මෝටර් රථයක් තුළ මියගොස් සිටි රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළ අධිකරණ වෛද්‍ය වාර්තා හා රස පරීක්ෂක වාර්තාවල ඇති පරස්පරතා පිළිබඳව රහස් පොලිසියට ප්‍රකාශ ලබාදෙන ලෙස හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට සහ රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.
අධිකරණ වෛද්‍ය වාර්තා සහ රස පරීක්ෂක වාර්තා පරස්පරවීම සැකසහිත බව පවසමින් අදාළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට අවසර ඉල්ලමින් රහස් පොලිසිය කළ ඉල්ලීම පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ලබාදුන්නේය.
ඒ අනුව රජයේ ප්‍රධාන අධිකරණ නිලධාරී ලෙස කටයුතු කළ ආනන්ද සමරසේකර හා ජ්‍යෙෂ්ඨ සහකාර රස පරික්ෂක රොෂාන් ප්‍රනාන්දු මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පර්වතයක් උඩ සැඟවුණද,මහා මුහුදේ රළ අතරේ සැඟවුණද තමන්ගේ කර්මයෙන් ලැබෙන ප්‍රතිඵලයෙන් ගැළවෙන්න බැරි බව මගේ ආගමේ සඳහන්. (නි)
පිවිතුරු යහපාල මේවා කියන්නේ ලංකාවේ අනෙක් මිනිසුන්ට තරුණ පුතාලා නැහැ කියලා උපකල්පනය කරලා වෙන්න ඇති. (නි)
යහපාලගේ ගුවන් හමුදාව තිබිල තියෙන්නේ කිතුල ගහක් යට (නදී)
මට මතකයි පාසල් යන කාලයේ මගේ පෙම්වතිය (දැන් බිරිඳ ) ට පාරේ යන එනකොට වදයක් වුණ වෙනත් පාසලක සිසුවෙකුට මම බිම දමාගෙන ගැහුවා. මේක ආරංචිවුණ මගේ අප්පච්චි මගේ කණ හරහා පාරක් දීලා ඒ සිසුවාගේ ගෙදරට ගිහින් සමාදාන කෙරෙව්වා. ඒ සිසුවා මගේ පියා ගැන කොපමණ පැහැදුනාද කිව්වොත් ගහගත්තේ කෙල්ලක් නිසා කියලාවත් කිව්වේ නැහැ. ඒකට දැන් ඉන්න සමහර දේශපාලක තාත්තලාගේ අතින් පුතාලාට වරදට දඬුවමක් නැහැ. ඒඅ අය තව තවත් සුදුහුණු ගාලා සමාජයට අත හරිනවා. (නි)
අපි මේ රජයෙන්වත් සාධාරණයක් බලාපොරොත්තු වෙනවා (නි)
යහපාල ඒ වෙලාවේ ඉඳලා තියෙන්නේ අසවලාගේ වාහනයේ ඩිකියේ වෙන්න ඇති, මෙච්චර සහසුද්දෙන් වෙච්ච දේවල් දන්නේ. (නි)
මේක මිනීමැරුමක් කියල ඔප්පු වෙලාවත් ඔප්පු කරවීමේ හැකියාවක්වත් නැහැ.. එහෙම ඔප්පු කලත් ප්‍රේම සබදතාවක් තිබුණු පලියට කෙනෙක්ව අත් අඩංගුවට ගන්න නීතියෙන් ඉඩක් නැති බවත් එහෙම අත් පුච්චා ගැනීමක් කරන්න තරම් යහපාලන පොලිසිය නිර්භීත නැති බවත් අපිට පැහැදිලියි..මේ මරණය ගැන කදුළු සලන අයට පැහැර ගන්නේ කොහොමද ,වද දෙන්නේ කොහොමද, ඝාතනය කරන්නේ කොහොමද, මහ මග ටයර් සයවැල් හදන්නේ කොහොමද ,ඇඩ්‍රස් නැති මරණ තව කෙනෙකුෙගේ ගිණුමට බැර කරන්නේ කොහොමද කියල ඉගෙන ගන්න යහපාලනය උතුරා ගිය 88/89 කාලසීමාවට යවන්න කාල මැෂිමක් හදන්න පුලුවන්නම්. ඇත්තටම මහානාම මහත්තයෝ නැද්ද එහෙම මැෂිමක්? මේ මුණු පොතෙන් 2009 ට පස්සේ ඉපදිච්ච මරණ හැටි මැරෙන හැටි දන්නේ නැති බබාලට මරණ හැටි මැරෙන හැටි උගන්නන්න. (ස)
ඒ ගමන පිවිතුරු යහපාල කොරනෙල් රාළහාමිගේ වැඩේ භාර අරන්ද මේ මරණය හදිසි අනතුරක් කියලා කියන්නේ? (නි)
මම නම් හිතන්නේ යහපාල රගර් ටීම් එකේ සාමාජිකයෙක්ද කොහෙද? (නි)
