විධායක බලය නැති කළහොත් ජනපතිකමින් වැඩක් නැතැයිද එවිට ජනාධිපති නාමික ජනපතිවරයෙක් වන්නේ යැයිද සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
විධායක ජනපති ක්‍රමය අහෝසි කළහොත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක අගමැති ලෙස ලබන ඡන්දයට ඉදිරිපත් කළ යුතු යැයිද ඔහු පවසයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනවාරි 8 වැනිදා බලයට පත්වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කොන්දේසිය මතය. ජනපති පදවියේ දිවුරුම් දෙමින් ඔහු පැවසූයේ දින 100 ඇතුළතදී ජනපති ක්‍රමය අවසන් කරන බවයි. ජනපති පදවියට තමා යළිත් ඉදිරිපත් නොවන බවද ඔහු කීවේය.
මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් ලක්ෂ 62 ක් ජනතාව එතුමා කිසිදු බලයක් නැති පුද්ගලයකු වනු දකින්නට අකමැති බවද රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් තේරෙනවද යහපාලනයකට ඡන්දය දුන්නු අයට කරගත්තේ මෝඩකමක් කියලා. ලබන මහා ඡන්දෙදි වැරැද්ද හරි ගස්සාගන්න මෝඩවෙන්නේ නැතුව (නි)
මේ රජයේ සැබෑ නායකයා ජනාධිපතිද, අගමැතිද, රාජිතද යන ප්‍රශ්නය මතුවන්නේ මෙවැනි ප්‍රකාශයන් ඇසුරෙනි. (නි)
මැතිවරණයේදි ජනතාව තේරුම් කරලා දෙයි මේ අයගේ තත්ත්වය ගැන (දිල්)
මේ රටට තුන්වරක් බුදු හිමි වැඩියා.මේ රට විනාශ කරන්න මෙයාලට දෙවිවරු ඉඩ දෙන්නේ නැහැ.(දිල්)
ඔබතුමා ඕනෑ දෙයක් කරගන්න නිදහස් පක්ෂය අතහැරලා. (නි)
කොහොමත් බලය ලැබුණවිට කිසිවෙකුත් සිල්රකීවි යැයි කියා සිතන්න අමාරුයි නේද? (නි)
ඔබතුමාට ඕනෑ දෙයක් කරන්න. සුබ පැතුම්! (නි)
දැන් තේරෙනවා නේද ඇත්ත? ඔබතුමාගේ යටි අරමුණ අපිට නම් තේරුණා (නි)
ඔය එන්නේ තොවිලයේ හොඳ හරිය. (නි)
කිසිම දවසක විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන්න එපා. රටට ආදරේ, ජාතියට ආදරේ,නැණවත් සහ අවංක කෙනෙකු ජනාධිපති ධුරයට පත්කිරීම ඔබෙත් මගෙත් වගකීම වේ (නි)
මේක නිකන් අර මඟුල් ගෙදර කෑම මේසේදී ළඟ ඉන්න එක්කෙනාටත් බෙදන්න කියනවා වගේ කතාවක්නේ!! දේශපාලකයෝ ඔහොම තමයි (නි)
රාජිත දොස්තර මහත්තයා කොහොමද මේ ලක්ෂ හැටක් දෙනා නියෝජනය කරමින් කතා කරන්නේ? (නි)
අගමැතිට වඩා ජනපති හොඳයි (නි)
රටේ දේශපාලනයට අහිතකර පුද්ගලයන් කවුද කියා අපි හඳුනාගත යුතුයි (නි)
නියම තර්කය... ජනපතිතුමා පොරොන්දුවෙලා තියන්නේ නැවතත් ජනපතිවරණයකට තරඟ කරන්නේ නැහැ කියලනේ. ඒ කියන්නේ එතුමාට අගමැතිකමකට නැවත තරඟ කරන්න පුළුවන්. (නි)
