කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළු කර ගන්නා සිසුන්ගේ සංශෝධිත නාම ලේඛණය ප්‍රසිද්ධ කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලයි.
වංචනික ලෙස ඇතුළු කළ සිසුන් 31 දෙනකු ඉවත් කර ඒ වෙනුවෙන් වෙනත් සිසුන් 21 දෙනකු ඇතුළු කර ගන්නා බව අධ්‍යාපන ඇමැති අඛිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා කීවේය.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ ඉවත් කළ සිසුන් වෙනුවට ඇතුළු කර ගන්නා සිසුන් 31 දෙනාගේ නම්ද ඇතුළත්ව සංශෝධිත ලැයිස්තුව ප්‍රසිද්ධ කළ යුතු බවයි.
විවිනිවිධ භාවයකින් අදාළ කටයුතු සිදුවන්නේ නම් සිසුන් ඇතුළත් කිරීමට පෙර ලැයිස්තුව ඉදිරිපත් කළ යුතු බව ඔහු පවසයි. වංචනිකව සිසුන් ඇතුළත් කර ගැනීමට පියවර ගත් පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ලංකා ගුරු සංගමය අවධාරණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ටාලින් මහත්තය හරි. අලුත් ලැයිස්තුව ප්‍රකාශ කිරීම අවශ්‍යයි. ඒ වගේම වංචා කරපු දෙමවුපියන්ට, ඒවාට සපෝට් එක දුන්නු නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගත යුතුයි. පගා මාස්ටර් විදුහල්පතිව කෙලින්ම ගෙදර යවන්න (බ)
තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ඉල්ලීම සාධාරණය (නි)
අමාත්‍යාංශය ඇතුළේම ඉන්න හොරු ගැන මොකද කියන්නේ? (නි)
කොළඹ සුපිරි පාසල් බොහොමයක තත්ත්වය මේකයි (නි)
ළමුන් 31 දෙනෙක් වංචනික ලෙස බඳවාගත් නිසා ඉවත් කළත් එම ළමුන් ශ්‍රී ලාංකිකයන්. මව්පියන්ගේ වැරදි ඔවුන්ට අදාළ නැහැ. නැවත මේවා සිදුනොවීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙනම අංශයක් පිහිටවිය යුතුයි. එහෙම නැතුව කොහොම කළත් පාසල් මඟින් ළමුන් බඳවාගැනීම දූෂණ සහිතයි (නි)
ඉතාම හොඳයි (නි)
බලයට පත්වෙන සෑම රජයකම මැති ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ ඉහවහා ගිය වංචනික, දූෂණ ක්‍රියාකාරකම් ගැන සොයා නොබලා, අහිංසක කුඩා දරුවන් 31ක් දෙනෙකුගේ අනාගතය මෙසේ සදහටම අඳුරු කිරීමට කටයුතු කිරීම උදම් ඇනියයුතු මහා ලොකු වීර ක්‍රියාවකැයි නියම දරු කැක්කුමක් ඇති කිසිවකු පිළිනොගන්නා දෙයක් නේද? (නි)
බණ්ඩාර, ලාල්, සත්‍ය තොරතුරු හා නිවැරදි පදිංචිය ඇති ළමුන්ගේ අනාගතය අඳුරු කිරීම අනුමත කරනවාද? විකල්පය කුමක්ද? (නි)
වංචනික ලියකියවිලි ඉදිරිපත් කර ළමයින් ඇතුළත් කිරිමට තැත්කළ දෙමව්පියන්ටත් නීතිය තදින්ම ක්‍රියත්මක වියයුතුයි. එසේ නොවන නිසා තමයි මේවා වෙන්නේ (නි)
ලාල්, ඔබ හරි. හයහතර නොදන්නා කිරිසප්පයන්ගෙන් මෙලෙස පළිගන්න බැහැ දරු දුක හඳුනන අයට (නි)
මේ ළමයින් ඇතුළත් කිරිමේ මාෆියාවට සම්බන්ධ අධ්‍යාපන අමාත්‍යාංහයේ ඉහළ නිළධාරින් ටිකට පළමුව දඩුවම් කර ඔවුන් එම තනතුරු වලින් මාරු කළයුතුයි. (නි)
අනාගතයේදීත් මෙම නීති මේ අයුරින්ම ක්‍රියාත්මක වේවා.!!! (නි)
දඬුවම් අත්‍යවශ්‍යයි මේ දෙමව්පියන්ට, අනෙක් දෙමව්පියන්ට හැදෙන්න 2018 ට. 1 වසරට ඇතුළුවෙන පොඩි එකාත් දන්නවා හොඳට බොරු කියන්න පදිංචිය ගැන අහනකොට. පටන්ගන්නෙම බොරුවෙන් නම් ලොකුවුණාම හිතාගන්නකෝ. ඒ නිසා මේ දරුවන්ගේ හෝ දෙමාපියන්ගේ පැත්තට සපෝර්ට් එකට නම් කතාකරන්න එපා. (නි)
ලාල්, සිරි වගේ අයගේ අදහස් වලින් පෙනෙනවා ලංකාවේ මිනිස්සු කොච්චර මෝඩද කියලා. (නි)
ප්‍රශ්නය පටන්ගන්නේ එම පාසල රාජකීය වීම නිසා සහ අනෙක් පාසල් එසේ නොවීම නිසාය. එසේ වීම පාසල් පද්ධතියේ විෂමතාවයට හොඳ නිදසුනක්. මෙම විෂමතාවය මග හැරවීමට කොතෙක් රජයන් උත්සාහ දැරුවද එය නොහැකි වී ඇත. මේවාට සිසුන් දැමීමට උත්සාහ දරන දෙමාපියන් දෙපාර්තුමේන්තු ප්‍රතිඵල විශ්ලේෂණ බලන්න. එවිට නියම රාජකීය විද්‍යාල ගණනාවක් හමුවේවි. සමහර විශිෂ්ට පාසල් ඉතා දුරබැහැර ඒවා. (නි)
මුලින්ම දඬුවම් දෙන්න පටන්ගන්න ඕනෑ හොර සහතික නිකුත් කළ අයගෙන්. (නි)
එ්ක ඇත්ත. විනිවිදභාවයෙන් වැඩ කිරීම යහපාලනයේ කොටසක්. කාටවත් ඇඟිල්ල දික් කරන එක නවත්තලා තමන් දූරදර්ශී වියයුතුයි. අධ්‍යාපන ඇමතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. ඔතනින් හරි පටන්ගනිමු. (නි)