මෙන්න අරුණ බක පණ්ඩිත දෙබාන කිව්වාම මහානාම කුලප්පු වෙලා. තොප්පිය දාගෙන, යහපාලයි, මහානමයි දෙන්නාම නමවත් නැති කේස් වලට පැනලා නම දානවා. ලෙඩේ තියෙන්නේ ඔය ගොල්ලන්ට මහානාම. මෙතන ලියන වෙන කාටවත් ඔය ලෙඩේ නැහැ. තමන්ගේ කටින් ඔහොම දෙයක් පිටවුණා නිසානේ ඔය උඩින්ම අදහස් ලියපු මනුස්සයාට දොස් කියන්නේ. ඒ කෙනා තමනුන්නහෙගේ නමවත් ලියල තියනවාද ? ගිහින් ඔය දේශපාලන උන්මත්තක ලෙඩේට බෙහෙත් ගන්න මහානාම. (නදී)
පිවිතුරු යහපාල මුදල් වලට කඩේ ගියාට වාහන එලවන්න බලපත්‍රයක් නැහැ. ඒ විතරක්ද ඔය අනතුර වුණ පාරේ වත් ගිහිල්ලා නැහැ. මෙන්න අහියෝගය ඇත්ත ලිපිනය දමන්න ඔබගේ ඇත්ත නම් දමන්න. නැත්නම් කටවහගෙන ඉන්න (නදී)
දැන් අර එක නෝනා කෙනෙක් පවුල පිටින්ම පිටරට පැටෙව්වේ මොකද දන්නේ නැහැ . සාක්කි දෙනවාට බයේ නෙවෙයි නේ ? (නදී)
පැහැදිලිවම නිසි සාදාරන හා අපක්ෂපාති පරීක්ෂණයක් කර වැරදි නම් තරාතිරම නොබලා ඉහලම දඩුවම් ලබා දිය යුතුයි. මොකද මෙය කවුරු කලත් පුද්ගලික ප්‍රස්නයක්. රට වෙනුවෙන් සිදු වු වරදක් හෝ දෙයක් නොවේ. ඒ නිසා පවතින නීති රාමුව ඇතුලත උපරිම දඩුවම් දිය යුතුයි. හැබැයි ගැටලුව දැන් පවතින දේශපාලන වාතාවරණය යටතේ අපක්ෂපාති සාදාරන පරීක්ෂණයක් සිදු වේදෝ කියන සැකය සාමාන්‍ය ජනතාව අතර තියෙනවා. (නදී)
භයානක අපරාධ කරන මිනිස්සු අපරාධ කරන්නේ සාක්කි ඉතිරි කරලා නෙවෙයි. මේක ලෝකයේ හැමතැනම සිද්ධ වෙන දෙයක්. හැබැයි මේ මිනිස්සුන්ට සුදු හුණු ගාන්න කට්ටිය නම් කොහේ ගියත් ඉතිරි වෙනවා. ඒකත් අත් දුටු සත්‍යයක් (නදී)
කාන්තාවන් කියන්නේ පාවිච්චි කරල අයින් කරන්න පුළුවන් සෙල්ලම් බඩු කියල තමයි සමහර දේශපාලක පුත්තු හිතන්නේ. ඕක පක්ෂ විපක්ෂ හැමතැනම අදටත් අත් දකින සත්‍යයක්. ලොකුම විහිලුව වෙන්නේ මේ සමහර කොල්ලන්ට කවදාවත් කොලු වයසේ මීටර කැරකෙන්නේ නැහැනේ. අවුරුදු 30 පැනපු මිනිහාටත් කොලුවාලු. බහුතර ලංකාවේ පිරිමි ඔය වයසේදී තාත්තලා . (නදී)
අපි ඉපදුන රට ගැන දේශීය විදේශීය සියල්ලන්ටම තියෙන්නේ (සමාවෙන්න රටට ආදරය කරන පිරිසට) රට ගැන ලෙන්ගතුකමක්. නමුත් දෙන්නෙක් අස්ප කුලප්පුවෙන් වාගේ හැසිරෙන කොට ඕනෑම කෙනෙකුට තේරෙනවා මෙයාලා කාටද කඩේ යන්නේ කියලා. (ර)
තමන්ගේ පුතාල මට්ටු කරගන්න බැරි තාත්තලාට ප්‍රතිපල ලැබෙන්නේ තමන්ගේ ජීවිතයේ අග භාගයේදී. ක්‍රීඩා විනිසුරුට තඩි බාලා බේරුණ පුතාලට කහ ඉර මැද බලපත්‍ර නැතිව රිය පදවා මිනිසුන් පරලෝකෙට යවපු පුතාලාට අනේ කමක් නැහැ මම ඉන්නවා උඹව බේරා ගන්න කියපු එකේ ප්‍රතිපල උඩ ඉන්න දෙවියන්ගෙන් හරි ලැබෙනවා. (නදී)
මම නම් දේශපාලන පුවත් වලට ප්‍රතිපත්තියක් ලෙස අදහස් ලියන්නේ නැහැ. නමුත් කියවනවා. මමත් දැක්කා පසුගිය පුවත් වලදී මෙතන ලියන පාඨකයන්ට කොටි සහ රට බෙදනවා ආදී වශයෙන් නම් කියමින් චෝදනා කරනවා. රට බෙදීම හෝ කොටින්ට උල්පන්දම් දීම අපරාධයක් බව මෙතැන අපි හැමෝම දන්නවා. නමුත් මෙලෙස අස්ථාන චෝදනා කරමින් මෙතන අනෙකුත් පුවත් වලට ලියන ස්වාධීන අදහස් ඇති අයට පවා ලේබල් ගැසීම යම් යටි අරමුණක් ඉෂ්ට කරගැනීමක් කියලා පැහැදිලියි. අපි මෝඩයන් නෙමෙයි. මීට වැඩිය යමක් නොලියමි. (නි)
