පසුගිය ඔත්තෝබරයේදී වාහන අමතර කොටස් ගෙන්වන සමාගමකින් ලක්ෂ 125ක අල්ලසක් ගත් බව කියන සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (31) රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපයක් හා ලක්ෂ 50ක ශරීර ඇප දෙක බැගින් වූ ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය. ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කැරිණි.
එසේ ඇප මත මුදා හැරුණේ රේගු අධිකාරී උපාලි සෙනරත් වික්‍රමසිංහ හා රාජගේ වසන්ත විමලවීර යන දෙදෙනාය.
මෙම සිදුවීමට අදාලව ඔක්තෝබරයේදී රේගු නිපධාරීන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන පසුගිය දෙසැම්බර් 1 වැනිදා ඇප මත මුදා හැරිණි. ඒ රේගු අධිකාරී සුධීර පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක, මල්දෙණියගේ උපාලි ගුණරත්න යන අයයි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රේගුවේ තව දෙන්නකුට ඇප