සුදුසුකම් ඇති පුද්ගලයකු සෞඛ්‍යය ඇමැති ලෙස පත්කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලයි.
ඇමැති දොස්තර රාජිත සේනාරත්න අමාත්‍යංශයේ කටයුතු වලට දේශපාලනමය වශයෙන් මැදිහත් වන බවත් එය දිනෙන් දින ඉහළ යමින් තිබෙන බවත් කියන සංගමය ඔහුගේ බිරියද ඇමැති නියෝජනය කරමින් අමාත්‍යංශ රැස්වීම් වලට එන බවත් කියති.
අද පැවැති පුවත්පත් සාකච්ඡාවකදී සංගමයේ ලේකම් දොස්තර නලින්ද හේරත් හා මාධ්‍ය ප්‍රකාශක දොස්තර නවීන් ද සොයිසා ඇමැති විවේචනයට ලක් කළහ.
ඇමැතිගේ සමීපතම ඥාතියකු ගංවතුර අනාථයනට අමාත්‍යංශයේ බෙහෙත් අමාත්‍යංශ වාහන වලින් බෙදා දෙන බව දොස්තර නවීන්ද සොයිසා චෝදනා කළේය.
මේ අතර වෛද්‍ය මාරුවීම් පිළිවෙත උල්ලංඝණය කර ඇතැයි පැවසූ සංගමය ලබන 31 වැනිදා වැඩ වැරුමකටද සැරසෙන බවද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසනීපයක් වෙලා රජයේ ඉස්පිරිතාලෙකට ගිහින් බලන්න ඕන මෙයාලගේ ගෙම්බර්. ලෙඩෙක්ගේ දුක දන්නා අය ඉන්නේ සුළු පිරිසයි. ඇමැතිත් හරි කියල කියන්න බැහැ. අපිට පෙන්නේ දෙගොල්ලම එකයි. (ම)
නැවතත් ප්‍රේමදාස යුගයක් ඇතිකරගන්න වගේ උත්සාහය. (ම)
වෙනසක් ඉල්ලුවට කොහෙද වෙනස කලින් හිටපු හොරු ටික නැවත රජ කරනවා කිව්වට අල්ලපු හොරෙකුත් නැහැ බොරුව රජ වෙලා (ම)
ඇමැති අතින් වැරැද්දක් වෙල්ලා තියෙනවා නම් නීතියෙන් කටයුතු කරත යුතුයි (ම)
අනේ මෙයාට වඩා සුදුස්සෙක් කොහෙද? (ම)
මේ වැඩේ අනාගන්නේ නැතිව විසදා ගත්තොත් හොද යයි හිතන්නේ (ම)
ස්ට්‍රයික් කරන්න දෙන්න, හැබැයි චැනල් කරන්න දෙන්න එපා ඒකාලෙ අැතුළත, කලොත් අස්කරල දාන්න.(ම)
මොකක්දෝ කරුමෙකට, අපේ රටේ ඉන්න දොස්තරලත් ලෙඩ්ඩුනේ? (බ)
මේ වෛද්‍ය සංගමය ගැන කවර කතා ද ? (ම)
බොහොම හොද ඉල්ලීමක්? (ම)
ගංවතුර අනාථයන්ට අමාත්‍යාංශයෙන් බෙහෙත් බෙදා දීම වරදක් ලෙස සැලකීම හැර අනිකුත් කාරණා සත්‍ය නම් වැඩ වර්ජනය සිදුවී අසරණ රෝගීන් මියයාම් හෝ රෝගී තත්ව උත්සන්න වීම සිදුවීමට පෙර ඇමති ඉල්ලා අස්විය යුතුය (ම)
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවටත් වඩා බලයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හිමිකර ගැනීමට උත්සහ කරමින් සිටි. (ම)
බොහොම හොද තීරණයක් (ම)
අවූලක් නෑ කාලෝචිත ඉල්ලීමක් හැබැයි ඔහොම බැලුවොත් ඔය ඔක්කොම හොර ඇමතිලා මාරු කරන්න ඕන (ම)
මේ කියන මුල්‍ය සහ පරිපාලන අපරාධ වෙනවා නම් ඒවා නිතිය ඉදිරියට ගෙන ආ යුතු බව මේ උගත් දොස්තරලට තේරෙන්නේ නැතිද? (ම)
පවුල් වාදය ගැන කතා කරලා බලයට ඇවිත් කරන දේවල් .....යහ පාලනය (ම)
මෙහෙම එකෙක්කෙනා ඉල්ලන ඉල්ලන සැරේට ඇමතිවරුන්වයි, නිලධාරීන්වයි අස්කරන්න ගියොත් මොකද වෙන්නේ.(ම).
ලෙඩෙක් ගේ මූණ දිහාවත් නොබලා බෙහෙත් ලියන කට්ටිය තමයි ඔය සංගමයේ ඉන්නේ. හවසට මුදල් දීල ලෙඩ බලාගන්න තමයි අපේ කට්ටිය හුරු වෙලා ඉන්නේ (ම)
මෙතන වැරද්දක් ඇමති තුමා අතින් වෙලා තියනවනම් ඕනෑම කෙනෙකුට පුළුවන් සංගමය හරහා නීතියෙන් ක්‍රියා කරන්ඩ. දැන් රටේ නීතියක් තියනවා. අපේ සල්ලි වලින් පිනට ඉගෙනගෙන වැඩ වර්ජන කරන්ඩ දෙන්ඩ නරකයි ආණ්ඩුව.(බ)
අපි රැවටුනා ,බොරුව රජ වුණා, වෙනස බොද වුණා, නැවත ජන්දය දෙන්න ඕනෑ (ම)