යහපාල, කඩේ යන එකෙත් සීමාවක් තියනවා. මේක පුදුම ගැතිකමක්නේ. (නි)
අයියෝ! දැන් මොනවා වෙයිද? (නි)
මට නම් මේවා ගැන කිසිම දෙයක් ලියන්න අමාරුයි (නි)
මට නම් පෙනෙන්නේ ඇරුණයි රුකීයි දෙන්නම එක්කෙනෙක්. ඒකයි මහානාම අරුණට ලිව්වම රුකීගේ අසනීපය උත්සන්න වුණේ. අරුණ කෙසේවෙතත් රුකී නම් ඉක්මනට බෙහෙත් ගන්න. දැන් බලන්න මේ සංවාදයේදී පවා මුලින්ම හතුරු අදහසක් දාලා අවුස්සන්නේ මහානාමද? පිවිතුරුද? අරුණද? රුකීට සිංහල තේරෙන්න ඕනෑනේ. ඉතින් දැන් බෙහෙත් ගන්න ඕනෑ රුකී නොවේද? කමක් නැහැ ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් ලියන්න කියන්න පුළුවන් (නි)
මට පෙනෙන හැටියට මහානාම සහ පාලිත පෙරේරා යන දෙන්නාම එකයි. පාලිත පෙරේරා මීටපෙර ඩයස්පෝරාව පුවතේදීත් මහානාමට ප්‍රති උත්තර දුන් බවලතුන්ට උපහාස කරමින් පස්සෙන් පැන්නුවා මට හොඳට මතකයි. (නි)
මෙතන කිසිම පුවතකට හරියට සංවාදයක් ගෙනියන්න බැහැ. දේශපාලන අන්තේවාසිකයනුයි ඒ අයගේ පිටකසන්න ලැහැස්තිවෙලා ඉන්න හෙන්චයියයන්ගෙනුයි වැඩකට නැති වාදවිවාද නිසා අපි මේ ඉඳල හිටලා මෙතන කරගෙන සාකච්ඡාව කැඩෙනවා. (නි)
ඇත්තටම මේ රුකීට පිස්සුද ? නැත්නම් ලෙඩක්ද? අපි මේ නොලියා අදහස් බලනවා විතරයි.නමුත් ඔයා මේ ගැහැණු අපිටත් අපහාසයක්නේ කරන්නේ. මේ ඔයාගේ හැටිද? කරුණාකර වැදගත් ලෙස ප්‍රතිචාර දක්වන්න, වැරදි නම් විවේචනය කරන්න, අකමැති නම් නොබලා ඉන්න. බලන්න තව ගැහැණු උදවිය කොච්චර ලස්සනට අදහස් දානවද කියලා පක්ෂව හා විපක්ෂව? (නි)
රේණුකා පෙරේරා කියන්නේ බැරිවෙලාවත් පාලිත පෙරේරාගේ කවුරුහරි නෙමෙයි නේද? හොඳටම කලබලවෙලා වගේ නිසා ඇහුවේ. (නි)
රේණුකා මහත්මිය, පසුගිය පුවත්වල ඔය පාලිත පෙරේරා ලියපු ආකාරය හොඳට බලන්න. අනෙක මම කාන්තාවක් නෙමෙයි. ඔබ රැවටුනේ රුකී යන මගේ කෙටි නමටයි. නමුත් පාලිතලා යහපාලලා වගේ කාන්තාවකට හැඳි මිටේ නුවණයි කියමින් ඔබට අපහාස නොකරන්නේ ඔවුනට වැඩිය වැදගත් ලෙස මෙතන ලියන්න මම දන්නා නිසයි. (නි)
රේණුක පෙරේරා කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි, මහානාම. හොඳට කියවන්න මේ ඔයාගේ හැටිද යන්නට පසුව ඇති වචන ටික. ඔය විදියටමයි මහානාම මිට පෙර ඩයස්පෝරා පුවතේදී අනෙකුත් අයගේ නම් කියමින් ලියලා තිබුනේ. "වැරදි නම් විවේචනය කරන්න. අකමැති නම් නොබලා ඉන්න " (නි)
ඉස්තරම් සංවාදයක් ! මොනවත් නොලියා දේශපාලන පුවත් අදහස් කියවන අපිට උදේ පාන්දර විනෝද සමය මතක් කර දුන්නාට බොහොම ස්තුතියි. (ම)
මිය ගිය පුද්ගලයා ජනප්‍රිය පුද්ගලයකු විය හැකියි, නැතිනම් සාමාන්‍ය පුද්ගලයකු වියහැකියි. වඩා වැදගත් මැරුනේ කවුද කියන එකට වඩා මැරුනේ කොහොමද කියන එකයි. මෙම මරණයත්, ඒ සම්බන්දව සිදුවුන පරීක්ෂණත් සැකයට තුඩුදෙන විදියට සිදු වූ නිසයි මෙම පරීක්ෂණය නැවත වරක් සිදුකරන තත්වයකට පත්ව තිබෙන්නේ. කිසිකෙනකුට තව කෙනෙකුගේ ජීවිතය විනාශ කරන්ට අවසරයක් නැහැ. සාධාරණත්වය මිය ගිය තාජුදීන් සහ පවුලේ අය වෙනුවෙන් ඉටු විය යුතුයි. යුක්තිය සහ සාධාරණත්වය ගරු කරන සැමදෙනාගේම පැතුම එයයි. (නදී)
