පසුගිය ජනාධිපතිවරණ කාලයේ දී හේමකුමාර නානායක්කාර මහතා මහනුවර පැවති ජන හමුවකදී කළ කතාවකි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ සිටින කාලේ පණිවිඩයක් ලැබුණලු මේ පාරනම් වැඩේ කපෝතියි කියලා. අරලියගහ මන්දිරයට ඉන්දියාවෙන් සාස්තර කාරයෙක් ගෙන්නුවලු. ඒ සාස්තරකාරයා කිව්වලු රජ ගෙදර පවුකාරයා හොයලා එයාව රටෙන් තාවකාලිකව පිට කරන්න ඕන කියලා. මහින්ද මහත්තයට ජනාධිපතිවරණයෙන් යන්තම්වත් හුස්ම අල්ලන්නනම් මේ විදියට කරන්න ඕන කිව්වලු.
ඉතින් ඔන්න සාස්තරකාරයා ඇවිල්ලා රාජපක්ෂවරු සියලු දෙනාම රවුමට තිබ්බලු. මහින්ද රාජපක්ෂ මහත්තයව වාඩි කලාලු කමිසෙ ගැලෙව්වම කිරි අප්පො වගේලු. ඊළඟට හොර පූසා බැසිල් රාජපක්ෂලු. අනිත් අනිත් පැටවු ටිකත් වටේට තියල ගුරුන්නාන්සේ පටන් ගත්තලු මතුරන්න.
ඕං ආටක නාටක සාටක සුම්මම් ඕඩි අලප්පම් ආම් බාම් බුරියම් බුෂ් කියල කලං කරගෙන අන්තිමට නවතින්නෙම මහින්ද ළඟලු. ආපහු ගණන් කරගෙන ආවත් නවතින්නේ මහින්ද මහත්තය ගාවලු. හොර පූස වගේ බැසිල් කියනලු අයියේ ඔහෙට තමා රටින් යන්න වෙන්නේ කියල.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා දැන් ඔය පිස්සු කිව්වට බේර ගත්තේ මහින්ද තමයි. (නදී)
මට පන්සල්වල නිදන් හාරන්න ගිය කෙනෙක් මතක් වුණා. (නදී)
මෙයා කිව්වා වගේ මහින්ද රටින් ගියේ නෑනේ ...ගියේ ගමට. එත් රටේම මිනිස්සු ඔහු බලන්න ගමට යනවා ...ගමේ මහින්දයි නගරේ චන්ද්‍රිකා නෝනයි අතර වෙනස මිනිස්සුන්ට දැන් හොඳටම දැනෙනවා ..මොකද බලය ගන්න ලේසියි ඕන බොරුවක් කියන්න පුළුවන් බලය ගන්න. හැබැයි බලය රැකගන්න - ගන්න වගේ දහස් ගුණයක් ශක්තිය ඕන . (ස)
ඉන්දියන් සාස්තර කාරයයි, ගාල්ලේ කෙන්දරකරයයි (සුමනදාස නේද එයාගේ නම ?) දෙන්නම එක වල්ලේ පොල් වගේ නේද ? (අ)
ඒ දිනවල ඔබම මාධ්‍යයට පැවසු පරිදි, දේශපාලනයෙන් විශ්‍රාම ගන්නට සුදානම් වූ ඔබට,සැහැල්ලුවෙන් සේවය කල හැකි ජනාධිපති උපදේශක තනතුරක් ලබා දුන් මහින්ද රාජපක්ෂ මහතා ගැන නේද ඔබ කියන්නේ. ඒ ඔබමද මේ ! ලංකා දේශපාලනය කියන්නේ මහා පුදුම විෂයයක් . (අ)
හැම පක්ෂයෙන්ම එලවපු පව්කාරයා මෙයා තමයි (බ)
හැම පක්ෂයෙන්ම එලවපු පව්කාරයා මෙයා තමයි (බ)
මේ වගේ අයට අපි නම් ඡන්දය දෙන්නේ නැහැ. (අ)
අයියට වගේමයි මෙයාටත් (බ)
දිව දෙකේ අය කියන්නේ මේ වගේ අයට තමයි. (බ)