කොම්පඤ්ඤවීදියේ පිහිටි පෞද්ගලික රෝහලක් තුළ දී අද පස්වරුවේ පිහි ඇනුමකට ලක්ව බරපතල තුවාල ලැබූ විශේෂඥ වෛද්‍ය රෝෂාන් මහේන්ද්‍ර මෙන්ඩිස් (41) මහතා දැඩිසත්කාර ඒකකයට ඇතුළු කර ඇතැයි ඇතැයි පොලිසිය කියයි.
එම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගැනීමට ආ රෝගියකු වෛද්‍යවරයාට අනින්නට ඇතැයි පොලිසිය සැක කරයි.
වෛද්‍යවරයාගේ බෙල්ලට, මුහුණට සහ හිසට පිහි පහරවල් 10ක් පමණ එල්ල කර ඇතැයි රෝහල් ආරංචි කියයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මනෝ වෛද්‍ය විශේෂඥයකු වන මහතා බව පොලිසිය සදහන් කරයි.
වෛද්‍යවරයා අද පස්වරු 4.00 පමණ රෝහලේ සුපුදුරු සායන කටයුතුවල නිරත වෙමින් සිටියදී රෝගියෙක් වශයෙන් පැමිණ ඇති මෙම සැකකරු කාමරය වෙත පැමිණ එකවරම සඟවාගෙන සිටි පිහියක් ඉවතට ගෙන වෛද්‍යවරයා වෙත එක දිගට පිහි පහර එල්ල කර ඇතැයි කියති.
වෛද්‍යවරයාගේ කෑගැසීමෙන් එම ස්ථානයට පැමිණි පිරිස දැක සැකකරු පැන ගොස් ඇති අතර රෝහලේ ආරක්ෂකයින් සහ එහි පැමිණ සිටි පිරිස් මහත් පරිශ්‍රමයක් යොදා සැකකරු මෙල්ල කර අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දී තිබුණි.
මෙම සැකකරු මීට පෙර ඉකුත් ඔක්තෝබර් මස නව වැනිදා ද රෝහලේදී වෛද්‍යවරයාට පහර දී තිබු අතර සැකරුගේ රෝගී තත්වය සැලකිල්ලට ගත් වෛද්‍යවරයා සැකකරුට එරෙහිව පරීක්ෂණ සිදු නොකරන ලෙසට පොලිසියෙන් ඉල්ලා තිබුණු බව පොලිසිය පවසයි..
මෙම වෛද්‍යවරයා රෝගීන් පරීක්ෂා කිරීමේ දී රෝගී සහ පෞද්ගලික ජීවන තොරතුරු වෙනත් අය දැනගැනීම වැලැක්වීම සදහා රෝගීන් පරීක්ෂා කිරීමේ දී හෙදියක් හෝ කාර්යමණ්ඩලයේ කිසිවකුගේ සහය ලබා නොගන්නා බවද රෝහල් ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! ඔහුගේ ජීවිතයට නම් අනතුරක් නොවේවා! (නි)
මානසික රෝගීන් එක්ක වැඩ කරද්දී කෙතරම් ආරක්ෂාවක් සළසා ගතයුතුද? (නි)
රෝගීන්ගේ යහපත පමණක් නොව ඔවුන්ගේ පෞද්ගලිකත්වයද ගැන උසස් විදියට සිතන මෙවැනි වෛද්‍යවරුන් ඇත්තේ අතළොස්සකි. ඔබතුමාට ඉක්මන් සුවය පතමි! (නි)
හොඳ අයටමයි කරදර. එතුමාට ඉක්මනින් සුවය ලැබේවා (නි)
අනේ පවු! ඔහුට ඉක්මන් සුවය ලැබේවා! (නි)
අද ඉන්න දොස්තරලා අතර මොහු දෙවියෙක් වැනියි (නි)
මේ ලෝකේ හොඳ කෙනෙක් ඉන්නවා නම් ඔහුටම තමා හැම මරාලයක්ම කඩා වැටෙන්නේ. (නි)
මේ අපරාධය කරපු පුද්ගලයා උම්මත්තකයෙක් වෙන්න බැහැ. කොන්ත්‍රාත් එකක්ද දන්නේ නැහැ. මතකනේ මීට වසර දෙක තුනකට ඉහතදී ඔය වගේම සත්ගුණවත් දොස්තර මහත්මයකු ඝාතනය කළා. ඒකට එම වෘත්තියේම කෙනෙක් හවුල්වෙලා තිබුනා නේද? (නි)
දෙවියෙක් වැනි දොස්තර කෙනෙක් (නි)
දොස්තරට පිහියෙන් අනින්න තරම් ආවේගයක් ආවේ මොකද? (නි)
අපරාදේ! වෛද්‍යතුමාට සිතන්න තිබුනා නේද තමන් වැඩකරන්නේ රෝගීන් සමඟ බව? (නි)
ගුණසිරි, ඔබගේ කතාවෙත් සත්‍යයක් තියෙනවා.