නීතියට අනුව විනිසුරන් නිවැරදි තීරණය ලබා දේවි. සමහරක් මේ ගැන කරුණු කාරනා දන්නවා වගේ පේනවා අදහස් අනුව. සමහරවිට විනිසුරන් ඒ අයව සම්බන්ධ කර ගත්තනම් නඩුවේ ඉදිරි කාරනා වලට පහසු වේවි. සංවාදය, නිදහසේ කල හැකි අපක්ෂපාති අරුත්බර සංවාදයක් කිරීමට බාධා වන අනවශ්‍ය කරුණු දමා කතා නොකරන්න. (නදී)
අරයව අල්ලන් ඇවිල්ලා මිරිස් ගෝනියේ බස්සලා හොඳට බැස්ටිය දුන්නා නම් ඔක්කොම වමාරාවි. නඩු තීන්දුවෙන් පස්සේ පණපිටින් බල්ලන්ට කන්න දමන්න. චුට්ටක්වත් පවු නැහැ. රටට කරන සේවයක්. (නදී)
මේවාට අදහස් ලියන්න ගියොත් අර බක පණ්ඩිත දෙබාන ඊළඟට මේ හුටපටයටත් මෙතන ලියන මිනිස්සු සම්බන්ධයි කියාවි. මෙතන ස්වාධීනව අදහසක් ලියපු මිනිස්සුන්ට කොටි ලේබල් ගහපු අයට මොනවද කියන්න බැරි. (නදී)
මේ ක්‍රීඩකය මියගියේ අනතුරකින්. ආණ්ඩුව බොරු ප්‍රචාර කරමින් යෝෂිතව මේකට පටලවන්න හදන්නේ (නදී)
මියගිය ක්‍රීඩකයා තමන්ගේ ලස්සන සුරතල් දරුවා සමග සිටින ඡායාරූපයක් මම පත්තරයක දුටුවා. කවුරු වුණත් මේ අහිංසක දරුවාට තමන්ගේ පියාව අහිමිවුණා. ඒක මේ ලෝකයේ කිසිම කුඩා දරුවෙකුට සිදුනොවියයුතු දෙයක්. (නි)
නොලියා ඉන්නම දෙන්නේ නැහැ. ඔව් සුරනි මම තමා රේණුකා පෙරේරා , මම තමයි පිවිතුරු යහපාල, මම තමයි විජයබාහු, මම තමයි රොහාන් දුනුවිල, මම තමා සුමුදු හේවා සහ අනෙකුත් රට වෙනුවෙන් ලිව්වේ ඔක්කොම මම තමා. ඒක සුරනි මිස්ට ප්‍රශ්නයක්ද? මොකද රට වෙනුවෙන් කතා කිරීමේදී අපි එකෙක් වගේ තමා වැඩ කළයුත්තේ හා කතා කළයුත්තේ. (නි)
පිවිතුරු යහපාල ගැන මම හදවතින්ම ලැජ්ජා වෙනවා. අපි මොනවා උනත් හරි දේ හරි කියන්න ඕනේ. වැරදි දේ වැරදි දේ කියන්න ඕනේ. ඒකයි සිංහලකම. (ර)
මහානාම රට වෙනුවන් කිය කියා පවුලක් වෙනුවෙන් කඩේ යන කෙනෙක්. (නි)
අපි බලාපොරොත්තු වෙන්නේ අවසන් තීන්දුවයි (නි)
මහානාම මහත්තයා ගණන් ගන්න එපා. මේ තීරුවේ එදා ඉඳලා ඉන්න අපි දන්නවා යහපාලන ගැත්තන් ගැන. තමන්ට නිහඬ කරන්න ඕනෑ නම් එක්කෝ නම් දහය පහළොවකින් ඒ පුද්ගලයාව විවේචනය කරනවා. ඒත් බැරිනම් ඒ නමින් නොවැදගත් අදහස් දාලා තීරුව එපාකරවන්න හදනවා.ඕක තමයි එයාලා මහින්ද මහත්තයාගෙන් ජනවාරි 8 වෙනිදා බේරාගත් මාධ්‍ය නිදහස.ඔය තියරි දැන් වලංගු නැහැ මහත්වරුනේ.මහින්දාගමනය වළක්වන්න වෙන විකල්ප හොයාගන්න (නි)
අතුල මහතා , ඔබතුමා මම දාපු අදහස බලලද නැත්නම් නිකන් හිතලද කතා කරන්නේ? කියන්න එක දවසක් මම කොයි පුද්ගලයා ගැනද කතාකළේ ? මම හැමදාම හැම ප්‍රවෘත්ති තීරුවකම කතාකළේ රට ගැනයි අතුල. ඔබතුමා නොදැන කතා කරන්න එපා. රට වෙනුවෙන් ලියනකොට වැඩ කරනකොට බැනුම්, අවාලද, අපහාස සාමාන්‍ය දෙයක්. නමුත් මේ බුද්ධිමත් සබාවේ ඒ වගේ පදනමක් නැතුව කතාකරන එක ඇත්තෙන්ම කණගාටුවක් (නි)
