කොළඹ රාජකීය විද්‍යාලයයට පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීමේදී අක්‍රමිකතා සිදුවීම ගැන කළ විමර්ශනවලින් පසු එහි ප්‍රධාන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සහ අභියාචනා මණ්ඩලයේ සිටි නිලධාරීන් අට දෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි.
මෙම වැඩ තහනම් කළ පිරිස අතර අභියාචනා මණ්ඩලයේ සිටි වෙනත් පාසලක විදුහල්පතිවරයකු, නියෝජ්‍ය විදුහල්පතිවරයකු, මෙම පාසලේ සහකාර විදුහල්පතිවරයකු, අංශ ප්‍රධානියකු සහ ගුරුවරු කිහිප දෙනෙකු ද සිටින බව එම ආරංචි මාර්ග පවසයි.
කොළඹ රාජකීය විද්‍යාලයයේ පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීමේ දී අක්‍රමිකතා සිදුවූ බව කියමින් ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් ද දෙමාපියන් අමාත්‍යංශයට පැමිණිලි කර තිබිණි.
ඒ අනුව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශනයක් පැවැත්වූ අතර එහිදී අනාවරණය වූයේ සිසුන් 40කට ආසන්න සංඛ්‍යාවක් හොර ලියැකියැවිලි අනුව රාජකීය විද්‍යාලයට ඇතුළු කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදි ශිෂ්‍ය සංගම් ගැන කතා කරලා වැඩක් නෑ. මගේ ලකුණු වැඩියෙන් තිබිලත් සල්ලි ලක්ෂ 1.5 දීලත්, ලිස්ට් එකේ නම තිබිලත්, ළමය මාස 10 ගෙදර ,ළමයාගේ නම කපල ලක්ෂ 3 දුන්න ලකුණු නෙති කෙනෙක් අරගෙන, කියල වැඩක් නෑ, කොළඹ ප්‍රසිද්ධ පාසල. වෙනත් පාසල දැම්ම, මගේ පාසල ගැන ඉතාම කනගාටුදායකයි (බ)
ආදර්ශමත් ලෙස කටයුතු කළයුතු අය මේ විදිහට කටයුතු කිරීම ඉතාම කණගාටුදායකයි. (නි)
බොරු කොමිසන් සභා පස්සෙ නොයා ගරු අකිල විරාජ් ඇමතිතුමා යස අගේට පරීක්ෂණ කරලා විත්තිකරුවො හඳුනාගෙන තියෙන්නෙ. හැබැයි ඇමතිතුමා මේ අකටයුත්ත රට හැමතැනම මහා පරිමාණයෙන් සිදුවෙනවා. ඒක නවත්තන්න නම් මෙතැනින් නොනැවතී විධිමත් අධ්‍යාපන සංවර්ධන සැළසුමක් ක්‍රියාත්මක කිරීම අනිවාර්යයි. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ඊට හොඳ ආරම්භයක් විතරයි. (නි)
බත්තරමුල්ලෙනුත් එහා පදිංචි ටෙලි නිළියකගේ පුතා රාජකීය විදුහලේ පළවෙනි ශ්‍රේණියට දැම්මේ සැමියාද ආදි සිසුවෙකු නොවී! මගේ අක්කගේ ළමයා ඒ වසරරේ කප්පාදු වුණේ ඔහුගේ පියා ආදි සිසුවෙකු වෙලා තිබියදීය. දැන් අර ටෙලිනිළියගේ ළමයාට මේ පාසල ලැබුන හැටි දන්නෝ දනිති. (නි)
