‘1970 දි දැකපු චමල් රාජපක්ෂ මහතාම තමයි අදත් ඉන්නේ. ඔහු කිසි දිනක වෙනස් වුණේ නැහැ.‘ යි සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා ස්වර්ණවාහිනියේ “මහජන සේවය පිණිසයි‘ වැඩ සටහනේ දි පැවැසිය.
මහින්ද රාජපක්ෂ මහතාට මහරජාණෝ යනුවෙන් ගීත ගායනා කළ බවත්, ඔහු වාහනයේ ගමන් ගනිද්දිත් එම සින්දුව අහමින් ගිය බවත් තමන් පරාජය වුණේ ඇයිද යන්න කිසිදු ඒකාධිපතියෙකු අදටත් නොදන්නා බවත් ඇමති කීවේය.
‘දිනක් චමල් රාජපක්ෂ මහතා තමන් සමඟ කතා කළා. එදා අපි ළඟ හිටි උදවිය අද නැති බවත්, අද ඉන්නේ ටෙන්ඩර් කාරයින් නිසා තමන් අරලියගහ මන්දිරයට යාම නවත්වා දැමු බව ඔහු කීවා.‘
රටේ සිදුවන අපරාධ කලින්ම දුටු චමල් රාජපක්ෂ මහතා එදා වාගේම අදත් සිය දින චර්යාව පවත්වාගෙන යන බවත්, ගතිපැවතුම් ඇදුම් පැළදුම් එදා වාගේම අදටත් එසේම බවත් ඒ නිසා ඔහුට සෑම දෙනාගේම ගෞරවය හිමි වි ඇති බවත් හේ සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමනි,අනේ නංගියේ ඔයත් ඒ සමාගමේ සාමාජිකයෙක් නේද? ගහේ කටු උල් කරන්න ඕනෑද කියලා මගේ ආච්චි අහනවා (නි)
ගරු කතානායකතුමනි, පරිස්සමින් ඔබතුමාෙග මහින්ද මල්ලි ළඟ ඒදා හිටිෙයත් ගුණ කියන අය විතරයි. (ස)
මොනවද අබේ මේ කියන්නේ? (නි)
එතාකොට හෙල්පින් හම්බන්තොට ගිණුම චමල්ගේ සුනාමි ආධාර කා සමගද බෙදා ගත්තේ මේ එකෙක්වත් විස්වාස කරන්න බැහැ ඔක්කොම ගාව යට ගේම් තියෙනවා. (ස)
මේ පගර නැට්ටන්ගෙන් රටට ජාතියට වැඩක් නැහැ. රනිල් මතිදුනි වසර ගණනාවක් ජරා ජීර්ණ කල ශ්‍රී ලංකා ආර්ථිකය දැන් ක්‍රමයෙන් නිසි මාවතට පිවිසෙන අයුරු අපි සතුටු කදුලින් බලා සිටිමු. අපගේ ගමේ ජීවත්වන අහිංසක දුප්පත් ජනතාව ලක්ෂ ණය පතියන් කෙරූ පසුගිය කාලසීමාවෙන් රට ගොඩ ගෙන යහපත් මාවතකට රට ගොඩගන්නා ආකාරය ඉතා ප්‍රශංසනීයය. ඔබ ඔබගේ පසුගිය පාලන සමය ශ්‍රී ලංකා ආර්ථිකය උඩු යටිකුරු කෙරූ විශ්ශිට පාලන සමයක් බවට සියලු මහා බැංකු වාර්තා සාක්ෂි දරයි. ඔබට වසර 10 ක් වත් ඔබගේ සේවාව ලක් මාතාවට අකණ්ඩව ලක් මාතාවට ලබා දීමට හැකි වේවා !!!. අපේ ගමේ නැති බැරි ජනතාව ස්ථිර ලෙස ගොඩගැනීමට ඔබට හැකියාව ශක්තිය ලැබේවා !!!!! (ස)
මෙතුමා හැරෙන්නේ මොකටද කියලා අපිට නම් තේරෙනවා (නි)
අපි නම් මේවාට මොකුත්ම කියන්නේ නැහැ ඔන්න (නි)
රාජිත කියන්නේ දුරදක්නා නුවණක් තිබෙන කෙනෙක් (නි)
චමල්ගේ වරදක් මම නම් කවදාවත් කියන්නේ නැහැ (නි)
කැලේ මාරුවුණාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ (නි)
සමහරුන්ට දත් 32 ට වැඩිය තියනවා, ඒත් එක්කම දිව දෙකකුත් තිබෙනවා (නි)