සුරනි, මම අවශ්‍ය නම් මගේ දුරකථන අංකය දාන්නම්, හැඳුනුම්පත් අංකයත් දාන්නම්.මට කිසිම ප්‍රශ්නයක් හෝ බයක් නැහැ. මම කාවවත් විවේචනය කරන්නේ නැහැ. කළොත් ඒ විශ්වාසනීය ප්‍රවෘත්ති මුලාශ්‍ර හරහා. මම මෙතන ලියන දේවල් , මම ප්‍රසිද්ධියේ කතාකරන දේවල්. ඉතින් මම ඇයි බය? කියන්න සුරනි කෙළින්ම වහෙන්ඔරෝ නැතුව , ඔබතුමිට මොනවාද මහානාම ගැන දැනගන්න ඕනෑ? ඔබතුමිය නොදන්නවා ඇති මම කීප පාරක් ම යෝජනා කළා ෆේස්බුක් හරහා ලොග් වෙන ක්‍රමවේදයක් ගැන.මොකද සමහරු අනෙක් උදවියගේ නම් වලින් අදහස් දාන හා දාපු නිසා. ඔබතුමිය නොදැන කතා කරන්න එපා (නි)
අපේ සීයා දකුණේ ගමක. අපිට දවසක් කිව්වා කතාවක් පොඩි පහේ ආදර හුටපටයක් අවසන් වුණේ කොහොමද කියලා. අදටත් ඒ තරුණියගේ කණගාටුදායක ඉරණමට සාධාරණයක් නැහැ. (නි)
අපි දන්නවා ඔය රගර් පිටියේ වුණ දේවල්. අපේ ළඟම ඥාතියෙක් කිව්වේ. අන්තිමේ ඒ පුද්ගලයා යන වාහනයත් මේ වගේම ගිනි ගන්න ඉඩ තිබෙන නිසා අපි මීටවැඩිය කට අරින්නේ නැහැ. (නි)
මේ සම්බන්ධයෙන් නිසි පියවර ගනී කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.(හේ)
ළගදිම කවුද ඇත්ත මිනි මරුවෝ කියලා අහුවෙයි.(හේ)
මහානාම මහත්තයාට විතරක් නෙමෙයි මේ ප්‍රශ්නය තිබෙන්නේ (නි)
ඔව් ඔව් ආරංචියේ හැටියට අනතුර සිදු වුනාම එයාගේ මුදල් පසුම්බිය ඈතකට ඇවිදගෙන ගිහින් තියනවා. (බ)
අපි මේවාට අදහස් නොලියන්නේ මේ මරණයට පත් වූ කෙනා හෝ ඔහුට සම්බන්ධ අයගේ ගෙවල් වල සාමාජිකයන් වගේ මේ මිනි මැරුමකි නැති නම් මෙය අපේ උදවියට අල්ලා ගැනීමට ඇටවූ උගුලක් යනුවෙන් කීමට පිටස්තර අපට නොහැකි නිසාය. (බ)
මහානාම ඔබ මේ චිත්‍රපටියක රඟපානවා වගේ, සුරනි ඔබ කොහේදෝ කියල කතා කලාට ඔය කාන්තාව ඔබට ප්‍රති උත්තර දෙන්න මෙතන පැය 24 ම පරිගණකයේ වාඩි වෙලා ඉඳීවි කියල හිතන්න තරම් ඔබ මෝඩද ? මෙතන ලියන බහුතරයක් කැමති තෝරාගත් එක පුවතකට හෝ දෙකකට තමන්ගේ අදහස ලිව්වා. එදා දවසටම ඒක විතරයි. ඔබ වගේ මුළු දවසම මෙතන කොට කොට ඉන්න මිනිස්සුන්ට පිස්සුද ? (නදී)
අනේ පිවිතුරු යහපාල මොකුත් දන්නේ නැහැ වගේ ලියල (බ)
දැන් කවුද මෙතන යෝෂිතකෙනෙක් ගැන කියල තියෙන්නේ ? මරණයක් වුණා පරීක්ෂක වාර්තා පරස්පරයි කියල පුවතේ තියනවා . අර කවුද පාඨක නෝනා කෙනෙක් කියපු අඳ බාල කතාවට කටට මසුරන් දාන්න වටිනවා. (බ)
මහානාම මහත්තයා ඕවා ගණන් ගන්න එපා. (නි)
පටලන්න දෙයක් ඉතුරු වෙලා නැත (බ)
යහපාල හමුදාවේ කිව්වා නේද... බඩගිනි හමුදාවේ වෙන්න ඇති මගේ හිතේ.. ඕකට තමයි කියන්නේ මහත්තයෝ කට බොරු කීවත් දිව බොරු කියන්නේ නෑ කියලා. ඔබතුමා දැනටමත් යෝශිතව වැරදි කාරය කරලා ඉවරයි (නදී)
අපිට තියෙන්නේ සැකයක් හරි තොරතුරු එළිවෙනකම් හැබැයි පිවිතුරු යහපාල බලන් හිටිය වගේ මාර විස්වාසෙන් කියන්නේ මේක අනතුරක් කියල... ඔයාද වාහනේ පදවාගෙන ගියේ? (බ)
රග්බි කණ්ඩායමේ ඊළගට නායකත්වයට සුදුසුකම් ලබල තිබ්බේ වසීම්. ඒක දන්නෝ දනිති. පරණ පෙම්වතියගේ උපන් ලපයේ හුටපටයි නායකත්වයට තිබුන තරගයයි නිසා සල්ලි දීලා වැඩේ දෙන්න ඇති. කරපු කෙනාව ඉතින් මෙතන කියන්න ඕනේ නෑනේ. අදාළ පුද්ගලයා නිසා අපේ රටෙන් බිහිවෙන්න හිටපු හොදම රගර් ක්‍රීඩකයන් 4 දෙනෙක් අපිට අහිමි වුනා නායකත්වය දේශපාලන බලයට යට වෙච්ච නිසා. ක්‍රීඩාව හැර ගිය 4 දෙනාම නුවරින් බිහි වුන සුපිරි බුලට් 4ක්. අපරාදේ. (බ)