මට තේරෙන්නේ නැත්තේ මොකක්ද මේ කියන එක කියලයි. විධායක බලතල, ජනාධිපතිට හොඳ නැත්නම් අගමැතිට හොඳ වෙන්නේ කොහොමද? තනතුරේ නමෙහි ඇති වෙනස මොකක්ද? හොඳ අයෙකුට ලැබුණානම් ජනාධිපති හෝ අගමැති කියා වෙනසක් නැහැ. (නි)
මට නම් පුදුමාකාර තරහක් ඇතිවෙන්නේ (නි)
තැටිය මාරුවුණේ කාට බයේද මහත්තයෝ.... ? (නි)
ලක්ෂ හැටටත් තැටිය මාරු කරන්න කාලෙ හරි දැන්.(නදී)
ඇමතිතුමා, ඔබ හරි. අපිට ඕනෑවුණේ සොරුන් එළවාගන්න (නි)
හිටිවන ප්‍රකාශ කරන්න කවුද මනාප දුන්නේ? (නි)
අපේ ගෙවල්වල් ඉන්නවා පන ඇරලා යුඑන්පී එකට ඡන්දය දෙන අය. ඒ සැමදෙනාම මෛත්‍රී මහතාට ඡන්දය දුන්නේ රනිල් මහතාට අගමැතිකමත්, දින 100ක් ගියවිට විධායක බලතලත් දෙනවා කියූ නිසා. දැන් මොකක්ද මේ නටන්න යන තොවිලය. (නි)
අපි නම් මේවා කලින්ම දන්නවා. මහින්ද විතරයි කියපුවා කරපු එකම නායකයා.(නදී)
කාගෙ කාගෙත් හැටි අපි බොහොම හොඳට දන්නවා. ඔක්කොමට ඕනෑ මහින්ද නැවත බලයට එන එක නවත්වන්න. (නි)
ඕකෙන් වෙන්නේ දැනට දෙකට කැඩීතිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුනට කැඩෙන එකයි, පක්ෂය පරදින එකයි විතරයි. (නි)
බලය ලබාගත් විට එය නිවැරදිව භාවිතා කළයුතුය. එසේ නොවන්නේ නම් බලය බලයෙන්ම විනාශ කරනු ඇත. (නි)
මිනිසුන් පිරිසුදු නමුත් බලය අපිරිසිදු වේ. අගමැතිතුමනි, ඔබේ පරිත්‍යාගය උසස් වන්නේ එබැවිනි (නි)
සමහරුන්ට හරි හැටි පක්ෂයක් නැහැ. (නි)
රට අනතුරේ කියා නම් පැහැදිලියි (නි)
සමහරුන්ගේ තැටි නම් හැම වෙලාවේම රත්වෙලා තියන්නේ . (නි)
අපි රනිල් මහත්තයාට අගමැතිකම දෙනවටයි ඡන්දය දුන්නේ. නැතුව ශ්‍රී ලංකා එකට ආදරයකට නෙමෙයි. දැන් අපේ ඡන්ද අමුඅමුවේ හොරාකන්නද හදන්නේ. (නි)
එක්සත් ජාතික පක්ෂය නැතිකරන්නද හදන්නේ? රනිල් අගමැතිතුමනි, අපේ ඡන්දය පාවාදෙන්න එපා. (නි)
අනේ මන්දා මේවා! (නි)
එතකොට කවුද අලුත් ජනපතිතුමා වෙන්නේ. නාට්‍යයේ නියම කෑලි දැන් එළියට එනවා නේද? (නි)
පැහැදිලි දේශපාලන දර්ශනයක් නැති අය බලයේ තැබූවිට වෙන විනාශය මෙයයි.මේ ශ්‍රී ලංකාව කියලා කටවහගෙන ඉන්න එපා. මේ ලංකාව අපේ ලංකාවයි. මම කියන්නේ පැහැදිලි දේශපාලන විසඳුමකට වඩා හොඳයි තිබුණ විදිහ (නි)
ඕවා ඉතින් කවුරු කවුරුත් කළ වැරදි වලට දඬුවම් තමයි (නි)
"පහු පහු වෙනකොට කොහු කොහු " මේ වගේ චාටු කතා වලට රැවටුන හැමෝටම අලුත් ජවනිකාවක් ලගදීම ලැබෙයි.(නදී)
නිදහස් පක්ෂය කීයකට කැඩුණත් අපිට මොකද, නිදහස් පක්ෂයේ ගොඩක්ම ඉන්නේ යු .එන්. පි. සහෝදරයින්නේ (දිල්)
