හිටිගමන් අතුරුදන්වූ රාජගිරිය හේවාවිතාරණ විදුහල්පති නාගසිංහ චිත්‍රපාල මහතා දින හතකට පසු පොළොන්නරුවේ සිට ඉරිදා රාත්‍රියේ සිය නිවසට පැමිණි බව පොලිසිය කියයි.
කලිසමක් ඇඳගෙන ගිය ඔහු පැමිණියේ සරමක් ඇඳගෙනය. නිවසට පැමිණි ගමන් පොලිසියට ගිය ඔහු කියා ඇත්තේ තමාට සිදුවූ කිසිවක් මතක නැති බවය. ඒ සමගම ඔහු රෝහල් ගත විය.
මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් පාසලේ මහින්දෝදය විද්‍යාගාරය විවෘත කිරීමට පැය කිහිපයකට පෙර චිත්‍රපාල මහතා පාසලෙන් අතුරුදන් විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛයිත්‍රී මහත්තය ගියත් හරි බන්දුල පෙරේරා මේ තීරුවේ නැහැ. මෛත්‍රී මහත්තයා වාරණයක් වත් දැම්මද? (නදී)
සරන් ජාති දෙකක් තියෙනවා. එකක් ඔලුවෙන් දාන්න පුළුවන් සරම. අනික කකුලෙන් දාන්න පුළුවන් සරම. මෙතුමා පාවිච්චි කලේ මේ දෙකෙන් කෝකද දන්නැහැ...? අමුත්තෙක්, ගෙදරට නවතින්න ආවහම දෙන්නේ ඔලුවෙන් දාන්න පුළුවන් සරමක්. (නදී)
මේ කතාව තේරුම් ගන්න බෑ.මතක නැත්තම් ගෙදර ආවේ කොහොමද?(හේ)
අන්න සත්‍ය විස්තරය පල වෙලා තිබෙනවා අන්තර්ජාලයේ පුලුවන්නම් බලන්න. රටකට ගිය කලක්. හරිම දුකයි. (නදී)
පිටසක්වලින් අරන් ගියාද දන්නේ නැහැ. එහෙම ගෙනිච්චමත් අමතක වෙනවා කියල කරපු පර්යේෂණ වලින් පෙන්වල දීල තියෙනවා. එ්ත් මේතැන ඒවගේ දෙයක් වෙන්න තියෙන හැකියාවට වඩා උත්සවයක් තිබ්බ එකට සම්බන්දයක් නැතිවම කියල කියන්නත් බැහැ. (නදී)
ඉස්‍කෝළෙට ගිහිල්ල මොනවා කොරයිද දන්නේ නෑ. අන්තිමට කියයි මොකවත් මතක නෑ කියලා. ළමයිනේ ප්‍රවෙිශම් වෙයල්ලා (නදී)
මෙතුමාට මෙතරම් අමතක වෙනවා නම් පාසලක විදුහල්පති තනතුර සඳහා සුදුසුද? (නි)
හැමෝම කියන කතාවනේ මතක නැහැ කියන එක (දී)
කාගේ සරමක්ද දන්නෙ නැහැ ඇඳගෙන ආවේ, මෙහෙම ඔක්කොම මතක නැතිවෙන්න (නි)
ඇත්තටම වෙච්ච දේ දැනගන්න විදියක් නැද්ද මෙතුමා මෝහනය කරලාවත්? (නි)
මේ මතක නැහැ කියන කතාව විහිළුවක් නෙමෙයි (නි)
අපේ සර් ළමයින්ට මොනවා ඉගැන්නුවද දන්නෙ නැහැ මෙහෙම බලනකොට (නි)
මේක නම් ඇත්තම කතාවක්. කඳුකරයේ කර්මාන්ත සලාවක හිටිය මැනේජර් කෙනෙකුට හරියට අමතක වෙන ගතියක් තිබුනා, ආයතනයේ රැස්වීම් වලදී එ්ක හොඳින්ම කැපී පෙනුනා. ඊට පස්සේ පොතක් අරගෙන එ්කේ කරුණු ලියාගෙන ගියාට අනික් දවසේ පොත අමතක වෙලා. කොහොම හරි බයික් එකේ වැඩට ගිය මොහුට ආයතනයෙන් කාර් එකක් ලබා දුන්නා. දවසක් නිවාඩු දවසක කාර් එකේ පොලට ගිහින් එළවලු බෑග් එකත් අරන් බස් එකේ ගෙදර ආවම නෝනා ඇහුවලු කෝ කාර් එක කියලා. ෂාහ්! එ්කත් අමතක උනා කියලා ආපහු බස් එකේ ඉහින් කාර් එකේ අරන් ආවලු. (නදී)
