රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් විභාගවන නඩුවේදී ඔහු මිය යාමට පෙර ජංගම දුරකථනයට ලැබුණු වාර්තා ඉදිරිපත් කළ නොහැකි බව ඩයලොග් සමාගම වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අද (2) උසාවියට දැන්වීය.
අදාළ දිනයට මාස තුනකට පෙර වාර්තා පමණක් එම ආයතනය රඳවා තබාගන්නා බවත් ඊට පෙර වාර්තා තමන් සතුව නැති බවත් දිවුරුම් ප්‍රකාශයක් මගින් ඩයලොග් සමාගම උසාවියට දැන්වූ අතර නඩුව විභාග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා දැනුම් දුන්නේ කෙසේ හෝ නඩු විභාගයට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසයි.
නඩු විභාගය සැප්තැම්බර් 10 වැනි දිනට කල් තැබිණි.
වැල්ලවත්ත මුරුගන් පාරේ පදිංචිව සිටි රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් 2012 මැයි 16 වැනි දා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල දී ඔහුගේ කාරය ගිනි ගැනීමෙන් ඔහු මිය ගිය බව පොලිසිය වාර්තා කර තිබිණි. 2012 මැයි 17 වැනි දා ඔහුගේ සිරුර සොයා ගන්නා විට කාරය තුළ දැවී අඟුරුවී තිබිණි. මෙතෙක් මේ සම්බන්ධයෙන් කිසිවකු අත් අඩංගුවට ගෙන නොමැති අතර ගිය රජයේ ප්‍රබලයකුගේ පුත්‍රයකු ගැනද පරීක්ෂණ ආරම්භ වී ඇත.
2025 දෙසැම්බර් මස 18
97
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රගර් ක්‍රීඩක ඝාතන පරීක්ෂණ දිගටම
සඳුන් Thursday, 02 July 2015 09:01 AM
කරන දෙයක් ඉක්මනින් කරන්න. අරයා ආවොත්නම්, ඔක්කොම යට ගහලා පරීක්ෂණ කරපු අය හිරේ දමයි. ඒකට ආවඩන මෝඩයොත් ඉන්නවනේ.(බ)
රූපවතී Thursday, 02 July 2015 09:18 AM
තවත් ටිකක් තාත්තට බණ කියන්න පුළුවනි ..මාධ්‍යවේදීන් ටික වට කරගෙන ..? (බ)
සරණපාල Thursday, 02 July 2015 09:31 AM
ඔව් ඔව් සඳුන් පව් රග්බි කොලුවට ඉක්මණටම සාධාරණය ඉටු කරන්න. සැප්තැම්බර් 10 නම් දුර වැඩි. (ම)
ඩිලාන් Thursday, 02 July 2015 09:37 AM
මේක මෙහෙම යට ගහලා තිබුණේ සාක්කි නැති වෙනකන් තමයි . (ම)
රොහාන් සෞදි Thursday, 02 July 2015 09:46 AM
සදුන් බය වෙන්න එපා හිටපු ලොක්කා ආයේ එන්නේ නෑ ඒ නිසා වැරදි කරපු අයට දඬුවම් ලැබෙනවා (ම)
දුමින්ද Thursday, 02 July 2015 09:48 AM
සමහරුන්ගේ කතා ඇසින් දුටුවා වගේ ...(ම)
අනුශ්ක Thursday, 02 July 2015 01:35 PM
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)