IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘රාජකීය සිසුවාට තවම සිහිය නෑ‘

කොළඹ රාජකීය විද්‍යාලයයේ පිහිණුම් තටාකයට වැටුණු සසංක ජගත් (14) නම් එම විද්‍යාලයයේ නව වැනි ශ්‍රේණියේ සිසුවා මාර්තු දෙවැනි සිට මේ වන තෙක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ බරපතල තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් අඟහරුවාදා (19) එම පාසලට ගිය බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි කියයි.

සිද්ධිය වන අවස්ථාවේ වගකිවයුත්තකු පිහිණුම් තටාකය නොසිටි බවට චෝදනා එල්ල වීම නිසා ඒ බව සොයා බැලීම එම විමර්ශනයේ අරමුණයි.

සිසුවාගේ මව වන කොල්ලුපිටියේ පදිංචි ගීතා චාන්දනී මහත්මිය ලංකාදීපයට මෙසේ පැවසුවාය.

‘දෙවැනිදා මම උදේ 7.30ට මම පුතාව පාසලට එක්කගෙන ගිහින් 9ට විතර ආවා. මගේ පුතා බාලදක්ෂ කරනවා. වෙනදත් සෙනසුරාදා දවස්වලට මෙහෙම යවනවා.

එදා ආයෙත් මම 12.40ට දරුවා ගන්න ගියා. යද්දී ළමයි පුතාගේ බෑග් එක අදිනවා. එතන හිටපු එක පුතෙක් කිව්වා මෙන්න සසංකගේ අම්මා ආවා කියා. ඊට එහායින් සර් කෙනෙක් හිටියා. මම ඇහුවා සර් කෝ මගේ පුතා කියලා. ඊට පස් සර් මාව ත්‍රීරෝද රථයක නංවාගෙන රෝහලට ගියා. පුතා ගිළිලා ඉන්නවා දැකලා තියෙන් තවත් පුතෙක්. දැන් සති දෙකක් තිස්සේ මගේ පුතා රෝහලේ. තවම කියන්න තරම් වෙනසක් දැක්කේ නෑ.

මමයි පුතයි මගේ දුවයි තමයි ගෙදර ඉන්නේ. මේ වෙච්ච සිද්ධිය මට තවම අදහා ගන්න බෑ. අදත් (17)සර් කෙනෙක් මගෙන් පුතාගේ බැංකු ගිණුම් අංකෙ ඇහුවා.  මට සල්ලි වැඩක් නෑ. මට ඕන මගේ පුතා ඉක්මණින් හොද කරගන්නා. මම ඉල්ලන්නේ කොහොම හරි ඉක්මණින් මගේ පුතා හොඳ කර දෙන්න කියා.‘

මේ අතර මෙම විද්‍යාලයේ පළමු වසරට ළමුන් ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය සතියේ විගණන පරීක්ෂණයක් ආරම්භ කළ බවත්, විගණන නිලධාරීන් කිහිප දෙනකු පාසලට ගොස් තොරතුරු ලබා ගත් බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මේ පිළිබඳ අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ මීට වසර දෙකකට පෙර විද්‍යාලයේ වූෂු ක්‍රීඩා කළ දරුවකු ද හදිසි අනතුරකට ලක්වූ බවයි. එම සිසුවාගේ පියා ගුරුවරයකු බව ද, සිද්ධිය වන අවස්ථාවේ පුහුණුකරුවකු සිට නැති බව ද, ඒ දරුවා මාස ගණනක් රෝහලේ ප්‍රතිකාර ලැබූ බව ද, තවමන් ප්‍රකෘති තත්ත්වයට පත්ව නොමැති බව ද ස්ටාලින් මහතා කීවේය.

ගමේ පොඩි පාසලක මෙවැන්නක් සිදුවූවානම් සියලු දෙනා එක්ව විමර්ශන පවත්වා වගකිවයුත්තන්ට දිනි කිහිපයක් ඇතුළත දඩුවම් පමුණුවන බවත්, නගරයේ ලොකු පාසලක සිද්ධියක් සිදු වූ විට අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු නිලධාරීන් පසුගාමී පිළිවෙතක් අනුගමනය කරන බවත්, සිද්ධිය වන අවස්ථාවේ ජීවිතාරක්ෂකයන්, පුහුණුකරුවන් හා බාර ගුරුවරුන් සිට නැති බවත් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

පාසල් සිසුන් බාහිර ක්‍රියාකාරකම් වල නියැලීම ගැන දැන්වත් අධ්‍යාපන අමාත්‍යංශය නිසි වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බව ද ඔහු කීවේය.

 



අදහස් (0)

‘රාජකීය සිසුවාට තවම සිහිය නෑ‘

රත්න Wednesday, 20 March 2013 11:28 AM

අයියෝ මොන අපරාධයක්ද ඒ (දී)

:       0       0

මාලිංග Wednesday, 20 March 2013 11:47 AM

පුතේ නුබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (දී)

:       0       0

අමිල Wednesday, 20 March 2013 12:00 PM

ඉක්මන් සුවය පතනවා ඔබට පුතේ (දී)

:       0       0

මිලානෝ Wednesday, 20 March 2013 02:06 PM

ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා (දී)

:       0       0

ඉසුරු Wednesday, 20 March 2013 09:52 AM

මම ඔබට ඉක්මන් සුවය පතනවා (දී)

:       0       0

ලාල් Wednesday, 20 March 2013 10:06 AM

අසරණ කොල්ලා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site