මේක පුදුම ලෝකයක් (නි)
දැන් මේ සමහරු කියයිද දන්නෙ නැහැ මේකටත් ආණ්ඩුව පළි කියලා (නි)
කවුරු වැලේ දාපු සරමක්ද දන්නෙ නැහැ ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ? යසට හිටි කෙනාට උතුර දකුණ මාරුවෙන්න හේතුවක් නැහැනේ. (නි)
ඔහු මේ වෙලාවේ අහිංසකයි. මම ඔහුට අනුකම්පා කරමි.වෙන කියන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. (නි)
කවදා හෝ සත්‍යය හෙළිවේවි (නි)
අනේ මන්දා! මෙයාට මොනවා වුණාද? (නි)
මෙතුමාටත් අර අමතකවීමේ රෝගයද? (නි)
එතකොට ජොහාන් සරම නැතිවද හිටියේ. වට පිට කවුරුත් හිටියේ නැත්ද.(නදී)
මෙතුමාට මෙච්චර අකරතැබ්බයක් වෙන්න තරම් මොකක්ද දෙවියනේ වුණේ? (නි)
දැන් පෙන්වනවා "මට මතක නැත ".(හේ)
දැන් මේකට පළි ඇඳගෙන ආපු සරමද? (නි)
මේකට තමයි කියන්නේ මැරයන් විසින් ඇතිකරන මරණ බය (නදී)
බන්දුල වැලේ වනපු සරමක් නැති වෙලාලු. (නදී)
පිටරටවල නම් අතුරුදවීම ගැන ආරංචි වෙන්නේ ඉතා කලාතුරකින්. මෙහෙ නම් මේක සාමාන්‍ය සිරිතක් බව පත්වෙලා. ඡන්ද නිසා මේක ඉදිරියේදී තවත් වැඩිවේවි.(හේ)
මේ කතාව පිටුපස ලොකු රහසක් තියෙනවා.හොයලා බලන්න.(හේ)
මේක අහපු ගමන් මටත් මගේ සරම තිබෙන තැන අමතක වුනා. මේක අරුම පුදුම රටක් බවට පත් වේගන එනවා. ඔක්කොටම අමතක වෙන ලෙඩේ. (නදී)
දැන් මේ රටේ දේශපාලකයාගේ සිට තනතුරු දරන උගතා දක්වාම දිමේන්ෂියා නැතහොත් ඇල්සයිමර් ලෙඩේ හැදෙන එක ඉතාම භයානක තත්වයක්. මේවා කාට කියන්නද. (නදී)
මේ යන ක්‍රමයට අපේ ඉරණමත් කොහොම කැරකෙයිද දන්නේ නැහැ. ඊට කලින් වෙනසක් වුනොත් (නදී)
සියලු දේ අමතකවෙලා යන්න තරම් මොකක්ද දන්නෙ නැහැ සිද්ධ වුණේ? (නි)
එක්තරා කතාවක් තිබුනා මේ විදුහල්පතිට නිතර තර්ජන තිබුනා කියලත් (නි)
නාලක ඔයා හරි. එයා ගිහින් තියෙන්නේ මෙත්‍රීපාලගේ වැඩකට තමයි (නදී)
කොහොම හරි ජිවිතේ බේරාගෙන ආපු එක ලොකු දෙයක් .ඔබට ඉක්මනින්ම සියලු දේ මතක් වේවා (අ)
පොදු අපේක්ෂකය කරන්න උස්සන්න ඇති. පස්සේ කෙනෙක් හම්බ වුණ නිසා ගෙදර එවන්න ඇති. (අ)
මොකක්ද මේ සර්ට වුණේ එතකොට? (නි)
මෙයත් හරියට පොදු අපේක්ෂක වගේ.මේ නෑ මේ ඉන්නවා(දිල්)
ඉස්කෝලේ ඉගැන්නුවට බොරු කියන්නේ ඔහොම නෙමෙයි. (නදී)
මෙතුමා ඇඳන් ආවේ කොටු වැට්ච්ච සරමක්ද ? (ස)
මගේ නිවාස ඉදිරිපිට වනා තිබු සරම දින කීපයකට පෙර නැති වුනා . මටම ආවේනික සුවඳකින් යුත් මෙම සරම පමණි මට තිබුනේ. දැනට නෝනගේ කම්බායක් ඇඳගනයි ඉන්නේ !! කරුණාකර සොයා දෙන්න ! (ස)
අපිට යමක් තේරෙනවා මේ ගැන (නි)