දෙමව්පියෝ ගුරුවරු වැරදි කළාට ළමයි පළි නැත. එම දරුවන්ට අයහපතක් නොවෙන විදියට වැඩ කරන එක තමයි හොඳ. (නි)
මේ වැඩේ හැමදාම සිද්ධවුණා. වෙන පාසල් වලත් සිදුවෙනවා. පාසලේ හැටියට ගණන වෙනස්වීම විතරයි එකම වෙනස. ආදී ශිෂ්‍ය සංගම් තමයි බ්රෝකර්ලා. මොනවා වුණත් අධ්‍යාපන ඇමතිතුමාට මේකට අත ගහන්න ශක්තිය තිබීම ගැන නම් සතුටුයි. (නි)
පාසැල් වලට ළමුන් ඇතුළත් කිරීමේදී දුර නිර්ණායකයක්. නමුත් පාසලට ළමයා ඇතුළත් කළපසුත් ඔහු එම ලිපිනයේම වාසය කරයිද යන්නත් සොයා බැලිය යුත්තකි. යල් පැනගිය ව්‍යාජ ග්‍රාමසේවක සහතික ඡන්ද නාමලේඛන, බිල්පත් මෙයට උපයෝගී නොකොට නවීන තාක්ෂණය භාවිතා කළයුතුයි. වැඩිවන ජනගහණය නිසා ඇතිවන මෙබඳු ප්රශ්නය පාලනය කිරීමට රජය ඉදිරි අනාගතය බලා සැළසුම් කළයුතුයි. එසේ නොමැතිව එදිනෙදා සිදුවීම් උදෙසා ක්‍රියාකිරීම නිෂ්පල ක්‍රියාවකි (නි)
බොහොම හොඳයි (නි)
ඔය සම්මුඛ පරීක්ෂණ වීඩියෝගත කරන්න පුලුවන් නම් ප්‍රශ්න ගොඩක් මඟහැර ගන්න පුලුවන්. මේ දියුණු ලෝකයේ මොනවද කරන්න බැරි. (නි)
වැඩ තහනම් කරපු අයගේ නම් සහ ඡායාරූපත් පළකළා නම් තමයි වඩා හොඳ. කාට කාටත් හඳුනාගන්න. (නි)
ඉහළම තැනකින් පටන්ගැනීම ගැන ආඩම්බර වෙමු (නි)
ඕනෑම පාසලකට ඕනෑම දරුවෙකුට ඇතුළත්වීමේ අයිතිය තහවුරුකොට නව තාක්ෂණය උපයෝගී කොටගෙන කුසපත් ඇදීමේ සිද්ධාන්තය පාදක කරගනිමින් පාසලට අවශ්‍ය දරුවන් ප්‍රමාණය තෝරාගන්න (නි)
ඕනෑම පාසලකට ඕනෑම දරුවෙකුට ඇතුළත්වීමේ අයිතිය තහවුරුකොට නව තාක්ෂණය උපයෝගී කොටගෙන කුසපත් ඇදීමේ සිද්ධාන්තය පාදක කරගනිමින් පාසලට අවශ්‍ය දරුවන් ප්‍රමාණය තෝරාගන්න (නි)
ආදිශිෂ්‍ය සංගම් තහනම් කර සියලුම පාසල් සම මට්ටමට ගන්න. පාසල් සංවර්ධන සමිති අරමුදල් රජයට පවරාගන්න. (නි)
රණංජය හරියට හරි. අනිත් එක පෙබරවාරි 3 සිට ක්‍රියාත්මක තොරතුරු දැනගැනීමේ පනත අනුව සියළුම පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කළ සිසුන්ගේ නම් ලැයිස්තුව ලිපිනය සමඟ අධ්‍යාපන අමාත්‍යංශයේ හා අදාළ පාසලේ වෙබ් පිටුවල පළකළ යුතුයි. (නි)
ඇයි රාජකීය විද්‍යාලය පමණක් පරීක්ෂා කරන්නේ. අනිත් පාසල් වල මෙහෙම වෙලා නැද්ද? (නි)
අකිල විරාජ් ඇමතිතුමා දිගුකල් දිනේවා! (නි)
ඔබ දන්නවාද?... පරීක්ෂණයෙන් අනතුරුව ඇතුළත් කරගත් ළමයින්ගෙ නාම ලේඛනයක් තවමත් ප්‍රසිද්ධියට පත් නොකළ බව... එවැන්නක් කළ නොහැක්කේ.. 'පරීක්ෂණයක්' යන නමින් විශාල 'වංචාවක්' සිදුවී ඇති නිසයි... (බ)