අනේ දනුක, ඔයාගේ ටිකිරි මොළේ! තවම දින සීය ඉවරත් නැහැ. ඒත් රටේ ආර්ථිකය කඩාවැටෙන්න අරන්. (නි)
මේක කියන මිනිහා වාච්ලයෙක්නේ. එක හින්ද මේ කියන එකේ වටිනාකමක් නැහැ. (ස)
චමල් කියන්නේ විශිෂ්ට චරිතයක් (නි)
මේ අර කතාවේ ඉන්න නරියා.මෙයා කියන දේවල් විශ්වාස ගන්න එපා.මොකක් හරි කුමන්ත්‍රණයකට තමයි රාජිත සැරසෙන්නේ. (ස)
අද ගුණ ගයා හෙට බෙල්ල කපයි.මේවා මේ රාජිතලාගේ පරම්පරාවේ හැටි.ප්‍රවේශම ඇඟට ගුණයි. (ස)
දනුක, නොදන්නා දේවල් කතානොකර ඉන්න. (නි)
මුරුංග අත්තට නග්ගවන එක්කෙනා වැටෙන්නෙත් අත්තට නැගපු එක්කෙනා එක්කමයි. රාජිත මහත්තයත් එක එක පැත්තට වැනෙන මුරුංග අත්තක් වගෙයි කියල අපට ලඟකදී ඉඳල දැක ගන්නට ලැබුණා. (ස)
දැන් මෙයා තමා ඩීල් කාරයා කියල කථාවක් යනවා. (ස)
මේක කියන කෙනාට වැඩිකල් නොගොස් රටට කරපු දේට මිනිසුන් සාප කරනවා . (ස)
දකින්න අකමැති කතාකරනවා අහන්න අකමැති අයගෙන් වඩාත්ම අකමැති කෙනා තමා රාජිත සේනාරත්න කියන්නේ. (ස)
කලින් පැවති රජයේ මාධ්‍ය ප්‍රකාශක නම් මාධ්‍යයට හරිම නම්‍යශිලියි. ඒක විශාල වෙනසක්. (ර)
රාජිතගේ කටින් පිටවන වචන කවුරුවත් ගණන් ගන්නේ නැහැ. (ර)
විපක්ෂ නායක කමත් රාජිත මහත්තයට ගන්න වෙන්න ඇති. (ර)
අපේ දේශපාලකයෝ හිතන් ඉන්නේ අපේ රටේ ජනතාව තවමත් ගල් යුගයේ ජිවත් වෙන්නේ කියලයි. (ර)
දෙපිටකට්ටුවන් පර්ලිමෙන්ට් යවනවද නැද්ද රටේ ජනතාව තීරණය කරන්න ඕන. (ර)
මේ සිල්වා ඔක්කොම දන්නවා වගේ, එයාව අල්ලස් කොමිසමට හරි CID එකට හරි බඳවා ගත්තොත් FBI එකත් පරාදයි, අනේ සිල්වෝ කට වහන් ඉන්නවද, ඔහෙලට මහින්ද දීව්‍ය ලෝකේ ගියත් එකෙත් වැරද්දක් පෙනේයි! (ස)
ඔව් ඉතින්, කාව කාවත් හොඳින් තියාගන්න එක හොඳයිනේ. (ර)
සමහර අදහස් ගැන අපිට පුදුමයි (නි)
චමල් නං හොඳ බව පේනවා. (ර)
සුමුදුහේවා, මට ඔබට මොලය දෙන්න බෑ.
මේක සහතික ඇත්ත. ඔහු කවදාවත් මහජන දේපළ සොරකම් කළේවත් බලය අයුතු ලෙස භාවිතා කළේවත් නැහැ (නි)
මමත් කියන්නේ එතුමා හොර බොරු නැති කෙනෙක් (නි)
චමල් රාජපක්ෂ නිහතමානියි. (නි)
සුමනසේකර, ප්‍රකාශ්, ඉන්දික, තුසිත, දිල්ෂාන් සහ නන්දලාල්, ඔයාලා ඔක්කොම කතාකරගෙන වගේ මම කියන්න හිතූදේම කියනවා. තව කීදෙනෙක් මෙහෙම හිතනවා ඇද්ද? (නි)
චමල් රාජපක්ෂ මැතිතුමනි, අනේ පරිස්සමින්! (නි)
මෙයා නේද චන්ද්‍රිකා ගේ රෙදි ගලවන්න දැගලුවේ . (ස)
චමල් රාජපක්ෂ මැතිතුමනි, ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු සම්ප්‍රදාය රැකගැනීම ඇත්තේ ඔබතුමාගේ අතෙයි. (නි)
හරියට හරි ඉසුරන්දි. (නි)