ගාල්ල රිච්මන්ඩ් විදුහලේ හෙට බදාදා පැවැත්විමට නියමිත නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පුවක් ගසක් කැපීමට ගොස් තුවාල ලැබු ප්‍රදීප් මදනායක(17) සිසුවා ගාල්ල කරාපිටිය රෝහලේදී මරුමුවට පත් විය.
ඔහු 31 වෙනිදා එම අනතුරට ලක් වී රෝහලට ඇතුලත් කළත් සඳුදා මිය ගිය බව දැන් වු බවත් මව්පියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරයත් එක්ක ගනුදෙනු කරන විට ඒවායෙන් සිද්ධවෙන අනතුරු වලින් බේරීමේ ඉව අපේ ළමයින් ගෙන් ගිලිහිලා යනවාදෝ කියල මට හිතෙනවා. අපි ස්වභාවික පරිසරයෙන් ළමයි ඈත් කරන හින්ද වෙන්නැති මෙවැනි අනතුරු වෙන්නේ. (ස)
ස්වභාවික පරිසරයත් එක්ක ගනුදෙනු කරන කොට දරුවනේ, අනතුරු පිළිබඳ ඉව කියන එක තියෙන්න ඕන. (ස)
නුවන් කිව්වා වගේ පාසල් කාලය අමතක හරි ගැනු ළමයි හරි තමා ඔය විදියට අදහස් දක්වන්නේ ගුරුවරුනට මොකවත් කියන්න බෑ මොකද ඒ ළමයි පාසල් වේලාවෙන් පස්සේ තමා ඒ වැඩ වල යෙදෙන්නේ අනික පාසලකින් ලැබෙන්න ඕනේ පොතේ දැනුම විතරක් නෙමෙයි නේ. අතේ හුරුවත් වැදගත් පිරිමි ළමයෙක් උනාම. එත් යමක් කරන කොට තමන්ගේ ආරක්ෂාව ගැනත් හිතල වැඩකරන්න ඕනේ. නැතුව යමක් උනාම ක ගහල වැඩක් නැනේ. එහෙම හිතලා වැඩ කරේ නැති නිසා උන අවාසනාවන්තම සිද්දියක්. ( මැරුණ ළමගේද වරද වගේ මෝඩ ප්‍රශ්ණ අහල මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා ) (දී)
ලංකාවේ මොන පාසලේ ඉන්නෙත් අපේම දරුවෝ. ඒ අය ගැන හොදින් හොයල බලන එක අපි කාගේත් යුතුකම (දී)
ගුරුවරුන්ට කියලා හැමතිස්සේම ළමයින්ගේ පස්සෙන් ඉන්න පුලුවන් කමක් නෑ.දෙමව්පියන්ට උනත් හැකි සීමාවක් තියනවා.අනික පාසලේ දෙයක් අපි කලේ කැමත්තෙන්, අපි පාසලට ආදරේ නිසා.මේ මල්ලියත් එහෙම වෙන්නැති. ළමයි 5000 කට වඩා වැඩි පිරිසකගේ ආරක්ෂාව වෙන වෙනම කොහෙත්ම බලන්න බැහැ.අනික ගහකට යටවෙන්නෙ නැතුව බේරෙන්නේ කොහොමද කියන එක පාසලේ උගන්නන්න උවමනයි කියන එක විහිලුවක්.ඒක සාමාන්‍ය දැනීම මට තේරෙන විදියට.ඔව් අයේෂ් හරි ඒ වැඩ කරන්නේ පාසල් කාලයෙන් පස්සේ තමා.අපිට උපදෙස් දුන්නා අපේ ගුරුවරු,ඒ ගුරුවරුම මෙතෙන්දි එහෙම කලේ නෑ කියල මන් විශ්වාස කරන්නේ නැහැ.අපි ඒ අයව දන්නවා.ආයිත් අයේෂ් කිව්වා වගෙ මේක ඒ මල්ලියගෙ වරද කියල කියනව නෙවේ.ඒක එයාගේ අවාසනාවට උනු දෙයක් හැටියටයි මං දකින්නෙ.ඒ මල්ලිට මීට වඩා සැලකිළිමත් වෙන්න තිබුණා. (ස)
