‘රජා කාපු විදියට මම කන්නේ නෑ. එදා කෑවෙත් කෙහෙල් කොළේ ඔතාගෙන ආ කෑමයි. අදත් එහෙමයි. රජා රජා විදියට කෑ යුතුයැයි හිමිනමක් එදා කියා තිබුණා. රජා ග්‍රාම සේවක විදියට නොකෑ යුතු බවත් ඒ හිමියන් කියා තිබුණා. ඒත් මම කන්නේ එදා විදියටමයි.‘ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 33 වැනි සංවත්සරය අමතමින් කොළඹ නෙළුම් පොකුණේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එසේ කීවේය.
‘තම අතීතය සිහිපත් කළ ජනපති පැවසූයේ පරිපාලන සේවයේ පුංචිම තැනකින් ගමන අරඹා ළඟා විය හැකි ඉහළම තැනට පැමිණි බවයි. දවසක් මම වැඩට එන විට ‘ග්‍රාම සේවකයා ගෙදර පළ‘ කියා තිබුණා. මම යන්න ඕන තැනට දැන් ගිහින් ඉවරයි‘ යැයිද ජනපති පැවසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුසන්තලාට කියන්න වෙන මුකුත්ම නැද්ද? ඇඩෙනවා නේද? ඒක විතරක් නෙවෙයි, තමාගේ බලය වැඩි කරගන්න මිස අඩු කරගන්න ඉදිරිපත් වුන අවංක දේශපාලඥයෙක් කලින් හිටියද? (ර)
ජනාධිපතිතුමනි. ඔබතුමා ගොඩක්ම හොද නිහතමානී නායකයෙක්. හැබැයි වටේ ඉන්න අයගෙන් පරිස්සම් වෙන්න. හොරු කරන වැරදි වැඩ නිසා ඔබතුමාගේ කීර්තියට හානි වෙන්න පුළුවන්. (ර)
දැන් කරන සහ කරන්නට ඉඩ දී බලා සිටින සමහර වැඩ වලදී ගැන මැතිවරණයට පෙර පැවසුවා නම් ඔබ තුමා අද ගෙදර. නැතිනම් විපක්ෂයේ. (බ)
රජවරු ගැන දැන් කතා කරකර හිටිය ඇති . රජාගේ සහ අතවැසියන්ගේ රාජ උෂ්නේ වැඩි වුණ නිසා පුරවැසියන් විසින් ඔහු ගෙදර යවා අවුරුද්දකටත් වැඩිය දැන් අර ඡන්දෙට කලින් පොරොන්දු වුන දේවල් කරන්න පසුගිය ආණ්ඩුවේ සිටි දුෂිත දෙසපලකයන්ට සහ නිලධාරීන්ට විරුධව කඩිනම් පරීක්ෂණ පවත්වා දඩුවම් දෙන්න (බ)
රජානම් කකා නිකන් හිටියේ නෑ. කාපුවා දිරවන්න ඇගපත වෙහෙසල රටට දැනෙන දෙයක් කලා.ඔය කියන තැනත් එවන් තැනක් නේද ? එත් ඔබතුමා කෙහෙල් කොලේ ඉරාගන්නේ නැතුව කෑවට....පව්ලේ කට්ටියඊ ..වටේ ඉන්න කට්ටියඊ....ඇඟට පතට නොදනී කනවා...(අ)
ඔබ හරි විජේසිරි, එතුමා මුළු රටටම කරගෙන යන දේ අපට පේනවා (බ)
ඔබගේ කතා අහනකොට මට මතක් වෙන්නේ හිටපු ඇමති රණසිංහ. (බ)
