)
රාජිත මන්ත්‍රීතුමා දුරදිග සිතා නොබලන කෙනෙක් නම් නොවෙයි වටිනා කියන ලියකියවිලි, ඔය ගෙදර තබා යන්න. (නි)
හොරු පනින්නෙත් මැතිවරණ කාලේටම තමයි.(හේ)
ග්‍රේරෝ නැත්නම් ඉතින් හැමදේම ඉවරයි.කොහෙන් කියලා අල්ලන්නද? (නි)
කුඩුකාරයින්ට මොකටද ලිපිගොනු?? (නි)
හොරු මොකටද ෆයිල් උස්සන්නේ? ඔන්න දොස්තර මහත්තයෝ, ෆයිල් එක දැන් කවුරු ළඟද දන්නෙ නැහැ හොඳේ ! (නි)
ඔක්කොම කරලා දැන් ඉතින් කුඩු කාරයන්ගේ ගිණුමට දාන්න.(හේ)
දොස්තර මහත්තයාගේ ෆයිල් නේද? අයියෝ! (නි)
කුඩුකාරයින්ට මොකටද ෆයිල්? (නි)
ඕවාට අපි නම් කියන්නේ බියගුලු දේශපාලනය කියලයි. (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
ලිපිගොනු වලට ලිපිගොනු කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද මහත්තයෝ? (නි)
බලමුකෝ කවුද හොරා කියලා (නි)
මේකා නම් නිකන් හොරෙක් නෙමෙයි කම්බ හොරෙක් වගෙයි (නි)
හොරාගේ මුලික අරමුණ හඳුනාගන්න පොලිසියට හැකිවේද? හොරා කවුද? හැබැයි බලන්නකෝ සමහරු කියන අදහස්..... (නි)
එක අතකට සිතා බලද්දී පොලිසිය වැරදි නැහැ කියලයි මට හිතෙන්නේ (නි)
ගෙවල් බාරදීලා ගෙයක්වත් නෑ කීවේ මෙයා නෙමේද ?(දිල්)
කුඩුකාරයොත් පුදුම වැඩනේ කරන්නේ බලනකොට (නි)
ලිපිගොනු උස්සන්න ඇත්තේ සමහරවිට කුඩු ඔතන්න වෙන්න පුලුවන් (නි)
මේක මොනවගේ කෙනෙකුගේ වැඩක්ද දන්නේ නැහැ. අපි ඉවසීමෙන් බලා ඉඳිමු වෙන්නේ මොකක්ද කියලා (නි)
මම සිතන්නේ මේ හොරු පැනලා තියෙන්නේ, වටිනා බඩු ගන්නට නොව ලිපිගොනු සොරකම් කිරීමට වාගෙයි (නි)
ෆයිල් උස්සන්නේ සාමාන්‍ය කුඩුකාරයෝ නම් නෙමෙයි. සමහර ජාවාරම් (කුඩු)කාරයෝ, ඒ කියන්නේ කන්ටේනර් මට්ටමේ ව්‍යාපාර කරන අයට නම් ඔය වගේ ලිපිගොනු වලින් ප්‍රයෝජන නැත්තෙත් නැහැ (නි)
අර ලිපිගොනු පහ ගෙනියන්න ඇත්තේ කුඩු වලට හරවලා බොන්න වෙන්න ඇති. අපේ පොලිසිය නියමයිනේ! (නි)
සමහර විට ලිපිගොනු රත්තරන් වලටත් වඩා වටිනවා කියලා මිනිහට තේරෙන්න ඇති (දිල්)
මේ දවස් වල මැති ඇමතිවරුන්ගේ ෆයිල් එකතු කරන එක්කෙනෙක් නම් ඉන්නවා (ම)
මේක ප්ලෑන් කරලා කරපු වැඩක්.(හේ)
ගීය අයගේ ෆයිල් තියෙනවා කියලා නේද කිව්වේ? දැන් තමයි එකතු කරන්න පටන් අරගෙන තියෙන්නේ මගේ හිතේ..(ම)
දෙවියන් වහන්සේගේ කැමැත්ත (නදී)
මෙතුමාගේ ගෙදර ආරක්ෂක කැමරා සවිකරලා නැද්ද ? මේ දවස්වල ආරක්ෂක කැමරා සවිකරගන්න නැත්නම් අපිට ගොඩක් ප්‍රවෘත්ති අහන්න පුළුවන් ...
ඔන්න පටන් ගත්තා. (ර)
ඕක කුඩු කාරයෝ කරපු වැඩක් නෙමෙයි. ඒ අයට මොකටද ෆයිල්.(හේ)
මේ හොරා අල්ලනවා බොරු.(හේ)
ග්‍රේරෝ දක්ෂ වැඩකාරයෙක්. බලමුකෝ මොනවද වෙන්නේ කියලා. (ර)
මේ හොරකම කරන්නට ඇත්තේ මොකෙක් උනත් පළපුරුදු සොරෙක්. (ර)
තව ටික දවසකින් ආරංචි වේවි ඇත්ත නැත්ත.(ර)
කුඩු ගන්න සල්ලි හොයන්නයි ෆයිල් උස්සලා තියෙන්නේ.(හේ)