රාජාංගණය ජලාශයේ වාන් ජලය නිසා ඒ අවට ග්‍රාම නිලධාරී කොට්ඨාස කීපයක ජනතාව ජලගැල්මට හසුවී අවතැන් වී ඇති අතර දින කීපයක් කඳවුරු වල සිටි ජනතාවට ලැබී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිට පමණක් බව කියති.
නිවෙස් වල අඩි 5-7 ප්‍රමාණයට ජලය ගැලීම නිසා පොත්පත්, ඇඳුම් ආදී බොහෝ දේ ඔවුනට අහිමිවී ඇත. ගොවිතැනින් ජිවත්වන මේ පිරිසගේ වගාබිම් ද ගංවතුරට විනාශවී ගොස්ය.
දඹුල්ල උයන්වත්ත පුරාණ විහාරයේ විහාරාධිපති හල්මිල්ලාවේ ප්‍රේමරතන හිමියෝ සිය ගෝල හිමිවරුන් සමග මේ ජනතාවට අවැසි භාණ්ඩ ආහාර සොයා පිඩු සිගා වැඩියහ.
දඹුල්ල නැණසල ප්‍රධානි චන්දිම බණ්ඩාර මහතා සිය ගෝලයන් සමග ආධාර එකතු කළහ. ඉනාමළුව පන්සලේ විහාරාධිපති නින්දපැල්ලේ උදිත හිමියෝ ද සිය දායකයන් සමග එක්වී ජනතාවට අවැසි භාණ්ඩ එකතු කළහ.
මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර මහතා ,දඹුල්ල පහලවැව සණස සමිතියේ සභාපති නීතිවේදී කේ .ජි .විජේරත්න මහතා, කලාවැව ධාතුසේන එක්සත් මරණාධාර සමිතිය ,අනුරාධපුර තුරුණු සමිතිය එක්ව මේ භාණ්ඩ එකතු කොට මේ ජනතාවට ලබාදීමට පියවර ගත්හ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදර්ශමත් බුද්ධ පුත්‍රයන් ගැන හදපිරි සතුට. බුදු සසුන බැබලේවා. (බ)