ප්රථම වරට පැවැත්වෙන මහා බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි එළිසබෙත් රැජිණගේ තරුණ නායක සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික තරුණයකු හා තරුණියක සම්මාන ලැබීමට තේරී ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජූනි 22 වැනිදා බකිංහැම් මාළිගයේදී පැවැත්වෙන මෙම සම්මාන උළලේදී දෙවැනි එළිසබෙත් රැජින අතින් මෙසේ සම්මාන හිමිකර ගන්නේ තේජිත සෞභාග්‍ය එදිරිසිංහ හා කාවින්ද්‍යා තෙන්නකෝන් යන දෙදෙනාය.
තමා ජීවත්වන ජන කොට්ඨාශවල වෙනසක් ඇති කිරීමට ජන ජිවිතය ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කළ මෙහෙය නිසා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල තරුණ තරුණියන් අතරින් සම්මාන ලැබීමට සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 60 දෙනා අතරට තේරී පත්වීමට තේජිත හා කාවින්ද්‍යා සුදුසුකම් ලැබූහ.
මෙම සම්මාන උළෙල පැවැත්වෙන් ප‍්‍රථම වතාවටය. එය 2018 වසර වනතෙක් කි‍්‍රයාත්මක වේ.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රැජිණගේ සම්මානයට ලක් දරුවන් දෙදෙනකුට වරම්
නුවරඑළියේ වසන්ත Monday, 15 June 2015 03:46 AM
ආචාර්යතුමනි,ඔබතුමා ශක්තියක් ගැන කතා කරනවා. මෙහෙ මිනිස්සු වැඩි දෙනෙක් තමන්ටවත් රටටවත් ප්‍රයෝජනයක් නැති විදිහට නිකරුනේ කාලය කා දමනවා. ශ්‍රමයට මිලක් නැතුව උඩ බලාගෙන ඉන්නවා. (නි)
සුකිරි Monday, 15 June 2015 10:19 AM
අචරියතුමෝ... නිකන් වාචාල කන් දොඩවන්නේ නැතිව හිටියොත් හොඳ නේද. (ම)
ඉසුරන්දි Monday, 15 June 2015 04:13 AM
සුබ පැතුම්! (නි)
සී.කේ.ලංකාපුත්‍ර Monday, 15 June 2015 05:27 AM
අනාගත නායකත්වයට පෙර දැකුම් (ම)
වජිර Sunday, 14 June 2015 08:34 PM
සුබ පැතුම් අපෙන්! (නි)
කුමාර් Monday, 15 June 2015 07:04 AM
කාගේ රැජිනද?කව්දගණන් ගන්නේ (ම)
සුදෙල්මි Sunday, 14 June 2015 08:52 PM
රටට ආඩම්බරයක්! නමුත් සමහරු කියාවී විදේශ කුමන්ත්‍රණයක් කියලා. (නි)
විකුම් Sunday, 14 June 2015 10:20 PM
ඉතා විශිෂ්ට දෙයක්. දෙවන එලිසබෙත් මහා රැජිණට දිගාසිරි පතමි. (නි)
විජයබාහු Monday, 15 June 2015 08:06 AM
තමා ජීවත්වන ජන කොට්ඨාසවල වෙනසක් ඇති කිරීමට ජන ජිවිතය ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කළ මෙහෙය කුමක්දැයි දැනගන්නට තිබුනානම් ගොඩක් හොඳයි. එකත් දැනගෙනම කොමෙන්ට් එකක් දන්නා තිබුනානම් හොඳයි (බ)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 15 June 2015 12:35 AM
අපේ මුතුන් මිත්තන්ගේ විශ්මයජනක දක්ෂතා තුළින් අඛණ්ඩව පැවත ආ ජාන ශක්ති ධාරාවේ තවත් එක් නුතන අභිෂේකයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. දිවි හිමියෙන් අප විසින් රැකගත යුත්තේ ඒ විශ්මිත ශක්ති ප්‍රවාහයයි. (නි)