කොළඹ රාජකීය විද්‍යාලයයේ පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීම තාවකාලිකව නවත්වා විමර්ශනයක් ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යංශ ආංචි මාර්ග කියයි.

පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී අක්‍රමිකතා සිදුවූ බවට ලංකා ගුරු සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයකින් ලැබුණු පැමිණිලි අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම විද්‍යාලයයේ සහ තවත් පාසල් කිහිපයක ළමයින් ඇතුළත් කිරීම ගැන වහා විමර්ශනයක් අරඹන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය සතියේ අධ්‍යාපන ලේකම්ට උපදෙස් දී තිබිණි.

නව වසරේ පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ උත්සවය  රට පුරා පැවැත්වීමට නියමිතව ඇත්තේ බදාදා (11) දිනයේදී ය.

දැනගන්නට ඇති පරිදි අමාත්‍යංශයෙන් උපදෙස් දී ඇත්තේ තාවකාලිකව ළමයින් ලියාපදිංචිය නැවැත්වීමට පමණි. 11 වැනිදාට නියමිත ළමයින් ඇතුළු කිරීමේ උත්සවය ගැන හෝ අනෙක් ක්‍රියාමාර්ග ගැන දැනුම් දී නැත.