“මහා පරිමාන වංචා සහ දුෂණ පිළිබදව පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාදවීම පිළිබදව අපට ගැටළුවක් තිබෙනවා. විශේෂයෙන්ම මිග් ප්‍රහාරක යානා ගනුදෙනුව, ඩුබායි බැංකු ගිණුම් පිළිබදව, රගර් ක්‍රීඩක වසීම් තාජුඩින් ඝාතනය ඇතුලු මහාපරිමාන දුෂණ හා වංචා ගැන පරීක්ෂණ පැවැත්විය යුතුයි. සුළු සිද්ධීන් පිළිබදව පරික්ෂණ පැවැත්වීමෙන් රජයට අපවාදයක් එල්ල වී තිබෙනවා. ‘‘ යැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.
ටෙලිකොම් මෑන් පවර් සේවකයන් රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා ආරම්භ කර ඇති වර්ජනයට තමා සහාය ලබා දෙන බවත්, ඔවුන්ට අවශ්‍ය නීතිමය සහායද ලබා දෙන බවත් ඔහු පවසයි.
‘‘ඇතැම් නිලධාරීන් නිසි පරිදි රාජකාරී සිදු කරන්නේ නැහැ. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපට බැහැ. කෙසේ වෙතත් කඩිනමින් පරික්ෂණ සිදු කළ යුතු බව මාගේ අදහසයි.” යැයිද අමාත්‍යවරයා සඳහන් කරයි.
"ටෙලිකොම් මෑන් පවර් සේවකයින් රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා ආරම්භ කර ඇති වැඩවර්ජනයට මමත්, පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතාත් සහයෝගය ලබාදෙනවා. නීතිමය සහායත් ලබා දෙනවා. මොකද යහපාලන රජය නිර්මාණය කිරීමට ඔවුන් දැඩි කැපවීමක් සිදු කළා.” යැයි ඒ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමනි, රාජකාරී නොකරන නිලධාරීන් එම තනතුරුවල තබාගෙන ඉන්නේ පුටු රත්කරන්නද? මේ නිලධාරින්ට වැටුප් ගෙවන්නේ ඔබතුමාගේ බුදලයෙන්ද? දුෂිත හෝ වැඩ නොකරන නිලධාරීන්ට දඬුවම් දීම ඔබතුමාලගේ පාර්ලිමේන්තුවේ වැඩක් නොවෙයිද? එම නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරන්න ඔබතුමාලාට බැහැ. මොකද ඔබතුමාලගේත් කිල්ලෝටයේ හුණු තිබෙන නිසා (නි)
මම දැනගන්න ආසයි මේ තාවකාලික සේවකයන්ගෙන් ජනාධිපතිවරනෙට ඔච්චරම වෙච්ච සේවය මොකක්ද කියලා. මොකක්හරි මගඩියකට මේගොල්ලෝ උදව් කළාවද්ද? (නි)
යුධ පිටියේ මිය ගිය රණ විරුවාද අහිංසක මිනිසුන් ගම් පිටින් මරාදැමූ මිනීමරු කොටියාද මොවුන්ට සමානය. (ම)
එතකොට ඔබතුමාලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ කවදාද?? (නි)
එතකොට බැඳුම්කර වංචාව අමතක වුණාද? (නි)
මහබැංකු හොරකම මේ ලැයිස්තුවට අදාළ නැද්ද? (නි)
නැවත අපි රවටන්න නම් අමාරුවෙයි ඔයාට (නි)
ඔය කටෙන් මොනවද නොපැන්නේ. අනේ මගේ කට! ඔහේලගෙනේ ආණ්ඩුව. ඉතින් දෙන්නකො ඉල්ලන දේ, බොරුවට සහයෝගේ දෙනවා කියන්නේ නැතුව. (නි)
එහෙම අමාරුවෙන් හදාගත්ත යහපාලනේ කන්නේත් ඔයාලම තමයි ඉතින් (නි)
යහපාලන උදවියට ඡන්දය දුන්නේ ඔය කතාවටම තමා. දැන් තියෙන්නේ තමාගේ ආණ්ඩුවේ හොරු අල්ලන එකයි. මහා බැංකු වංචා, පුද්ගලික වෛද්‍ය විද්‍යාල හොර දොස්තරකම් ගැන සොයා බලන්න. (නි)
මහබැංකු බැඳුම්කර වංචාව ගැන සද්ද නැහැ. බයද නැත්නම් එ්ක වංචාවක් නොවේද. (නි)
මේක ඉතින් මෙයාගේ පුරුද්දනේ! (නි)
කටට දාන්න පුළුවන් හොඳ අගුලක් (ඉබ්බෙක්) හොයාගන්න තැනක් නැද්ද? (නි)
ගැටළුවක් නැති විදියට වැඩ කරන්න නම් මහා බැංකු වංචාව, ගල් අඟුරු වංචාව, හිටපු මහා බැංකු අධිපතිගේ පුද්ගලික වියදම් ලක්ෂ 660 ක් මහජන මුදලින් ගත් චෝදනාව, කරුංකා කන්ටේනර් වංචාව, රේගුවේ වංචා ආදිය හොයලා ඉන්න. නැතුව මැරිච්ච මිනිසුන්ගේ මිනිය කී පාරක් ගොඩ අරන් වැලලුවත්, ඔප්පු කරන්න බැරි බොරුවට කියපු ඩුබායි හෝටල්වත්, බැංකු ගිණුම්වත්, මිග් ප්‍රහාරක යානා ගැනවත් කියලා වැඩක් නැහැ. (නි)
අනේ ඉතින් ඔය කට ගැන නම් මොන කතාද? (නි)
නිකන්ද කියන්නෙ එයාගෙ කට ගැන? (නි)
කටේ සද්දෙ විතරයි. (නි)
හරි වැරැද්ද නෙමෙයි බලන්නේ, උදව් කළාද නැද්ද කියන එකයි. (නි)
ආණ්ඩු මාරුවෙන මාරුවෙන පැත්තට පැනලා, අනිත් අයට හොරු හොරු කිය කියා තමන්ගේ මහා ජාවාරම් වහගෙන ඉන්න පල් හොරුන් ගැනත් හොයන්න. (නි)
සෞඛ්‍ය අමාත්‍යංශය කාලා ඉවරයිද දැන් අනික් අමාත්‍යංශ වලටත් පනින්න හදන්නේ (නි)