කොහොමත් මෛත්‍රීපාල සිරිසේන යනු නාමික ජනපතිවරයෙක් තමා. ඒ නිසා ඉන්න විදියටම ඉන්න.(දිල්)
අනේ මෙහෙම ආසාවක්, අනේ මෙහෙම තණ්හාවක්, මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් .(දිල්)
විදායකය තියාගෙන දින සියයේ පොරොන්දු ඉටුකිරීමට අපොහොසත් උන ජනාදිපති අගමැති උනත් වෙනසක් නැහැ. රාජිත බලන්නේ එයා ඉහලට එන ක්‍රමයක්. . (නදී)
ඔය බව නොදැනද ඕක අහෝසි කරනවා කීවේ. දැන් සියලු දෙනාටම වැටහෙනවද ? මේ පිටුපස කව්ද ඉන්නේ කියා දන්නවද ? (නදී)
ඔන්න දැන් නොහිතපු දෙයක් සිදු වෙන්න යන්නේ (දිල්)
මරුනේ... ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට. (ර)
මෙවැන්නන් දේශපාලනයෙන් සදාකාලිකවම අතුගා දැමිය යුතුයි. (හේ)
ඡන්දය දුන්න අයට යහපතක්ම වේවා.! (ර)
මොනවද මේ කියන්නේ.? (ර)
බොහොම අගේ ඇති යෝජනාවක්. (ර)
අපි නම් ඕක පොදු අපේක්ෂකයා එනකොටම දැනගත්තා. මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි. (නදී)
යුද්ධය දිනපු ජනප්‍රියතත්වයේ ඉහලම සිටි මහින්ද මහතාව ජනතාව ප්‍රතික්ෂේප කළේ ඔහු ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකිරීම සහ ඔහුගේ ගෝලයන් පිස්සු නැටීම නිසාය. පොරොන්දු ඉටු නොකරන දේශපාලකයන්ට පිළිතුරු ලබන ඡන්දෙදීම ජනතාව විසින් ලබාදේවි. ඉස්සර තමා ලංකාවේ වැඩි හරියක් පවුල් බලයට, පක්ෂේ පාට බලා ඡන්දය දුන්නේ. දැන් සියල්ල වෙනස්වී ඇත. දැන් නව පරපුර ඡන්දෙ දෙන්නේ පොරොන්දු ඉටුකිරීම, හොරකම් වංචා දුෂණ නොකිරීම වැනි සාධක පදනම් කරගෙනයි (නදී)
මෙයා මාර මනුස්සයෙක්නේ (නදී)
ඔය එන්නේ ටිකටික එලියට. දිව බොරු කියන්නේ නැහැ. (ර)
ලංකාවට විධායක ජනාධිපති ක්‍රමය අත්‍යවශයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න එපා. (ර)
කඩවුණු පොරොන්දුව. (ර)
මේ ටික අහගන්නද ඡන්දය දුන්නේ.? (ර)
මිනිස්සු ඔබ තුමාලව බලයට ගෙනාවේ ඔය ටික අහගන්න නෙමෙයි. බලාගෙන ගියාම ඇට නැති දිව ඕනා ඕනා පැත්තට නවන්න පටන් අරන් වගේ! (ර)
මෙයා හදන්නේ සිරිසේන මහත්තයා දාල හරි මහින්ද එන එක නවත්වන්න. අපි අහුවෙයි ඔව්වට (නදී)
අනේ මේ කට ! තුක් විතරක් ! අපේ රටේ ඉන්නේ අැත්තෙන්ම මෝඩයෝ .එ්කයි රාජපක්ෂ පරාද වුනේ (බ)
විධායක ජනාධිපති ක්‍රමය හොදයි. එහිදී ජනපතිවරයා යහපත් විය යුතුයි. අයහපත් පාලකයකුට සුදුසු නැත. (ර)
එකත් කරල බලන්ටකෝ... (ර)
මෙවන් දේශපාලනයක් කරන අයගේ දේශපාලන ගමන ගැන බුද්ධිමත් ජනතාව තීරණයක් ගනු ඇත (නි)
පැවසූ දේවල් නොකී බව විවිධ අය මොන ආකාරයකින් පැවසුවද, ඒවා ඇසීමටත් පිළිකුල්සහගතය. (නි)