පසුගිය 3 වැනිදා රාජගිරියේදී බත් කමින් සිටියදී වෙඩි තබා මාතර හර්ෂණ යසස් ශ්‍රී (35) මරා දැමූ බව කියන තිස්සමහාරාමයේ කළු සාගර, බත්තරමුල්ලේ සුරංග හා රාජගිරියේ මන්චි තිදෙනා අද (31) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සමයන් සමග හිරේ දී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් හර්ෂණ වෙඩි කන්නට ඇතැයි ද ඔත්තු බැලීමට යොදා ගත් කාරයද ඝාතකයන් පැමිණි යතුරු පැදියද සොයාගත් බවත් පොලිසිය පවසයි.
කළු සාගර තිස්සමහාරාමයේ මිනීමැරුම් පහකට හයකට සැකකැරෙන බවට ලැබී ඇති තොරතුරු සත්‍යදැයි සොයා බලන බවද පොලිසිය කියයි. මෙම ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd