11 මෙන් සමබරව යාත‍්‍රා කළ වසර එකොළහක අර්ථාන්විත රූපවාහිනී දායකත්වය විදියට තමයි මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙල හඳුන්වා තිබෙන්නේ. ඒ සඳහා අපට ලැබුණු ආරාධනාව අනුව අපිත් වේලපහම නෙළුම්පොකුණ රඟහලට ගියා.
වෙන සම්මාන උළෙලවල් වගේ කිසිම පරක්කුවකින් තොරව රයිගම් ටෙලි නාට්‍ය උළෙල ඇරැුඹෙන බවට නිවේදනය කෙරුණ. උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා වුණු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කලාකාමියකු ලෙසත් මෙවැනි ටෙලි සම්මාන උළෙලකට සහභාගිවුණු පළමු ජනාධිපතිවරයා ලෙසත් රයිගම් උළෙලට සහභාගිවීම විශේෂත්වයක්. වෙනදා වගේම මෙවරත් රයිගම් සම්මාන උළෙල මෙහෙයවීමේ භාරදූර වගකීම පැවරිලා තිබුණේ සාරංග දිසාසේකරට හා සඳමාලි හේවාමාන්නට. කොහොම කොහොම හරි සාම්ප‍්‍රදායානුකූල පොල්තෙල් පහන් දැල්වීම්වලින් පස්සේ සුන්දර නර්තනාංගයකින් උළෙලේ වැඩ ආරම්භ කෙරුණා.
සම්මාන උළෙලේ සම්පූර්ණ නර්තන නිර්මාණයන් සිදුකර තිබෙන්නේ චන්න උපුලි රංගායතනය හා චන්දන වික‍්‍රමසිංහ නර්තන වේදියා.
රයිගම් ටෙලීස් එක එක අංග සඳහා කලාකරුවන් සම්මාන ලබන්නේ ඔවුන්ට කලාකරුවන් විදියට දිය යුතු උපරිම ගෞරවය ලබාදෙමින්. ඊට අවශ්‍ය පසුබිම මෙම සම්මාන උළෙලේ නිර්මාතෘ රයිගම් සමාගමේ සභාපති ආචාර්ය රවි ලියනගේ මහතා උපරිමයෙන් ගොඩනගා තිබුණා.
සම්මාන උළෙලේ අසිරිය විඳිමින් සිටි අපට හරි අපූරු අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ තමයි ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවෙලා ඉඳපු නාමල් උඩුගමත් පි‍්‍රය බිරිඳ රුවන්ති එක්ක සම්මාන උළෙලට පැමිණ සිටීම. ඒක එහෙම වෙයි කියලා කවුරුත් හිතන් නැතිව ඇති. නාමල්ට ගෞරවය පිණිස එහිදි නාමල්ගේ ගීතයක් ගායනා කළේ ගායක අමල් පෙරේරා. සිංදුව කියලා අවසානයේ නාමල් සිටින තැනට ඇවිත් අමල් ඔහුව බදා ගත්තා. මං හිතන්නේ ඒ සිදුවීම දැකපු ඕනෑම අයෙකුගේ දෑසට කඳුළක් නොනැගෙනවනම් ඒක මහා පුදුමයක්.
ඒ වගේම කලා ක්ෂේත‍්‍රයේ ඇගයීමට පාත‍්‍රවිය යුතු කිහිප දෙනකුම රයිගම් මෙවර සම්මාන උළෙලේදි ඇගයීමට පාත‍්‍රවීමත් විශේෂයි. සිරිල් වික‍්‍රමගේ, අනුලා කරුණාතිලක, ඩෙරික් ප‍්‍රනාන්දුට සිය කලා ජීවිතයේ අමරණීය දවසක් බවට මෙවර රයිගම් උළෙල පත්වන්නට ඇත්තේ ඔවුන් එහි ගෞරව සම්මානයෙන් පිදුම් ලබපු නිසා.
රයිගම් ටෙලි සම්මාන උළෙලේ ගොඩාක් අයගේ ආකර්ශනය දිනාගත්ත තවත් අංගයක් වුණේ ‘රංවල බළකාය’ ඉදිරිපත් කළ අපූරු ගීතමය විශේෂාංගය. ඒ වගේම උළෙල පුරාම සංගීතය සපයපු සංගීත් විජේසූරිය ප‍්‍රමුඛ වායෝ සංගීත කණ්ඩායමත් සම්මාන උළෙලට අපූරුමය සංගීත අත්දැකීමක් එක් කළා.
සම්මාන උළෙලේ ජනපි‍්‍රය නළු නිළි යුවළ තෝරන මොහොත උදාවුණා. අමිල අබේසේකර, සාරංග දිසාසේකර, පුුබුදු චතුරංග, විශ්ව කොඩිකාර නළුවන්ගේ පැත්තෙන් ජනපි‍්‍රය නළුවාට තරඟ වදිද්දී ජනපි‍්‍රය නිළියට ආශා එදිරිසිංහ, උදාරි වර්ණකුලසූරිය, ඉෂාරා සඳමිනි, නිර්දේශ වෙලා තිබුණා. ජනපි‍්‍රය නළුවා ප‍්‍රකාශයට පත් කරන සුභ මොහොත එළැඹුණා.
උළෙලේ නිවේදන කටයුතු කරපු සාරංගත් මේ සඳහා නිර්දේශ වී තිබුණු නිසා සඳමාලි පුංචි අණ කිරීමක් සාරංගට කළා. ඒ තමයි තමන් මේක ප‍්‍රකාශයට පත් කරලා ඉවර වෙනකන් පොඞ්ඩක් එහාට වෙලා ඉන්න කියන එක. දැන් පපුව ඩිග්.. ඩිග්.. ගානවාද කියලා සඳමාලි සාරංගගෙන් අහපු ප‍්‍රශ්නයට සාරංග හරි අපූරු උත්තරයක් දුන්නා. දුන්නැත්තන් මං අඬනවා. සාරංග එහෙම කිව්වාම මුළු පේ‍්‍රක්ෂකාගාරයම එකම සිනා සයුරේ ගිලූණා. කොහොම වුණත් සඳමාලිගේ කීම අහලා සාරංග පැත්තකට වුණා. ඒ වෙලාවෙම තමයි මෙවර රයිගම් සම්මාන උළෙලේ ජනපි‍්‍රය නළුවා සාරංග කියලා ප‍්‍රකාශයට පත් වුණේ. මේ සම්මානය සාරංගට ඉවසුම් නැති සතුටක් බව ඔහුගේ මුහුණ කදිම සාක්ෂියක් වුණා. සාරංගට මෙවර තවත් විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි ජනපි‍්‍රය නළුවා සම්මානය වගේම හොඳම නළුවාටත් සාරංග නිර්දේශවී සිටීම. සම්මාන දෙකම හම්බ වෙනවා නම් මං කැමැතියි. සාරංග එහෙම කිව්වාම මුළු
පේ‍්‍රක්ෂකාගාරයම නැවත වතාවක් සිනා සයුරේ ගිලූණා.
ජනපි‍්‍රය නළුවා සම්මානය දිනා ගත්තු සාරංගට මුල්ම සුබ පැතුම මල් කළඹක් එක්කම ලැබුණේ පි‍්‍රය බිරිඳ උමාලිගෙන්. ඒකත් හැම දෙනාටම බොහොම හෘදයාංගමව විඳ ගැනීමට ලැබුණා. ජනපි‍්‍රය නළුවා සම්මානය දිනා ගැනීමෙන් පස්සේ සාරංග සිය කටහඬ අවදි කළා.
”2011, 2012, 2014 රයිගම් ටෙලි සම්මාන උළෙලේදීම ජනපි‍්‍රය නළුවා සම්මානය මට හිමිවීම සතුටක්. මෙවර මා හොඳම නළුවාට නිර්දේශවී සිටින නිසා එවැනි අවස්ථා සම්මාන උළෙලවල විරල බව ක්ෂේත‍්‍රයේ අයත් පැවසුවා. මා හොඳම නළුවා උණත් නැතත් පේ‍්‍රක්ෂකයාගේ ආදරය උපරිමව හිමිවීම විශාල සතුටක්. හැමදාම හදවතේ තිබෙන ගැස්ම අදත් ඒ විදියටම තිබෙනවා. වේදිකාවේ නිවේදනය කරමින් සිටින විට මෙම ජනපි‍්‍රය නළුවා සම්මානය ලබා ගැනීම විරල අත්දැකීමක්. එයත් මට සම්මාන ලැබුවා හා සමානම සතුටක්?’’ සාරංගකිව්වා.
ජනපි‍්‍රය නළුවාගෙන් පස්සේ ජනපි‍්‍රය නිළිය තේරීමේ අවස්ථාව උදාවුණා. ජනපි‍්‍රය නිළිය ලෙස පේ‍්‍රක්ෂකයාගේ වැඩිම මනාපයෙන් සම්මාන දිනාගත්තේ උදාරි වර්ණකුලසූරියයි. ඇය රයිගම් උළෙලක ජනපි‍්‍රය නිළිය වන්නේ පළමු වතාවට. ඇයට ඒ නිසා මේ සම්මානය ගොඩාක් වටිනවා ඇති. ඇගේ සතුට වේදිකාව උඩදිම ඇය වචන කළේ මෙහෙම
”ජනපි‍්‍රය නිළිය සම්මානය ලැබීම ගැන ගොඩාක් සතුටුයි. එය ලොකු පිනක්, භාග්‍යයක් ලෙස සළකනවා. අන්තිම මොහොතේත් මම හිතුවේ නැහැ මේ සම්මානය මට හිමිවෙයි කියලා. මොකද මම මේ වෙනුවෙන් කිසිම කැම්පේන් එකක් කළේ නැහැ. මේක සැබෑවටම පේ‍්‍රක්ෂකයන්ගේ මනාපය.’’
