ශ්‍රී ජයවර්ධනපුර ඔස්සේ ගමන් කරන මගී ජනතාවට පහසුකම් සැළසීම සඳහා රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් ජුනි 6 වැනිදා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව විදේශ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් සූරියආරච්චි, පියල් වර්ණකුලසූරිය හා ව්‍යාපෘති ඉංජිනේරු හිමන්ත ජයලත් මහත්වරු සමග කොළඹදී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔහු එසේ පැවසීය.
මෙම ව්‍යාපෘතිය සිදුකිරීමේ අරමුණ වී ඇත්තේ නෙළුම් පොකුණේ සිට බත්තරමුල්ල දක්වා ගමන් කිරීමට ගතවන කාලය 50%කින් අඩුකිරීමයි. මීට අමතරව, මහ නගර සංවර්ධන සැළසුම යටතේ කොළඹ නගරයේ රථ වාහන තදබදය අඩු කිරීමට රජය විසින් ශක්තිමත් සැළසුමක්ද යෝජනා කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ නියෝජ්‍ය අමාත්‍ය වරාය පාරවල් හදන එකද කරන්නේ (බ)
හර්ෂ මහත්මයාගේ අමාත්‍යාංශයෙන්ද පාරවල් හදන්නේ රෝඩ් ඩිවලොප්මන්ට් එකෙන් හෝ මෙගොපොලිස් අමාත්‍යාංශයෙන් ද? හැමෝම ප්‍රකාශ කරනකොට නියම මෙහෙයවන්නා ජනතාවට අපැහැදිලි වෙනවා නොවේද ? (බ)
මීට වඩා හොඳ නැද්ද, වතුර බැහැල යන කාණු මුලින්ම හැදුවොත්, අපි දැක්කනේ විනාසේ (ම)
ඉතා හොඳ වැඩක් සුබපැතුම්! (ම)
හොද දෙයක් (ම)