අනේ අපොයි කියනවා ඇරෙන්න මොනවා කියන්නද? (දී)
මොනදේ කරන්න ගියත් තමන්ගේ ආරක්ෂාව පළමු තැන තියාගන්න ඕනා.(නදී)
තව විස්තර ටිකක් දාන්න.(නදී)
පාසැල තුල තිබියයුතු ආරක්ෂාව නොමැති කමින් සිදු උන දෙවැනි මරණය (දී)
ඔබට නිවන් සුව (දී)
ජාති ජාත්ත් මෙවන් අකල් මරනයකට බදුන නොවේවා (දී)
පාසල් සිසුන්ට නරක කාලයක් දැං ලබලා තියෙන්නෙ. මෑතකදි ඉඳං රට තොටෙ විවිධ පළාත් වලින් සිසුන්ට සිදුවූ අනතුරු ජීවිත හානි රැසක් පිළිබඳව අපට අහන්න ලබුණා. නංගියේ මල්ලියේ මොන දේ කරන්න ගියත් ප්‍රථමයෙන් තමුන්ගේ ආරක්ෂාව ගැන හිතල කල්පනාවෙන් වැඩ කරන් යන්න. (දී)
මොනාද මන්ද මේ වෙන්නේ ..මොනවා කරන්න ගියත් කි දෙනෙක් හරි නැති වෙනවා.රට බර ගන්න ඉන්න කොල්ලෝ..මේවට ගුරුවරුන් වගකිව යුතුයි .කිසි දිනක මෙවන් අකල් මරණ සිදු නොවේවා (දිල්)
ළමයි පාසල් යන්නේ ඉගෙන ගන්න මිසක් කුලී වැඩේට නොවෙයි.(දිල්)
පාසල් සිසුන්ට නිසි ආරක්ෂාවක් නොදීම පිළිබඳව නිසි අයුරින් සොයා බලා වගකිවයුත්තනට දඬුවම් දිය යුතුයි (දිල්)
ළමයි ලවා පුවක් ගස් කැප්පෙව්වේ කව්ද?(දිල්)
මේ අව්රුද්ද පාසල්ලමුන්ට හරිම අපලයි වගේ (දී)
ගොඩක් දුකයි මේ වගේ දෙයක් අහන්න ලැබිච්ච එක ගැන.. අපිත් අවුරුදු තුන හතරක් තිස්සෙ හවුස් ටෙන්ට් ගැහුවා.. ඒත් කාටවත් පුංචි තුවාලයක්වත් උනේ නෑ.. මේක නම් අදහාගන්න බැහැ..(අ)
ගුරුවරුන්ගේ වරද. ගෙදරදී, පාර තොටේදී දෙමව්පියන් දරුවන් රකිනවා වගේ පාසලේදී ඒ කටයුත්ත බාර ගුරුවරුන්ට.වගකිව යුත්තන් මේකට ගන්න පියවර මොකද්ද දන්නේ නෑ.(දිල්)
ගුරුවරු සහ ළමුන් යන දෙපිරිසම මීට වඩා වගකීමෙන් වැඩ කල යුතුය ජීවිතයක වටිනාකම අවබෝද කරගෙන වැඩ කිරීමට පුරුදු වන්න (දී)
මේකේ ප්‍රතිචාර දාන අයට තමන්ගේ පාසැල් කාලය අමතක වෙලා වගේ. ගුරුවරුන්ටයි විදුහල්පතිටයි ඉස්කෝලෙටයි බනින්නේ. ඇත්ත විස්තරය දැනගෙන බනින්න.(නදී)