ඊළඟට වසරේ හොඳම නළුවා නිළිය තෝරා ගැනීමේ අවස්ථාව එළැඹුණා. සම්මාන උළෙලක කූඨප‍්‍රාප්ති අවස්ථාව වන්නේ ඒ අවස්ථාව කිව්වොත් නිවැරැදියි. ඒ අනුව හොඳම නළුවා නිදේශිත නාමයන් තිරයේ දිස්වුණා. සාරංග දිසාසේකර, අතුල පතිරණ, විශ්වජිත් ගුණසේකර වසරේ හොඳම නළුවාට නිර්දේශ වනවිට හොඳම නළුවා ලෙස සම්මාන හිමිවුණේ විශ්වජිත් ගුණසේකරට. විශ්ව රයිගම් සම්මාන උළෙලක හොඳම නළුවා වන්නේ දෙවැනි වතාවට. සම්මාන උළෙල අවසන් වීමෙන් පස්සේ සෙනඟ අතර තෙරපීගෙන ගොස් මම ඔහුට සුබ පැතුම් එක් කළා.
”දුෂ්ට නළුවන්ට සාමාන්‍යයෙන් හොඳම නළුවා සම්මානය දෙනවා අඩුයි. ඒත් හොඳම නළුවා සම්මානය මට පිරිනැමීමෙන් ඒ සිතුවිල්ල කඩන්න විනිශ්චය මණ්ඩලය කටයුතු කර තිබෙනවා. මේ සම්මානයෙන් කියන්නේ මගේ රඟපෑම සාර්ථකයි කියලා. මට සම්මානය හිමිවුණු චෙස් නාට්‍යය ගත්තොත් මට අලූත් අත්දැකීමක්. එහි රඟපෑම අමාරුයි. ඒත් ඒ අභියෝගය සාර්ථකව ජයගැනීමට හැකිවුණා කියලා මම හිතනවා. නාට්‍ය විකාශය වන කාලේත් මට හොඳ ප‍්‍රතිචාර තිබුණා. ඒ ප‍්‍රතිචාර මේ සම්මානය එක්ක තවත් තහවුරු වුණා.’’ විශ්වජිත් එහෙම කිව්වේ ඇත්තටම නිහතමානී හැඟීමෙන්.
රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම නිළිය වුණේ චාන්දනී සෙනෙවිරත්න, චාන්දනීට නම් ඉතින් හොඳම නිළිය සම්මානය කියන්නේ අමුත්තක් නෙවේ. අවස්ථා ගණනාවකදීම චාන්දනී හොඳම නිළිය සම්මානය දිනාගෙන තිබෙනවා. ඒත් මෙවර සම්මානය ඇයට දැනෙන්නේ කොහොමද? ඇය ඒ ගැන කිව්වේ සම්මාන? උළෙලින් පස්සේ.
”සම්මාන ගණනාවක් හිමිව තිබුණත් මෙවර ලැබුණු සම්මානය මට වටිනවා. එය නිළියකට ලැබෙන විරල අවස්ථාවක්. ”චෙස්” නාට්‍ය වෙනුවෙන් මේ ලැබුණු ඇගයීම මගේ රංගන ජීවිතයේ ඉදිරිය වෙනුවෙන් ලොකු පිටුවහලක් වේවි.” ඇය කිව්වා.
චාන්දනීට ලැබුණු සම්මානයට සුබ පතන්න ගොඩාක් අය එකතු වෙනවා. ඒවාට ඉඩ දීලා මමත් ඇයට සුබ පතලා එතැනින් ඉවත්වුණා.
