IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


රග්බි සංගමයේ සභාපති ධූරයට අසංග නිතරගයෙන්

ශ්‍රී ලංකා රග්බි සංගමයේ නව සභාපතිවරයා ලෙස අසංග සෙනවිරත්න මහතා  නිතරගයෙන් පත්ව සිටියි. ඒ මහතා දැනට එම සංගමයේ උපසභාපතිවරයා ලෙස කටයුතු කරයි. රග්බි සංගමයේ නිලවරණය (2011-12) ලබන ජනවාරි 7 වැනිදා පස්වරු 5ට බත්තරමුල්ල වෝටර්ස් එජ් ශාලාවේ දී පැවැත්වීමට නියමිතය. වත්මන් භාණ්ඩාගාරික කිරාන් අතපත්තු මහතාත් මෙවර එම ධුරයට නිතරගයෙන් පත්ව සිටින අතර සෙසු තනතුරු සඳහා නාමයෝජනා රැසක් ඉදිරිපත්ව තිබෙන බැවින් එම තනතුරු පිරවීම සඳහා ඡුන්ද විමසුමකට යාමට සිදු වනු ඇතැයි ද වාර්තා වේ. සංගමයේ උප සභාපති ධුරය සඳහා දැනට එම ධුරය දරන ලසිත ගුණරත්න මහතා හා මොහාන් සමරකෝන් මහතා තරග වදිති. ප‍්‍රධාන ලේකම් ධුරය සඳහා දැනට යෝජනා දෙකක්  ඉදිරිපත්ව තිබෙන අතර ඒ සඳහා තරග වදින්නේ වත්මන් ලේකම් ෂේන් දුහුල්ලෑව හා රිස්වි ඉල්ලියාස් යන මහත්වරුන්ය. සංගමයේ කාරක සභාව සඳහා සභිකයන් නව දෙනකු තෝරා ගැනෙන අතර ඒ සඳහා ද නාමයෝජනා 11ක් ඉදිරිපත්ව තිබේ. සියලූ පළාත් රග්බි සංගම් යෝජනා ස්ථිරත්වයෙන් අසංග සෙනවිරත්න මහතා හා කිරාන් අතපත්තු මහතා සභාපති ධුරය හා භාණ්ඩාගාරික ධුරය සඳහා යෝජනාවී තිබෙන අතර අතපත්තු මහතා වසර කීපයක්  තිස්සේ රග්බි සංගමයේ සාමාජික ධුරය දරන අතර පැවැති රග්බි අතුරු කමිටුවේ ලේකම් ධුරය ද දැරීය. බස්නාහිර පළාත් රග්බි සංගමය නියෝජනය කරන නව  සභාපතිවරයා ”සී.ආර්. සහ එෆ්.සී. කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් රග්බි ක‍්‍රීඩකයකු ලෙස කටයුතු කළේය. සෙනවිරත්න මහතා ලබන ජනවාරි 3 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ උප සභාපති ධුරයකට ද නාමයෝජනා බාර දී තිබේ.



අදහස් (0)

රග්බි සංගමයේ සභාපති ධූරයට අසංග නිතරගයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site