අයියෝ! දැන් නම් මේක ළිඳ ළඟ සංගමය වගේ.මොන්ටිසෝරියත් මීට වඩා ගොඩක් හොදයි.මට මතක්වුණේ මේ පිවිතුරු මාමා කියන විදිහට මාමා එක්ක යාළුවෙලා හිටියා කියන කෙල්ලෝ කොච්චර වාසනාවන්තද කියලා (නි)
මට පේන විදියට ඔය යහපාල ගම්මන්පිල වගේ (බ)
වහාම සාදාරන පරීක්ෂණයක් සිදුකල යුතුයි. වැරදි කරුවන් කවුරුන් උනත් දඩුවම් දිය යුතුයි. එයයි මහ ජනතාව විදියට අපි බලාපොරොත්තු වෙන්නේ (නදී)
මේ ඇත්තටම මේ පිවිතුරු යහපාල කියන්නේ මොනවගේ කෙනෙක්ද?? (නි)
දැන් කවුද මෙතන යෝශිතගේ නමක් කිව්වේ ? යහපාල හොඳට පුවත කියවන්නකෝ . මරණයක් සිදු විය වාර්තා පරස්පරයි. ඔන්න ඔච්චරයි . මොකද මේ පස්ස කැඩුන කඩියා වගේ දඟලන්නේ (බ)
අනේ මන්දා අන්තිමට මොනවා වෙයිද කියලා (නි)
ප්‍රශීන්.මම ලියන "රාජපක්ෂ සනුහරේ රටම සුරාගෙන කෑමේ පන්සීය පනස් ජාතක කතා වස්තුවේ" සියලුම කතා වස්තු අඩංගු කරලයි තියෙන්නේ.පොත එලියට අාපු දවසට චෞර රැජින පොතට වඩා හොද අලෙවියක් තියේවි. (බ)
මහානාම - කඳාන, ඔබට හැඳුනුම්පත් අංකය ලියන්න බයක් නෑ. ඒක තමයි ජනවාරි 9 ට පෙර සහ පසු වෙනස. ආණ්ඩුවට විරුද්ධව තමන්ගේ නමින්ම ලියන්න පුළුවන් දැන්. බය තියෙන්නේ ඊට අනෙක් පාර්ශවයට. ඔබගේ ස්වාමියා අවොත් මොනවා වෙයිද කියලා. (නදී)
යහපාලට කාර් එලවන්න බැහැ ප්‍රසන්න . දේශපාලකයන්ගේ කොට උඩ ගිය වාහන තල්ලු කරන්න විතරලු පුළුවන් .(බ)
"මිග් යානා ගනුදෙනුව" ගැන සත්‍ය හෙළි කරපු/ලියපු ලසන්තට මොකද වුනේ ? (බ)
මෝටර් රථයක් තුළ මියගොස් සිටි රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට හේතුව අන්තර්ජාලය විසින් හෙළි කළා (බ)
කරලා තිබෙන අපරාධ වලට නීතියෙන් දඩුවම් නොකළට ,සොබාදහමින් දඩුවම් කරන දවසක් එනවා. එදාට දුවන්න පාරවල් මදි වෙනවා. (බ)
පිවිතුරු යහපාල 2015-06-23 13:51:06 මමනම් නෙමෙයි.. කොහොම වුනත් කට්ටිය දැන් නඩුවත් අහල තීන්දුවත් දීල ඉවරයි කියලනම් පේනවා අදහස් වලින්..ලව් හුට්ටප්පරයක් තිබුනමයි කියමුකෝ..ඔය කාලෙට ඔය වයසට ඔහොම හුට්ටප්පර නැති කොල්ලෝ කෙල්ලෝ ඉන්නවද ? ..ලව් එකක් තියෙන එකෙක් මළොත් කෙල්ල කලින් යාලු වෙලා හිටිය එකා පලිද.. එහෙම බැලුවොත් ඉතින් මමත් දැන් ඉන්න ඕන වැලිකඩ. (බ)
පිවිතුරු යහපාල ඇතුලු එයාගේ පාර්ශවයේ සියලුදෙනාම ජනවාරි 8 වැනිදා ඉදලා පස්ස කැඩුන කඩි වගේ තමයි දඟලන්නේ. (බ)
ගුවන් හමුදාවේ.රට වෙනුවෙන් එදා අවශ්‍ය යුතුකම කරලා අද ඒ යුතුකමේ ඉතුරු ටික සම්පුර්ණ කරන .ගගේ ඇලේ දොලේ ලිදේ වතුරේ රහ දන්නා කොස් දෙල් අල බතල වගේම කිතුල් පොල් රා පොල්කට්ටේත් රහ දන්නා මහපොළොවේ පය ගහල ජිවත් වෙන හතළියේ දශකය ගෙවන හොඳ ගමේ කොල්ලෙක්..ඔබතුමා වගේ සුද්දන්ට කබුරන මුණු පොතෙන් ලෝකේ දැක්ක කළු සුද්දෙක් නෙමෙයි.(ම)
පිවිතුරු යහපාල මෙතන ප්‍රශ්නය තියෙන්නේ අලුත් පෙම්වතා එසේ මෙසේ එකෙක් නෙවෙයිනේ. තාත්තාගේ බලය පාවිච්චි කරගෙන හෙලිකොප්ටර් වලින් ගමන් ගිය තමන්ට වැඩිය එකෙක් නෑ කියලා හිතාගෙන තාත්තාගේ අඩිපාරේ මමත් යනවා කියලා ඔප්පු කරන්න දගලන පුතෙක්ගේ වැඩක්. (බ)
