අම්පාර උහන ප්‍රාදේශිය ලේකමි කොටිඨාශයේ පිහිටා තිබෙන ඓතිහසික රජගලතැන්න පුදබිමේ කැණිමි සහ සංරක්ෂණ කටයුතු පුරා විද්‍යා දෙපාර්මේන්තුවේ සහයෝගයෙන් සාර්ථකව සිදු කර ගෙන යන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය පී බී මණඩාවල මහතා කියයි.
ක්‍රිස්තු පූර්ව 119 පමන සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජතිස්ස කුමරු මෙම පුදබිම ඇරැඹූ බව මහා වංශයේ සඳහන් වෙතියි ඉතිහාසඥයෝ කියති.
කැණිමි වලදි පළමුව රජගලතැන්න කන්දට නැගිමට ඇති නැගෙනහිර පෙත්මග සොයා එය සංරක්ෂනය කළේය. කන්ද මුදූනේ ඇති ආසනගරය , ගල් පාත්‍රය අසල ඉපැරූණි ගොඩනැගිල්ල ද සංරක්ෂණය කරමින් යන බව පුරාවිද්‍යාඥයෝ කියති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැවේ වැව් බැම්ම කැඩිල පස් ගොඩවෙලා වතුර පොදක්වත් තිබුනේ නෑ මේ වැව මේ තත්වයට ප්‍රතිසංස්කරණය කරන්න මුලිකත්වය අරන් තම ශ්‍රම දායකන්වයද දෙමින් වැඩ කළේ ජපුර. වි. වි හිටපු උපකුලපති කරුණාරත්න මහතායි. එහි දී එතුමාව විවෙචනය කරන්න එක්තරා විද්යුත් මාධ්‍යයක් උත්සාහ කළා මට මතකයි. අද ඒ මාධ්‍යයට ලැජ්ජ වියයුතුයි මේ පිරුණ දිය දැකලා (බ)
මම දන්න තරමට ලංකාවේ හරි ඉතිහාසය තවම පැටලිලි සහගතයි ! බුදුගල රජමහ විහාරය,බබරගල රජමහ විහාරය,හිරුවඩුන්න ශ්‍රී මහා බෝදිය සංකස්ස විහාරය මෙවැනි විශාල තැන කිහිපයක හරිහැටි නිගමනවලට ඇවිල්ල නැහැ වර්තමානයේ ගොඩක් කතා බහට ලක්වෙලා තිබෙන බුදුන් වහන්සේගේ හරි නිජබිම ජම්බුප්දිප යනු ශ්‍රී ලංකාවයි දීපය යනු දිවෛන්කි මේ පිලිබදව නැවත සොයා බලන්න කියල බලදරින්ගෙන් ඉල්ලනේ.(කේ)
ඔය භූමියෙහි පස් යට සැඟවී තියෙන අතීත කතාව මා බොහෝ හොඳින් දන්නා නමුත් එය මෙහි නොලියමි. එහෙත් මේ කැණීම් ඉතා කඩිනමින් නිමවී සිරි දළදාව බබළන මේ සිරිලක ලොව උතුම්ම රට බවට පත්වූයේ ඇයිදැයි බොහෝ ඉක්මණින් හෙළිවේවායි පතමි. (නි)
ඇයි මේවා මෙච්චර කල් සංරක්ෂණය නොකළේ (බ)
2009 අපි රජගල ගියා. මහා කැලේ නටබුන් තිබ්බේ. සිවිල් ආරක්ෂක නිලදාරීන් විතරයි හිටියේ. දකින්නත් ආසයි කැනීම් වලට පස්සේ. (බ)
මේ ස්ථානය රහතුන් වැඩසිටි මහා වටිනා තැනක් ...!! උන්වහන්සේලා ඉවතට ගිය කාරණාව මේ ගමේ මිනිසුන් දන්නවා !! (ම)