ශ්රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ උප නායකයකු වූ මොහොමඩ් වසීම් තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ප්‍රභූ පවුලක සාමාජිකයකු සහ ආරක්ෂක අංශයකට සම්බන්ධ බව කියන පිරිසක් අත්අඩංගුවට ගැනීමට යතියි පොලිස් ආරංචි කියයි.
වැල්ලවත්ත මුරුගන් පාරේ පදිංචිව සිටි ඔහු 2012 මැයි 16 වැනි දා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල දී ඔහුගේ කාරය ගිනි ගැනීමෙන් ඔහු මිය ගිය බව එකල පොලිසිය කීවේය. 2012 මැයි 17 වැනි දා ඔහුගේ සිරුර සොයා ගන්නා විට කාරය තුල දැවී අඟුරුවී තිබිණි. නාරාහේන්පිට පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය ඒ ගැන විමර්ශන කළත් අලුත් දෙයක් සොයා ගත්තේ නැත.
ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව ලැබුණේ පසුගිය පෙබරවාරි මාසයේ ය. එහි ඇති දෑ අනුව මෙය රිය අනතුරකින් වූ මරණයක් ද, මිනී මැරුමක් ද යන්න ගැන සැක කරන බව කී පොලිසිය ඒ ගැන වැඩිදුර විමර්ශන පොලිස්පතිගේ නියමයෙන් රහස් පොලිසියට බාර දුන්නේය.
පෙම්පලහිලව්වක් දුරදිග ගොස් වසීම්ගේ ඝාතනය සිදුවූ බව කියැවෙන තොරතුරක් ද රහස් පොලිසියට ලැබී තිබිණි. රහස් පොලිසිය මගින් කළ පරීක්ෂණවලින් සොයාගෙන ඇත්තේ වසීම්ගේ මරණය මිනීමැරුමක් බවයි.
නාරාහේන්පිට දී රිය අනතුරකට ලක්වූ බව කී වසීම්ගේ මුදල් පසුම්බිය සොයා ගැනුණේ කිරුලපොණ පැත්තෙන් බව පොලිසිය කියයි.
හැව්ලොක් ක‍්‍රීඩා සමාජයේ ඉදිරි පෙළ රගර් ක‍්‍රීඩකයකු වූ වසීම් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙකි.
2008 දී ශ‍්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස සම්බන්ධ වූ ඔහු කණ්ඩායමේ උපනායකයා බවට ද පත් විය. 2009 වසරේ දී ජනප‍්‍රියම රගර් ක‍්‍රීඩකයාට හිමි සම්මානය ද ඔහු ලබා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැකකරුවන් හෙළි කොට වැරදි කරුවන් වුනොත් දැඩි දඩුවම් දිය යුතුයි.(හේ)
අපේ ප්‍රභූ පුතාලා උපාසක අප්පුලා . ඒගොල්ලන්ට මොනවත් කියන්න එපා.(බ)
වැරදිකරුවන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් දිය යුතුමයි. අපි දන්නවා මේ අපරාධය පිටුපස සිටින්නේ කවුද කියලා. (ම)
අනේ අපි නම් ඕවට ගාවගන්න එපා (බ)
පරාද වෙන්න තීන්දුව දුන්න නිසා රගර් විනිසුරට නෙලපු කේස් එක ඩිස්මිස්ද එතකොට ..(බ)
මාව නම් ඕවට ගාවගන්න එපා ඔන්න.....(බ)
වෙන කවුද ඉතින්? (නි)
අපි නම් දන්නවා කවුද කියලා (නි)
මහජනතාවගේ කුතුහලය අවුස්සන දෙයක් වෙයි වගෙයි (නි)
අපෝ! අපිට නම් ඔය ප්‍රභූ පුතාලා ගැන අහලම ඇතිවෙලා. මේ කාලයේ කොහේහරි රණ්ඩුවක් ගියොත් එතන ප්‍රභූ පුතෙක් ඇති. (නි)
අපි නම් දන්නවා කවුද කියල සිහින අගමැතිගේ පුතාද (බ)
මෙයත් නාටකයක් වෙයිද දන්නේ නෑ.(හේ)
නිතිය සැමට එක සේ ක්‍රියාත්මක විය යුතුයි, වරදක්කර ඇත්නම් දඩුවම නියතය. (හේ)
මෙන්න මීළඟ චිත්‍රපටය. (හේ)
ප්‍රභූ පුතත් රගර් ගහපු කෙනෙක්ද. (හේ)
කවුද මේ.(හේ)
හොඳයි මහින්දගේ එක පුතෙක් මේකට අහු වෙනවා ෂුවර් (බ)
දේශපාලනයෙන් තොරව තිබුණු රගර් ක්‍රීඩාවට මේ පුත්තු රිංගලා විනාශ කළා.......මොවුන් ජාති ජාතිත් බලයට පත් නොවේවා .....(බ)
ක්‍රීඩකයෙක් කෙසේ වෙතත් රගර් විනිසුරුවෙක් නම් කාගේදෝ සුදු පුතෙකුගෙන් ඒ දවස් වල ගුටි කෑවා කියලා අපිට ආරංචියි (බ)
මීළඟ ටෙලි නාටකය'' අබිරහස් මරණය '' (බ)
රගර් ක්‍රීඩාව කියන්නේ බෝලය අරගෙන දුවන තැනත්තාව අල්ලා ගැනීම හෝ බිම වට්ටවා ගැනීමයි නැතුව මරා දැමීම නොවෙයි ප්‍රභූ පුතාලා වෙන සෙල්ලමක් නොව කර තිබෙන්නේ (ම)
ටෙලි නාට්‍යවලත් මේවා පෙන්නන්න ඕනේ (බ)
මේකේ අලගිය තැන් මුලගිය තැන් කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක්නේ. (බ)
ඔය සිද්ධියේ ප්‍රසිද්ධ සාක්කි කාරියක් නම් ඕස්ට්‍රේලියාවේ කැන්බරා වල ඉන්නවා. (බ)
හොද වෙලාවට ප්‍රභූ පුතාලා ක්‍රිකට් ගැහැව්වේ නැත්තේ.එහෙනම් නායක,උප නායක,දෙවැනි උප නායක තනතුරුත් ඒ ගොල්ලටම දෙන්න වේවි.(කේ)
මිනිසුන් බලයෙන් මත් වුනහම කරන කියන දෑ මොනවාදැයි දන්නේ නැහැ. සදාකාලික ජීවයක් නොමැති බව වටහා ගන්න බැරි ඇයි? යනකොට මොනවද අපි අරගෙන යන්නේ? ලැබූ සියලු කිර්තින් මේ විදියට ගියහම කිරි කාලයට දාපු ගොම බින්දුවක් නෙවේ ගොම් බෙට්ටක් ගානයි දැන්නම්.(හේ)
අනේ අර ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතකයනුත් හොයන්නකෝ (බ)