ඩුබායි ආයේ ගඳ ගස්සවනවා (බ)
දළදා මාලිගාවට මල් වට්ටියක් අරගෙන ගියාට පස්සේ තවම පන්සල් ගියේ නැද්ද? නැතිනම් පන්සල් ගියාට මාධ්‍යයෙන් හෙළි කරන්නේ නැද්ද? (බ)
සදුන් මහතානෙනි, මම දන්නේ නැහැ ඇයි ඔබතුමාලා පටලවා ගන්නේ කියලා. අපි හැදුනුම් පත් ගැන කතා කලේ 1987 - 89 කාලයේ චම්පික රණවක මහතා එක්ක එකට සරසවි ඉන්න කොට. මේවා දැන් ලියලා එපා වෙලා ඔබතුමා නොදැක්කට ? මගේ ස්වාමියා ගැන ඔබතුමා දන්නේ කොහොමද ? මට කවදාවත් ස්වාමිලා නැහැ , හිටියෙත් නැහැ , ඉන්නෙත් නැහැ , මේ ආණ්ඩුවේ වෙනස ගැන කිව්වට බොහොම තුති. එ්ක බලා ගන්න පුළුවන් සැපතැම්බර් වල ජිනීවා වල දී. ඔන්න නාවික හනුම්දා පති වසන්ත කරන්නාගොඩ මහතා වත් ගන්නලු යන්නේ. මේ යන්නේ ජිනීවා වලට කලින් කට්ටිය ඇතුලට ගන්න. එතකොට කියන්න පුළුවන් නේ මෙයාලව ගත්තේ වෙන හේතු වලට කියලා. අන්තිමට නිලදාරින්ගෙන් ඉතුරු වෙන්නේ සුදු කොඩි දාපු මහතා විතරයි. කොහොමද වෙනස නියමයි නේද ? (නදී)
යහපාල මහත්තය රා බිල වෙරි වෙලා වෙන්න ඇති නේද වැරදි දේට වැරදි කියන්න බැරි විදියට කොන්ද පන නැත්තේ. සුද්දගේ ගෙනාපු කලිසම ඇදගෙනම සුද්දට බනින විරවංශ මහත්තයාගේ ජාතියේම කෙනෙක් නේ යහපාලත්. අදාළ දේට කතා කරන්න බෑනේ යහපාල මහත්තයට ඇත්ත කියන්න දිව නැමෙන්නේ නෑනේ. හැමදේටම සුද්ද අල්ලගන්න යහපාල මහත්තය හරි දක්ෂයි. මට හිතෙන්නේ මේ මනුස්සයව මරල ඇත්තේ සුද්දෙක්. (නදී)
ප්‍රශීන්,මේ ළඟදී දවසක ඔය කියන අය ගැනත් අන්තර්ජාලයේ තිබුනා. (නි)
පිවිතුරු යහපාල, එයාගේ ඩුබායි ඉන්න යාළුවන්ට මම ගැනත් හොයන්න කියලලු තියෙන්නේ.හොඳ වෙලාවට ලංකාවේ සුදු වෑන්,ග්‍රීස් යක්කු,මුහුදු වතුර,ළිං වතුර,වාහන ගිනි ගැනීම්,වාහන අනතරු ....කාල පරිච්ඡේදය ඉවරයක්ම කරන්න ලැබුනේ. (නි)
ඉන්නේ ඩුබායි. මෙහි වෙන දේවල් ගැන හීනෙන් දකින දේ අපිට කියනවා. මෙහෙ අනතුරක් වුණාම මුදල් පසුම්බිය හොයාගන්න පුළුවන්වුණ එකත් ලොකු දෙයක්. එක එක්කෙනා මෙහෙම වෙන්න ඇති කියා හිතන දේවල් අධිකරණය ගණන් ගන්නේ නැහැ. (නි)
යහපාල කවදත් කළේ වැරදිකාරයන්ට කඩේ ගිය එකනේ. නමක් සඳහන් නැති සිද්ධියකට එයාම නමක් ඇතුළත් කරගෙන නටන නැටුමෙන්ම නිකම්ම ඔප්පුවෙනවා. මෙතැනදී මට මතක් වෙන්නේ අර පුහුල් හොරා කරෙන් දැනෙන කතාව. ඒත් අපි නම් ඒවා ඉගෙනගත්තේ දෙකේ පන්තියේ සිටියදී. (නි)
ආයෙත් වෙනත් දඬුවම් මොකටද? මල් වට්ටි අරන් රට වටේ දුවන්න සිද්ද වෙච්ච එකම මදිද? හීනෙන්වත් හිතපු විදියටද දැන් කටයුතු කරන්නේ? (නදී)
ඩුබායි තිලක්, මෙතන පිස්සු නටන්නේ මොකද? (නි)
අරුණ, කරුණාකර ඔලුව පරීක්ෂා කරගන්න. ලැජ්ජා වෙන්න එපා. ඕක රෝගයක්. බලන්න. ඔයා ඔහොම අදහසක් දාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ ? කිසිම ප්‍රශ්නයක් නැහැ වරදකරු කියා 100% ඔප්පුකළ හැකි නම්. තරාතිරම නොබලා දඬුවම් කළයුතුයි (නි)
රාජපක්ෂ නැතුව පිවිතුරු යහපාලට බොහොම පාඩුයි වගේ (නි)
මට නම් පැහැදිලියි මොකද වුණේ කියලා. මුළු රටමත් දන්නවා ඇති කවුද කළේ කියලා. නමුත් මේ පරීක්ෂණ අවසන්වෙනකොට තව අවුරුදු 15 වත් යාවි.මේ ගැන කතාකරා වැඩක් නැහැ. වෙන වැඩක් බලාගමු. (නි)
