වසර 13ක් තිස්සේ ඇමෙරිකා ඩොලර් ලක්ෂය (රුපියල් 14856000) බැගින් වූ වාර්ෂික වැටුප් ගෙවූවද තමන් ගෙන් කිසිදු සේවයක් ලබා නොගත් බවට චෝදනා කරමින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු ඔහු සේවය කළ ස්ථානයට එරෙහිව පැමිණිලි කිරීමේ සිද්ධියක් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත් සේවය වාර්තා කළේය.
මෙලෙස සිය සේවා ස්ථානයට එරෙහිව එරට පොලීසියට පැමිණිලි කර ඇත්තේ නිව්යෝර්ක් හි පිහිටි ‘සිටි යුනිවර්සිටි ඔෆ් නිව්යෝර්ක් ‘ යන විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයේ සේවය කරන හරේන්ද්‍ර හුරල්ඩ් සිරිසේන නැමැති හැත්තෑ දෙහැවිරිදි අයෙකි.
ශ්‍රී ලංකාවේ උපත ලැබූවෙකු වන සිරිසේන මහතා සිය පැමිණිල්ලෙන් කියා සිටින්නේ වැටුප් ලැබූවද තමාගේ දැනුමින් ප්‍රයෝජන නොගැනීම නිසා පසුගිය වසර 13 ක කාලය පුරාම තමන් විශ්ව විද්‍යාලය අසල උද්‍යානයේ සිටින කුරුල්ලන්ට හා ලේන්නුන්ට ආහාර ලබා දීමත්, ක්‍රිකට් හෝ පාපන්දු තරඟ නැරඹීමත්, සංගීතයට සවන් දීමත්, පරිගණකය ඔස්සේ ග‚ත ගැටළු විසඳීමත් පමණක් කළ බවයි. මෙලෙස ගෙවුණු කාලය පුරා තමන් කිසිදු රාජකාරියක් සේවාවක් ඉටු නොකර ඇමෙරිකන් ඩොලර් මිලියනයක මුදලක් ලබා ගත් බවද සිරිසේන මහතා පෙන්වා දේ.
මේ තත්ත්වය තුළ ඇතැම් අවස්ථාවන්හිදී තමන්ට නොදැනුවත්ම නින්ද යාම සිදු වූ බවද සිරිසේන මහතා කියා සිටින බව නිව්යෝර්ක් පෝස්ට් පුවත්පත් උපුටා දක්වමින් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
කොළොම්බියා විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරියෙකු වන සිරසේන මහතා එරට මූල්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිව් වසරක සේවා කාලයකින් අනතුරුව 1995 දී ‘සිටි යුනිවර්සිටි ඔෆ් නිව්යෝර්ක්‘ හි කාර්ය මණ්ඩල සේවකයෙකු වශයෙන් එක්වී ඇත. විශ්ව විද්‍යාල සේවයට එක්වූ මුල් කායේදී සිරිසේන මහතාගේ සේවා ඵලදායිතාවය උපරිමයෙන්ම ලබා ගෙන ඇති අතර ඔහුට මෙලෙස වැටුප් හිමි වුවද රාජකාරී කටයුතු නොලැබී ඇත්තේ 2003 වසරේදීය.
මෙලෙස නිසි පරිදි තමන්ගෙන් රාජකාරී සේවා ඉටු කර නොගැනීම සම්බන්ධයෙන් සේවා ආයතනයේ බලධාරීන්ට කොතෙකුත් දැනුම් දුන්නද ඒවායේ කිසිදු ප්‍රයෝජනයක් නොවු බවද ඔහු කියා සිටී.
එම වසරේ සිට ගතවූ වසර 13 පුරාම දැනුම්දීමකින් තොරව වැටුප් ගෙවමින් තමන්ගේ දක්ෂතාවයෙන් හා පළපුරුද්දෙන් කිසිදු වැඩක් නොගැනීම සම්බන්ධයෙන් නිව්යෝර්ක් ප්‍රාන්ත පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමට සිරිසේන මහතා කටයුතු කර ඇතැයි ඉන්දියන් එකස්ප්‍රස් පුවත්සේවා වාර්තාවේ සඳහන් වේ.