මේ උත්තර දීල තියෙන්නේ අර මර්වින් සිල්වාට පාංශකූලය දීපු හිමිනමට .එයා පන්සලේ උපන්දින සාද පවත්වලා සිය ගණනකට ආරාධන කරලා නාඹර කෙල්ලන්ගේ අතින් දන් පිළිගන්වාගෙන කරන නාඩගම හැමෝම දන්නවා.මම රජ නම් ඒ කරපු කතාවට සලකන්නේ මෙහෙම නෙවෙයි (බ)
මේ ආණ්ඩුව දිගටම හාමුදුරුවරු එක්ක පැටලෙනවා. අපේ රට හැමදාම අනතුරු වලින් ගලවා ගත්තු සාසනය එක්ක පටලවෙන එක නම් හොද දෙයක් නෙමෙයි. (බ)
කෙහෙල් කොලේ අාප්ප නම් කන්න එපා (බ)
මන් කිව්වේ..රන්ජන් මොන නළුවෙක්ද ? සියලු සම්මාන හිමිවෙන්න ඕන මෙයාට අවුරුදු දහ පහළොවක් දුෂිතයි කියන රජයක ප්‍රභල කැබිනට් ඇමතිකම් මහලේකම් කම් දරල අද එහෙම ආණ්ඩුවක් දැක්කෙත් නැහැ දන්නෙත් නැහැ හිටියෙත් නැහැ වගේ රගපාන්න ලේසි පාසුද (බ)
මෙයාටයි රනිලටයි පුළුවන්නේ අපිට සත්‍ය අවබෝධ කරලා දෙන්න (බ)
රුපියල තව වැටිළලු. (ර)
එදා ගමේ මිනිස්සු කියපු දේ දැන් තමයි රටේ මිනිස්සුන්ට තේරෙන්නෙ. (ර)
අද ඩොලර් එක 150 ට ගියා. (ර)
රටම විනාස කළ කම්බා හොරු ඉදිරියේ නිවට නියාලු ප්‍රතිපත්තියක් අනුගමනය කරන කවරෙකු හෝ මම නම් පිලි ගන්නේ නැහැ.(කෞ)
බන්දුල ඔයා හරියටම හරි. මමත් හැම වෙලාවෙම තර්ක කරන්නේ ඒ ගැනමයි. (ර)
රටේ දැවෙන ප්‍රශ්නයකට උත්තර දීලා. (ර)
හැමෝම කියන්නෙම මම උඩට ආවා කියලා උදම්වෙන කතා විතරයි. (නි)
කොහොම කෑවත් කමක් නැහැ, කලින් හිටපු නායකයෝ ගොඩක් රට ම කාල දැම්මා. ඔබතුමා එහෙම නොකරාවි කියා අපි කවුරුත් බලාපොරොත්තු වෙනවා. (ර)
දැන් හොඳටම කතා ඇති (නි)
ජෙනේරල් ෆොන්සේකා එදා විධායක ජනාධිපති කරව ගන්න නොලැබුණේ අපේ අවාසනාවට සහ අපේ දරුවන්ගේ අවාසනාවටයි .එහෙම වුනානම් මේ වෙනකොට එකම කම්බා හොරෙක්වත් ලංකාවේ ඉන්නෙත් නැහැ.මේ තරම් සෙල්ලම් දාන්නෙත් නැහැ. (ර)
යන්න ඕන තැනට අපිත් අපේ දරුවනුත් යන්න ඕන.. ඒ නිසා අපි ගැනත් හිතල වැඩ කරන්න. (ර)
යන්න ඕනේ තැනට ඔබ ගියේ නැහැ....රටේ මිනිසුන් එම තත්වයට ඔබ ඔසවා තැබුවා. කයිවාරුව නවත්වා ඔබ එම තත්වයට පත් කරපු ජනතාවට යමක් කරන්න බලන්න. (බ)
තමුන්නාසේ නම් දැන් රටම කන බව තමයි අපිට පේන්නේ,පොළොන්නරුවේ අපිත් ගමේකමට දුන්න වුනත් දැන් මාසයකට කිට්ටු කාලයක් විදුලියවත් හැමදාම කපනවා (බ)
දැන් මම සුදනා, මුකුත් දන්නැහැ, දැන ගෙන හිටියේ නැහැ (බ)