තිලක්,මිග් යානා ගැන තවත් කතා එපා. ඒවාට විසඳුම අධිකරණයෙන් ලැබුනා (නි)
මොරටුව විශ්ව විද්‍යාලයේ චම්පික ඇමතිතුමා ඉගෙන ගත් කාලයේ පන්ති වර්ජන මෙහෙයවා සිසුන්ව අවුරුදු ගණන් ඉගෙනීම කඩා කප්පල් කරවූ කල්ලියේ උදවියට මතක නැද්ද දන්නේ නැහැ රට වෙනුවෙන් කිය කියා කල අපරාධ ටික (නදී)
යසපාල, මේකෙ දැනට ලියලා තියෙන 90% තමාට විරුද්ධව ලියලා තියෙන්නේ. කරුණාකරලා ප්‍රසිද්ධියේ පරණ ලොක්කන්ගේ කුණු රෙදි හෝදන්නේ නැතුව ඉන්න.ඔහෙට අමතකවෙලා වගේ ගිය රජයේ නඩු අහපු හැටි? නඩුවට කලින් තීන්දුව රජයේ ඇමතිවරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. එච්චර විශ්වාස ක්‍රමයක් තමා අපි ජනවාරි 8 පරාජය කළේ. (නි)
පොඩි ආදර සම්බන්ධතාවයක් කියන්නේ අසරණ වූ එක පාර්ශවයක් වෙනත් ලොවකට යන එකක්ද කියලයි මම මේ කල්පනා කරන්නේ (නි)
මිනිමරලා නීතියෙන් බේරිලා හිටියට තමුන්ගේ හෘද සාක්ෂියට බොරු කරන්න බැහැනේ. ඔය මිනීමරුවා හා මැරීමට අනුබල දුන්නු කෙනා ජිවිත කාලයේම සිතින් විඳවයි මේ මිනීමැරුම ගැන. රටම දන්නා මේ කුරිරු මිනීමැරුම් වසන් කරන්න උත්සාහයක යෙදෙන ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ මේ ජිවිතකාලයේම තමයි. එහෙම නැත්නම් ඉතින් මේ ලෝකේ තියන විද්‍යාවයි, ධර්මයයි බොරු... ඔහොම හොඳට තව නටන්න කකුළුවා නටන්නේ හැලිය රත් වෙන තුරු පමණයි....(ම)
තානාපති සේවයට සුදුසු අය අනන්ත සිටියදී රාජ්‍ය තාන්ත්‍රික සේවාවට අදාළ සුදුසුකමක් නැති කෙනෙක් ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයට සේන්දු වුණේ ඇයි කියලා දැන් අපිට සැකයි (නි)
තමන්ගේ ගෙදර හුටපට කොහොමත් ඉතින් පොඩි දේවල් තමයි යහපාල. ඒවාට සම්බන්ධව අගතියටපත් අයගේ ඉරණම මරණ මොහොතේ හරි තමන්ගේ හිතට ඇවිල්ලා යන තැනටවත් හිතේ නිදහසින් යන්න නොදෙන බව අපි අසා තිබෙනවා. (නි)
බොහොම හොද ප්‍රශ්නයක් , ඒක අහන්න චම්පික රණවක ඇමතිතුමා ගෙන් හමු වූ දාක ? (ම)
ඉස්සර රජ කාලේ ඉතින් හැමදේම වුණේ එක් කෙනෙකුට අවශ්‍ය විදිහටනේ! (නි)
අපි දැක්කා පසුගිය කාලයේ එක්කෙනෙක් බොහොම ආදරයෙන් තවත් කෙනෙක් සමඟ ඉන්න ඡායාරූපයක්. (නි)
අපි බලමු සිද්ධවෙන දේ... (නි)
පිවිතුරු යහපාල සහසුද්දෙන්ම නිසැකවම දන්නවා නම් මේ මරණය හදිසි අනතුරක් කියලා,මම ආරාධනාවක් කරනවා යහපාලව රජයේ සාක්ෂිකාරයෙකු හැටියට ඉදිරිපත් කරන්න කියලා (නි)
වයසේ වැරැද්ද නිසා කමක් නැහැ කියන්න දේවල් තිබුණත් මේ පුවතේ තිබෙන්නේ කොල්ලෙක් කොලුකමට කළ දෙයක් නොවේ. හදිසි අනතුර වුණ කෙනාගේ මුදල් පසුම්බිය වෙන තැනකත්, පෙනහළු වලට කාබන්ඩයොක්සයිඩ් යන්නේ නැතුව ගිනිගෙන පිළිස්සුන මළ සිරුර තව තැනකත් තිබීමත් ආශ්චර්යයක්. වෙන එකක් තියා අනතුර වුණ තැන තිබුන තාප්පයවත් කඩාගෙන ගිහිල්ලා නැහැ. නමුත් වාහනය හැපිලා. සවි ශක්තිය ඇති ක්‍රීඩකයාට එළියට එන්න බැරි විදියට අඩපන වෙලා. අහළ පහළ මිනිසුන්ට මරනින්දක් ගිහින් සද්දයක්වත් ඇහිලා නැහැ. (නි)