මේ අතර සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හා ඇමෙරිකාවේ හිටපු නීතිපතිවරයෙකු වන ඔලිවර් කොපෙල් මහතා සඳහන් කරනුයේ සිය සේවා දායකයාට මෙලෙස සිදු වීම මහජන මුදල් අපතේ යාමක් ලෙස සලකා අදාළ විශ්ව විද්‍යාලයට එරෙහිව ළඟදීම එරට අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාත් කියන්නේ නම ලාංකික වුණාට ලාංකික කෙනෙක් නම් වෙන්න බැහැ (නි)
මට නම් මේක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. කොහොමත් පොඩි පොඩි පිස්සු වැඩ කරනවානේ. (නි)
ඉතින් මෙයාගේ මේ මහා දැනුමින් තමුන්ගේ උපන් රටට සේවයක් කරන්න හිතුවා නම් ඉවරයිනේ (නි)
ඕක පුදුම වෙන්න කාරියක් නොවෙයි. ඇමෙරිකාවට ඒ රට ගොඩගන්න ඕනෑතරම් උගතුන් බුද්ධිමතුන් ඉන්නවා. ඒ නිසා මොහුට ගෙවූ පඩියෙන් ඇමෙරිකාවට පාඩුවක් සිදුවන්නේ නැහැ. ලංකාවේ "වැඩ බැරි ටාසන්" ලා කොපමණ ප්‍රමාණයක් මහජන මුදල් කාබාසිනියා කරමින් පලදායි දෙයක් නොකළා විතරක් නොවෙයි රටට විශාල වශයෙන් හානිත් කළාද. (නි)
නිකන් ඉදල පඩි අරගෙන දැන් නඩු දානවා. අනේ මෙහෙම මිනිස්සු..(බ)
ඉතින් අපේ පාර්ලිමේන්තුවේ ඉන්න 99% ක් ම මෙහෙම පැමිණිලි කරන්න ඕනෑනේ එහෙනම්. (නි)
පඩි නොගෙන හිටියා නම් ඉවරනේ. මට පෙනෙන්නේ මෙයා ලැබුන පඩියට අමතරව නඩු කියලා වන්දියකුත් ගන්න හදනවා වගේ. (නි)
මේ අයට පිස්සු කියන එක පුදුමයක් නෙමෙයි...(හේ)
ඇයි මේ තරම් කලබල? මෙතරම් දවස් වැඩ නොකොට පඩි ගත්තා නම් තව ටික කාලයක් ඉඳලා පෙන්ෂන් වුණාම පැමිණිලි කරන්න තිබුනනේ..! (නි)
මේ මහත්තයා ලංකාවේ කෙනෙක් වෙන්න බෑ.(හේ)
ඉතින් ඕකට මෙච්චර කාලයක් බලා හිටියේ මොකද? ඔච්චරම අවංක නම් මුල් කාලයේදීම මැච් බල බලා ඉන්නේ නැතුව විසඳුමක් ලබා ගන්න තිබුනනේ. ඔය විදියේ ප්‍රශ්න මේ රට වලදී අපට එනකොට ඒ වෙලාවේම විසඳුම් සොයා ගන්නවා කාලය අපතේ හරින්න අකමැති නිසා.(හේ)
මෙයා නම් නියම ලාංකිකයෙක්.පහු ගිය අවුරුදු ගානක් සිදුවුණු දේවල් දැන් තමයි මතක් වෙන්නේ . මේ මිනිහට නිකන් දුන්නු වේතනය ආපසු ලබා ගත යුතුයි. (බ)
සල්ලි කියන දෙ මිනිස්සු වෙනස් කරනවා අකමැත්තෙන් වුණත්. දුක්වින්දලා සල්ලි ටිකක් හම්බුකරල තමගෙ ආයතනය කාටවත් අතනොපාන විදිහට පඩියක් දෙද්දි ලොකෙ අනිත් මිනිස්සු විදින දුක දිහා බලව්වාහම හිත වෙනස් වෙනවා. (ම)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
හරිම අවංක කෙනෙක්. මමත් නඩුවක් දාන්න බලන්න ඕනෑ. හෙටම යනවා ලංකාවේ පොලිසියට. (නි)
ලංකාවට ඇවිල්ලා සේවය කළා නම් ඉවරනේ. මෙහෙ ඕනෑතරම් දුප්පත් ළමයි ඉන්නවානේ. ඒගොල්ලන්ට ඔය නිකන් හම්බවුණ මුදල් වලින් ශිෂ්‍යත්ව ලබා දෙන්න (නි)
මෙහිදී සිදුවී ඇත්තේ එම මහතාට සරසවියෙන් කළ මදිපුංචිකමකි. මෙම රටවල්වල සමහර වෘත්තිකයින් වෙනත් අය දක්ෂ ලෙස කටයුතු කරනවාට අකමැති වු විට මෙවැනි දේවල් වලට මුහුණදීමට සිදුවේ. ඉගැන්වීමේ දක්ෂතාවයන් ඔහුට පෙන්විය නොහැක. වාසනාවට ඔහු ඇමරිකාවට ගොස් ඇත. කැනඩාවට ආවා නම් ආචාර්ය උපාධි අයට සිදුවන්නේ පීසා බෙදීමට හෝ වෙනත් සුළු රැකියාවක නිරතවීමටයි. (නි)
අනේ මන්දා අපිට නම් මේක කියලාවත් කරගන්න බැරි දෙයක් (නි)