(සිරාජ් හසීම්)
නිසි රාජකාරියකින් තොරව ඇමැති ආරක්ෂක අංශ සංචිතයේ (එම්.එස්.ඩී) සේවයේ නියුතු නිලධාරීන් 500 කින් 200 දෙනෙක් අප්‍රේල් 1වැනිදා සිට විවිධ පොලිස් ස්ථානවලට මාරු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු යොදා ඇත.
එලෙසම පැවරුණු රාජකාරීවලින් තොර තවත් නිලධාරීන් 100 කට පමණ ඉදිරියේ දී ස්ථාන මාරුවීම් දීමට කටයුතු සිදුවෙමින් පවතින බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වනවිට ඇමැති ආරක්ෂක අංශයට අනුයුක්තව පොලිස් නිලධාරීහු 1300ක් පමණ සේවයේ නිරතව සිටීති.
මෙසේ ස්ථානමාරුවීම් ලබන පොලිස් නිලධාරීන් අතර ඇතැමුන් වසර 25 කට අධික කාලයක් ඇමැති ආරක්ෂක අංශයේම සේවය කරමින් සිටින බවත්, පොලිස් කොස්තාපල් නිලයේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දක්වාවූ නිලයන්වල අය සිටින බවත් වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිලා කීදෙනෙක් ඉන්නවද ලංකාවේ ? පාර්ලිමේන්තුවේ ඉන්න ඔකොම මන්ත්‍රීවරු ඇමතිලා වුනත් එක මන්ත්‍රීවරයකුට නිලධාරීන් 5.77ක් ඉන්නවා? රාජකාරියක් නොමැතිව යම්කිසිවෙක් මොනම ආයතනයක හෝ හිටියත් වෙන්නේ එම ආයතනය තුල අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන එක.
බියගම පොලිසියේ ආරම්භයේදී නිලධාරීන් 90 ක් සිටියා. දැන් ඉන්නේ 60-65 ක් විතර ප්‍රමාණයක්. ආයෝජන කලාපය නිසා ජනගහනය බොහොම වැඩියි. එම නිසා රාජකාරිත් බහුලයි. ඔය කියන වැඩි කට්ටියගෙන් 30 ක් විතර බියගමටත් එවන්න. ඒක දැනට සිටින නිලධාරීන්ටත් ලොකු සහනයක් වේවි. ජනතාවටත් මහඟු සේවාවක් වේවි.