අපි සම්පූර්ණ කතාව හරිහැටි නොදැන මොකුත් කියන්න බැහැ. පිහියකින් අනින්න ලොකු හේතුවක් තියෙන්න ඕනෑ. සමහරවිට මේ පුද්ගලයාගේ පවුලේ කෙනෙකුට වෙච්ච වැරැද්දකට තරහ පිරිමසාගැනීමක් වෙන්නත් පුලුවන්. (නි)
මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී තමාගේ ආරක්ෂාව පිළිබඳ ඉදිරියේදිවත් කටයුතු කිරීම වැදගත් (බ)
ගුණසිරි, කෝටි 3ක් ගන්න හදවත් සැත්කම් අපේ රටේ නැහැනේ. (නි)
උතුම් ගතිගුණ ඇති ඔබ වැනි වෛද්‍යවරු අගය කරමි. ඔබට ඉක්මන් සුවය පතන අතර මෙවැනි උතුම් ක්‍රියාවන්ටද බනින කුහකයන් ගැන කණගාටුවෙමි (නි)
හොඳ මිනිසුන්ටම ඇයි මෙහෙම වෙන්නේ? (නි)
ශ්‍රේෂ්ඨ දොස්තර මහත්මයෙක් (නි)
වෛද්‍යතුමනි, ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. බුදු සරණ ලැබේවා! (නි)
වෛද්‍යවරයා ගැන අපිට හරිම දුකයි. හොඳ මහත්මයෙක් (නි)
ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා! (නි)
විපාක සුභ හෝ අසුභ වියහැක්කේ ඔබ කළ හැටියටය. මෙම විපාක වලට දක්වන ප්‍රතිචාරය අනුව ඔබගේ ඉදිරි ගමන සකස්වෙනු ඇත. සංසර චක්‍රය මෙය වන්නේය. ලෝකයේ සැමට පොදු ධර්මතාවය මෙය වන්නේය. දොස්තර මහතාට සිදුව ඇත්තේ ඔහු කළ දෙයක විපාකයකි. හොඳ හෝ නරක බව ඉදිරියේදී දැනගන්නට ලැබෙනු ඇත. කිසිවකට කම්පා නොවී උපේක්ෂාවෙන් තේරුම් ගැනීමෙන් සසර කෙටිවනු ඇත. සුභ දවසක් වේවා! (නි)
රන්ජිත් මහතා,ඉතාමත් වටිනා අදහසක්. මේ සංසාරේ යථාර්ථය..... (නි)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
රජයේ රෝහලක මේ දේ වුණා නම් වෛද්‍ය සංගමය මැදිහත්වෙලා උද්ඝෝෂණ කරලා, ප්‍රතිකාර වලින් අයින්වෙලා. මේ රෝහලෙත් දොස්තරලා එහෙම කරලා මෙලහට පෞද්ගලික රෝහල වැහිලා ඇති මගෙ හිතේ (නි)
මේ සමඟම රෝහල් ආශ්‍රිත චැනලින් සේවා ගාස්තු නියාමනයට හා එක රෝගියෙකුගෙන් රෝහල් ගාස්තු ලෙස රුපියල් 500ක් ගැනීම තුළ ඇති අසාධාරණ බවත් නීතියට යටත් කරන්න. (නි)
පුද්ගලික රෝහල් වල සමහර වෙද්‍යවරු කපන මුදල් කැපිල්ලට රෝගීන් උම්මත්තකයෝ වෙලා ඉන්නේ. මගේ මිත්‍රයෙකුගේ හදවත් සැත්කමට කෝටි තුනක් ඉල්ලුවා. ඒ මිත්‍රයා මාවවත් එතරම් වටින්නේ නැහැ කියලා ගෙදර ගිහින් ඉන්නවා. (නි)
මමත් දොස්තර කෙනෙක්. ඔබ ඉතා හොඳ වෛද්‍යවරයෙක් බව පෙනෙනවා. ඔබට සම්පූර්ණ සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. (නි)