මෛත්‍රී මහත්තයා ගියත් හරි , මටත් වාරණයක් වැටිලා වගෙයි.මොනවා කරන්නද? මම මේ දවස් වල පොළොන්නරුවේ පැත්තෙන් කුඹුරක් අඳයට අරගෙන ඒක හාගන්න දඟලනවා (නි)
වෙනෙත් සම්බන්දයක් මොකුත් ඔහුට තියෙනවද? සොයා බැලුවොත් නරකද?(හේ)
තමන් දන්නා එකම දේ තමන් නොදන්නා බව කීමයි .මේක කියූ කෙනා මටත් මතක නැහැ. අර මතක පෙත්ත ආ දාට ඔය සෙල්ලම් ඉවරයි (නි)
අයියෝ! මේ මොකද වෙන්නේ? (නි)
අනේ මන්දා! අපිටත් දැන් උන්හිටි තැන් මතක නැතිවෙනවා මේවා අහනකොට ! (නි)
මුල අමතක වීමේ ලෙඩේ තමයි වැඩියෙන්ම තියෙන්නේ.(හේ)
පත්තරේටත් තර්ජනයක්ද ? අපි උදේ ඉඳල ලියන ප්‍රතිචාර වැටෙන්නේ නැහැනේ. (නදී)
පවුල පොලොන්නරුවෙන්ද(අ)
මෙයා යන්න ඇත්තේ සුදු වැන් එකක. ඒකයි මතක නැත්තේ. පුදුමයි ආපහු ආවා.(අ)
මෙහෙව් රටේ වැඩ කිව්වලු. මොකද මේ වෙන්නේ ? (නදී)
බන්දුල පෙරේරා සද්දයක් නැත්තේ එයාටත් අමතක වෙන ලෙඩේ හැදිලා වද්ද ? එහෙම නැති නම් එයත් පොළොන්නරු ගිහිල්ලද ? (නදී)
කියා සග නහි නොකියා වෙහෙර නහි වගේ වැඩක් තමයි වෙලා ඇත්තේ පව් මොනවා කරන්නද ?පුවත කියවනකොට තේරෙන්නේ නැද්ද කවද්ද අතුරුදන් උනේ කියලා (නදී)
අමතක වෙන්න එන්නතක් විද්දද දන්නේ නැහැ නේද? (නදී)
කිසිදෙයක් මතක නැහැ. හැබැයි ගෙදර එන්න මතකයි නේද? කාටද ඉතින් මේවා කියන්නේ? (නි)
අමතක නොවී කොහොමද? මේක ලංකාවනේ. (නි)
පොළොන්නරුවේ සිට? අනේ අපේ මේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල මහත්තයාගේ වැඩකට වත් ගියාද මහින්ද ජනාධිපතිතුමාව මග ඇරලා. ? (නදී)
දරුවන්ගෙ පාසැල්බිම තමයි. ඒත් ගුරුවරු අතර තරම් කපාකොටා ගැනි්ම් වන කොහේවත් නැති තරම්. මේ එතුමාට ලැබෙන්ට තිබූ වටිනා අවස්ථාවක් මගහරවන්නට කරපු ලොකු ගේමක් ෂුවර් එකටම. (නදී)
"මට මතක නැහැ" දෙවන කොටසද දන්නේ නැහැ. (නි)
මොකද මෙයා පොළොන්නරුවේ ඉඳලා රාජගිරියට ආවේ? පොළොන්නරුව පොලිසියට සිද්ධිය දැන්වූයේ නැද්ද? ඒකත් අමතක වෙන්න ඇති නේද ? ගෙදරට එනකම් සනීපෙන් ඉඳලා තියෙනවා. ඊට පස්සෙද රෝහලට යන්න තරම් අමාරු වුණේ? (නි)
මතකය නැතිවෙලා සරමක් ඇඳගෙන ආවාලු. මේක අහලා මටත් මගේ සරම කොහෙද කියල මතක නැහැ වගේ. (නදී)
මේ දවස් වල පොළොන්නරුව කියන නම ඇහෙනවා බොහොම වැඩියි (නි)
දැන් අපට හිතන්න වෙන කියන්න දෙයක් ඉතුරුවෙලා නැහැ ? කාට කාටත් කතිරේ බලය පෙන්වන්න හොද වෙලාව මිනිසුනේ (නදී)
මෙයාව උස්සල වැඩේ දෙන්න ඉස්සර දේශපාලන අලකලංචි පටන්ගත් හින්දා වැඩේ ගැස්සෙන බව තේරිලා බිය ගන්වල නිදහස් කලාවත්දෝ කියල සැක හිතෙනවා. (නදී)