සම්මාන ලැබුණු අය වගේ සම්මාන වලට නිර්දේශ වුණු අයත් එකිනෙකා බඳාගෙන සුබ පතා ගන්නවා. හැමෝගේම මුහුණුවලින් පේන්නෙ සහෝදරත්වයෙන් එකිනෙකාගේ හැඟීම් බෙදා ගන්න බවක්. ආනන්ද අබේනායකගේ ටෙලි නාට්‍යයක් වසරේ හොඳම ටෙලි නාට්‍ය විදියට සම්මාන ලැබුවා. මෙවර සම්මානනීය වුණේ ”චෙස්”. හොඳම ටෙලි නාට්‍ය සහය නළුවා විදියට මහේන්ද්‍ර පෙරේරාත් හොඳම සහය නිළිය විදියට අමා විජේසේකරටත් සම්මාන හිමිවුණා. තවත් අසිරිමත් රයිගම් ටෙලි සම්මාන උළෙක නිමාව සටහන් වුණේ ඔන්න ඔය විදියට තමයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සමහර නිළියන් ගැන මගේ නම් කිසිම ප්‍රසාදයක් නැහැ. පත්තර වලට කියන කිසිම දෙයක් අවංකව කරන ප්‍රකාශ කියලා මට හිතෙන්නේ නැහැ. මේ ලෝකයේ සුපිරිම පවුල් ජිවිතයක් තිබෙන ලංකාවේ අංක එකේ ප්‍රභූ කාන්තාව වගේ කතා කරන්නේ. පිට ඔපෙන් ඔක්කොම වහගන්න හදන බව පැහැදිලියි. (ර)
උදාරි වර්ණකුලසූරිය ගැන කවුරුත් දන්නවා. අපි නම් එයා ඉන්න ටෙලියක් වත් බලන්නේ නෑ. එච්චරටම ජනඅප්‍රියයි. (ස)
ඔයාගේ අප්‍රියාව ඔයා තියගෙන පත්තර වලට නොලිය ඉන්න තරම් හික්මීමක් ඇත්තටම ඔයාට නැද්ද රසිකා. (ස)
චමිට විවාහක රුරැජින කිරැල දුන්නනම් හරි ඇති නේද? හැබැයි ඊට කලින් කසාදයක් කරගන්න බලන්න. (ස)
මිනු මම විවාහක අතර මට සුන්දර බිරිඳක් ඉන්නවා . ඇයට අවශ්‍ය ඇඳුම් ආයිත්තම් මම අඩු පාඩුවක් නැතිව අරන් දෙන බැවින් අනුන්ගේ ඇඳුම් නොකියා ගන්නේ නැතිව බොරුවට ලෝකෙට පෙන්වීම් වලින් තොර ප්‍රීතිමත් විවාහක ජිවිතයක් අපි ගත කරන බව දැනුම් දෙමි. (ස)
මධුවන්ති හික්මීම ගැන ඔයා කියනකොට අපිට හොඳට මතක් වුණා කලකට පෙර එක්තරා ඇඳුම් සාප්පුවක සිදු වූ සිද්ධියක් ! (බ)
සමහරුන් හිතන් ඇති සම්මාන ගත්තාම තරඟ දිනුවාම ලංකාවේ මිනිස්සු අතීතය අමතක කරවී කියලා. (ර)
ජනප්‍රිය නිළිය සම්මානේ දීලා තියෙන්නේ මෙයාටද? ඒකෙන් තේරෙනවා සම්මාන උළෙලේ තතරම. (අ)
අයියෝ මදුවන්ති ඉල්ලාගෙන නාලා නේද (අ)
හරිම ලස්සනයි (නි)
මෙය පිළිගත නොහැකියි.(හේ)
ඔය ජනප්‍රිය සම්මානය නම් අපිට සැකයි.(හේ)
මේ සම්මාන ලබා දීම සම්බන්ධයෙන් සතුටු විය නොහැකිය.(හේ)
අනේ මන්දා නීතිය ඉදිරියේ වැරදි බව ඔප්පු වුන පසුත් සමහර බවලතුන්ට ලැජ්ජාවක් නැහැ. (හේ)
ලැබිය යුත්තන්ට සම්මාන ලැබී නොමැත.(හේ)
ඔය ජනප්‍රිය නිළිය සම්මානය කොහොම ලැබුනාද කියලා උඩ ඉන්න දෙවියෝ තමයි දන්නේ . (හේ)
මොකද මේ සමහරුන්ගේ ඇඳුමේ දෙපැත්තට රෙදි මදි වෙලා ? (ර)
සමහරු හිතන්නේ අපිට අතීතය අමතකයි කියලා.(හේ)
සමහර අතීත සිද්ධි එක්ක බලන කොට මේ සමහරුන්ට ජනප්‍රිය සම්මාන ලැබුනේ කොහොමද කියලා හිතෙනවා. (ර)
මෙතන එක්කෙනෙක් කියලා තියනවා එයා ලංකාවේ කාන්තාවන්ට ආදර්ශයක් දුන්නාලු . අපිට මැරෙන්න හිනා. (ර)
මදුවන්ති, හික්මීම කියන වචනයේ තේරුම ඉගෙනගෙන අදහස් පල කලා නම් නේද හොද? (ර)
මේක විතරක් නෙවෙයි පසුගියදා පැවැත්වුන විවාහක රු රැජින තරඟයේ ප්‍රතිපල ගැනත් අපිට සැකයි. (ර)