කොහොම කෑවත් අපිට වැඩක් නෑ. රටේ කියපු වෙනස් පෙන්වන්න. දැන් තිබුණාටත් වඩා පහළට යන බවක් පේන්නේ (බ)
පොළොන්නරුවේ මාලිගාව වගේ ගෙදර හැදුවේ හොහේ තිබ්බ සල්ලි වලින්ද ?මල්ලි දුන්නද වී ටික විකුණලා. (බ)
කවුරු කිවුවත් ඒවා නම් දිව දෙකේ කතාන්දර. පෙර ග්‍රාමසේවකට කඩේ ගොස් අාණ්ඩුව පෙරලූවා යැයි පම්පෝරි ගසා, දැන් ග්‍රාමසේවක නොව රජා සිටිය යුතුයැයි පම්පෝරි ගසනවා. කොහොමද හිමිවරු කියා කියාගන්න අය මෙහෙම දිව දෙකේ කතා කියන්නේ කියන එකයි මට පුදුම. කන්න ඕනෑ වුණාම කබරගොයත් තලගොයා වෙනවා කියන කතාවේ ඇත්තක් තියනවා වගේ පෙනෙන්නේ ගිය ඡන්ද කාලේ කියපු කතා එක්ක බලනකොට. (නි)
ඉතාම නිහතමානී ජනපති කෙනෙක් . (ර)
අපිට පේනවා බොහොම හොඳට. (ර)
එදා කෑවෙත් කෙහෙල් කොළේ ඔතාගෙන ආ කෑමයි. අදත් එහෙමයි. ඒබව පහුගිය වසරක කාලයේදී උදරය නොවෙනස්ව තිබීමෙන් පෙනේ . (ර)
අපේ ජනතාව හැමදාම හිටියේ රජවරුන්ගෙන් පාලනය වෙමින්. යටත් විජිත කාලෙත් සුදු රජවරුන්ට යටවෙලා පාලනය වුණා. ඒ නිසා අපට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අගය තේරෙන්නේ නැහැ. (නි)
මේ ජාතියේ දරුණු බණ ඇහුණාම මේ වගේ මිනිස්සුන්ගේ රෙදි ගැලවෙනවා. ඉන්න තැන අමතක වෙනවා මිනිස්සුන්ගේ පිටේ නැගල මිනිස්සුන්ගේ බලයෙන් ජනාධිපති වෙලා තනියම එතනට ගියා කියන්නේ. බුද්ධිමත්ව හිතල බලන්න ඒ ප්‍රකාශය ඇතුලේ තියෙන මහා වින්නැහිය (බ)
වැඩක් කෙරුවෙනම් නෑ ඔබතුමා.(හේ)
අයියෝ කතාවනම් දෝලාවෙන්.(හේ)
තිලක්-ඩුබායි: ඔය කියන ජෙනරාල් ඉස්සර ආයුධ ගනුදෙනු වලදී ගැහුව ගැහිලි දන්නවනම් ඇඩෙයි ඔයාට. (බ)
අපිත් මේ බලා ඉන්නේ රජා කාපු ඒවගේ කිරුම් මිනුම් හරියට දැනගන්න තමයි. නමුත් මෙය පරක්කු වීම තමයි අපිට ඇති ප්‍රශ්නය.(හේ)
අප සියලු දෙනාට ඔබ ආඩම්බරයක්. (හේ)
දැන් මහජනතාව කබලෙන් ළිපට වැටිලා ඉවරයි. (නි)
එතකොට අර කතාවට කියනවා වගේ ගෝනියේ සියඹලා තිබිලම නැද්ද? (නි)
අදහස් වලින්ම පේනවා රටේ බහුතරය බුද්ධිමත් බව (නි)
ඒත් සිංහල ජාතියට වෙච්ච සෙත මොකක්ද? අද අපේ රටේ සිංහල ජනතාව අපේක්ෂාභංගත්වයට පත්වෙලා (නි)
අපි කන්නේ කොහොමද ? (බ)
රජා කන විදිහට කන්න කියල හාමුදුරුවෝ කීවේ බත් කන එක නෙවෙයි. (ර)