ප්රථම වරට පැවැත්වෙන මහා බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි එළිසබෙත් රැජිණගේ තරුණ නායක සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික තරුණයකු හා තරුණියක සම්මාන ලැබීමට තේරී ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජූනි 22 වැනිදා බකිංහැම් මාළිගයේදී පැවැත්වෙන මෙම සම්මාන උළලේදී දෙවැනි එළිසබෙත් රැජින අතින් මෙසේ සම්මාන හිමිකර ගන්නේ තේජිත සෞභාග්‍ය එදිරිසිංහ හා කාවින්ද්‍යා තෙන්නකෝන් යන දෙදෙනාය.
තමා ජීවත්වන ජන කොට්ඨාශවල වෙනසක් ඇති කිරීමට ජන ජිවිතය ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කළ මෙහෙය නිසා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල තරුණ තරුණියන් අතරින් සම්මාන ලැබීමට සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 60 දෙනා අතරට තේරී පත්වීමට තේජිත හා කාවින්ද්‍යා සුදුසුකම් ලැබූහ.
මෙම සම්මාන උළෙල පැවැත්වෙන් ප‍්‍රථම වතාවටය. එය 2018 වසර වනතෙක් කි‍්‍රයාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්යතුමනි,ඔබතුමා ශක්තියක් ගැන කතා කරනවා. මෙහෙ මිනිස්සු වැඩි දෙනෙක් තමන්ටවත් රටටවත් ප්‍රයෝජනයක් නැති විදිහට නිකරුනේ කාලය කා දමනවා. ශ්‍රමයට මිලක් නැතුව උඩ බලාගෙන ඉන්නවා. (නි)
අචරියතුමෝ... නිකන් වාචාල කන් දොඩවන්නේ නැතිව හිටියොත් හොඳ නේද. (ම)
සුබ පැතුම්! (නි)
අනාගත නායකත්වයට පෙර දැකුම් (ම)
සුබ පැතුම් අපෙන්! (නි)
කාගේ රැජිනද?කව්දගණන් ගන්නේ (ම)
රටට ආඩම්බරයක්! නමුත් සමහරු කියාවී විදේශ කුමන්ත්‍රණයක් කියලා. (නි)
ඉතා විශිෂ්ට දෙයක්. දෙවන එලිසබෙත් මහා රැජිණට දිගාසිරි පතමි. (නි)
තමා ජීවත්වන ජන කොට්ඨාසවල වෙනසක් ඇති කිරීමට ජන ජිවිතය ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කළ මෙහෙය කුමක්දැයි දැනගන්නට තිබුනානම් ගොඩක් හොඳයි. එකත් දැනගෙනම කොමෙන්ට් එකක් දන්නා තිබුනානම් හොඳයි (බ)
අපේ මුතුන් මිත්තන්ගේ විශ්මයජනක දක්ෂතා තුළින් අඛණ්ඩව පැවත ආ ජාන ශක්ති ධාරාවේ තවත් එක් නුතන අභිෂේකයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. දිවි හිමියෙන් අප විසින් රැකගත යුත්තේ ඒ විශ්මිත ශක්ති ප්‍රවාහයයි. (නි)