දෙහිවල පැත්තේ දොස්තර මහත්තයෙකුටත් උනා මේ වගේ වැඩක්. එයා ගෙදර එනකොට එයාගේ ඉඩම වෙන කෙනෙක්ට අයිති වෙලා. එයාටත් මතක නැහැ කව්ද ඉඩම ලියාගත්තේ කියලා (නදී)
භානුගේ කතාව ඇත්ත. (නදී)
අවේ පොළොන්නරුවේ සිට නම් මේකත් අයියෝ සිරිසේන මහත්තයගේ වැඩක්ද? (නදී)
මෙතුමා අපේ අර අමතකවෙන දේශපාලකතුමාගේ නෑදෑයෙක්ද දන්නෙ නැහැ (නි)
මේ සතියේ විහිළු කතාව මේක.(හේ)
අපේ රටේ මිනිසුන්ට මොනවා වෙලාද මන්දා.මේවා බලනකොට අපිටත් පිස්සු හැදෙනවා. (නි)
තව දින කීපයකින් ඇත්ත එළිවෙනතුරු මම බලා ඉන්නවා. (නි)
දැන් කොහොමද ගෙදර ඇවිත් තියෙන්නේ ? පුද්ගලික වාහනයකද නැති නම් බස් එකේද ? (නදී)
බන්දුල පෙරේරවත් කවුරු හරි උස්සලාද මන්දා. මිනිහාගේ සද්දයක් නැහැනේ .(අ)
මේ විදුහල්පති තුමා ඉතාම කැපවීමෙන් රාජකාරි කරන කෙනෙක් නේද? අවසන් දින වල රාත්‍රී 11 වනතුරුත් පාසලේ වැඩ කරලා තියෙනවා. මේ සිදුවීම විහිලුවකට ගන්න එපා. අවංක රජයේ සේවකයින්ට ඇඳිවත විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඒකත් අනුන්ගේ සරමක් වීම මහා ඛේදවාචකයක්. මොහුට සිහි නැති කරන බෙහෙතක් දෙන්න ඇති. (නදී)
ජනවාරි 8 වෙනිදායින් පසුව විදුහල්පතිතුමා කියයි ඇත්තටම මොකද වුනේ කියල .(අ)
මුකුත් මතක නැත්තම් ගෙදර ආවේ කොහොමද?(හේ)
දේශපාලකයින්ටත් (දුමින්ද) අමතක වෙන රටේ විදුහල්පතිතුමාට අමතකවීම සාධාරණයි.(අ)
ඇති යන්තන් (නදී)
හුගක් අයට අමතකවෙන්නේ ගෙදරනෙ. මෙයාට ගෙදර හරි මතක තිබ්බ එක ලොකු දෙයක් නේද බමුණු මහත්තයෝ. (අ)
කෝ එතකොට කලිසම (නදී)
වැඩේ තියෙන්නේ පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයයි ගෙදර දුරකථන නොම්මරයයි හොඳට මතක හිටලා. (ර)
පොදු අපේක්ෂකයා කරන්න උස්සන්න ඇති. (නදී)
සරම ඇදගන්නයි, පොළොන්නරුවේ ඉදල ගෙදර එන්නයි, මතක තිබුනද. මේ කතා හොදයි කොන්ඩේ බැදපු චීන්නුන්ට. විදුහල්පති වුනත් පොලිසිය සතුව ක්‍රම තියෙයි හරි විස්තරේ දැන ගන්න.(අ)
මතකෙට වඩා දරු පවුලයි ජීවිතයයි වටිනවනේ මිනිස්සුන්ට. එකයි ඔහොම අමතක වෙන්නෙ.(හේ)
වාසියට මට මතක නැහැ කියන සමාජයක් දේශපාලුවන් විසින් නිර්මාණය කර ඇත. (අ)
පොදු අපේෂකයා මුණ ගැහෙන්නවත් ගියාද.(හේ)
එතකොට මේ සර්ට අමතක මේ දවස් 7 සිදුවුණා දේවල් විතරද?ඇති ගෙදර හොයන් ආවා. කොහොම උනත් ජිවිත හානියක් නොවුන එක ගැන හරිම සතුටුයි. (නදී)
මන් හිතුවා මේ සිද්දියත් මහින්ද මහත්තයාගේ එකවුන්ට් එකට දායි කියලා.(අ)
මෙතන ප්‍රසිද්දියේ කියන්ඩ බැරි දෙයක් සිද්ද වෙලා ඇති. පස්සේ ඇත්ත එලි වෙයි කාලයට ඉඩ දෙමු (නදී)
දෙවි හාමුදුරුවනේ මෙයාගෙන් ශිල්ප හදාරන ළමයින්ටත් මෙහෙම අමතක උනොත් විභාග වලින් ජය ගනීද ? (නදී)