IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රග්බි ලීග් ශූරතාව ධර්මරාජ විදුහලට

පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ධර්මරාජ විදුහල සමත් විය. මහනුවර ත‍්‍රිත්ව විදුහලට අනු ශූරතාව හිමිවිය.

ධර්මරාජ විදුහල වයස 20 න් පහළ ලීග් රග්බි ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වන අතර ධර්මරාජ විදුහල වසර 10 කට වැඩි කාලයක් ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරයි.

ධර්මරාජ විදුහල මේ වන විට තරග 8 කදී ජයග‍්‍රහණ 7 ක් සහ එක විසඳුමකින් තොර තරගයක් සමගින් ප‍්‍රසාද ලකුණු 39.5 ක් ලබා අපරාජිතව සිටියි.

ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු වන මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ ඉසිපතන විදුහල අතර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පසුගිය සෙනසුරාදා (22) පැවැති තරගයෙන් ත‍්‍රිත්ව විදුහල පරාජයට පත්වීමත් සමග (17.20) ධර්මරාජ විදුහලට තරගයක් ඉතිරිව තිබියදී ශූරතාව හිමිවිය.

ධර්මරාජ විදුහල සහභාගි වන නවවැනි සහ අවසන් තරගය මේ මස 28 වැනිදා කොළඹ රාජකීය විදුහලට එරෙහිව කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වීමට නියමිතය.

 



අදහස් (0)

රග්බි ලීග් ශූරතාව ධර්මරාජ විදුහලට

මාලි Monday, 24 June 2013 04:03 PM

සුභ පැතුම්.(නදී)

:       0       0

ප්‍රභා Tuesday, 25 June 2013 06:21 PM

අනුන් ගැන කතා නොකර අපේ ජය සමරමු. ජයවේවා (අ)

:       0       0

ඉරන්ග Tuesday, 25 June 2013 02:10 PM

අපි අපේ රග්බි විරුවන්ට ආදරෙයි (නි)

:       0       0

වරුණ Tuesday, 25 June 2013 11:06 AM

පොනිල්, මමත් ධර්මරාජ තමා. නමුත් අනිත් අයට අපහාස කරන්න එපා. ‘ඒ’ කාණ්ඩයේ සියලුම පාසල් රග්බි වලට හරිම දක්ෂ පාසල්.(නදී)

:       0       0

නුවන් විජේසේකර Monday, 24 June 2013 04:55 PM

හොඳ වැඩක් කොල්ලනේ (අ)

:       0       0

රණා Tuesday, 25 June 2013 01:28 AM

තවත් දිරිමත් වේවා! (නි)

:       0       0

වරුණ Tuesday, 25 June 2013 02:58 AM

ධර්මරාජයට සුබ පැතුම්.මමත් ධර්මරාජයට රග්බි ක්‍රීඩා කර තිබෙනවා. අපිට ඒ කාලේ හොද පුහුණුකරුවන් සිටියේ නැත. (නි)

:       0       0

ගාමිණී Tuesday, 25 June 2013 11:39 AM

නියමයි රාජන්ස්, මමත් රාජන්ස් කොල්ලෙක් (නි)

:       0       0

ක්‍රිස් Tuesday, 25 June 2013 04:26 AM

උණුසුම් සුබපැතුම් ධර්මරාජ ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුට! මම කොළඹ සාන්ත පීතර විදුහලේ ආදී ශිෂ්‍යයෙක් (නි)

:       0       0

පොනිල් Wednesday, 26 June 2013 06:45 AM

සමාවෙන්න,වරුණ. ඔබ හරි. ත්‍රිත්ව රෝයල් පීටෙර්ස් ,ඉසිපතන වැනි ටීම්ස් වලින් ලැබුවා වූ පන්නරය ගොඩක් ඉවහල් වුනා, පසුව එකතු වුන රාජන්ස් ,විද්‍යා ,සිල්වෙස්ටර් ආදී නවක කණ්ඩායම් වලට. ඔබ හරි (නි)

:       0       0

පොනිල් Wednesday, 26 June 2013 06:49 AM

වරුණ ඔබ හරි, නවක කණ්ඩායම් වලට විද්‍යා, සිල්වෙස්ටේර්,රාජන්ස් සුපිරි කණ්ඩායම් වලින් ලැබූ පන්නරය වටිනවා.(නදී)

:       0       0

චමින්ද Tuesday, 25 June 2013 03:21 PM

මමත් ධර්මරාජයට ක්‍රීඩා කරලා තියෙනවා. 2011 ඕල්ඩ් අයිලන්ඩ් රග්බි 7ස් චැම්පියන් වුනෙත් ධර්මරාජ. සිංගර් ලීග් චැම්පියන් වුන පළමු වතාව වෙන්න පුළුවන්. 80 90 දශක වල ශ්‍රී ලංකා චැම්පියන් වුන වෙලාවල් තිබුනා. එතකොට ධර්මරාජ හැමදාම හිටියේ ලංකාවේ හොදම රග්බි ටීම් තුන හතර අතර. 2000 ට පස්සේ අපේ රගර් ටිකක් පස්සට ආවා. ජයග්‍රහණයට අපේ සුබ පැතුම්! ඉදිරියට කලින් තිබු තත්වය යලි උදා වේවා! (නි)

:       0       0

පොනිල් Tuesday, 25 June 2013 05:49 AM

උඩරට වීරුවන් කවදත් දම්රද දරුවන්. සුපිරි පාසල් බොරු සෝබන විතරයි (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 24 June 2013 09:07 PM

ජය නියතයි. ධර්මරාජ සුභ පැතුම්!(නදී)

:       0       0

සනත් Tuesday, 25 June 2013 01:23 PM

''ඒ '' කාණ්ඩයේ සියලුම පාසල් ඉහල තලයක ඉන්නේ.ඒ අතරින් මහනුවර ඉහලින්ම ඔසවා තැබූ රාජන්ස් කොල්ලන්ට සුභ පැතුම්.මහනුවරට ශුරතාවය ලැබුනට කොළඹට නම් දුක තමයි.ඒත් දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතුයි.... (නි)

:       0       0

සංජන Monday, 24 June 2013 10:06 PM

සුබ පැතුම්.... ධරමරාජ මාතාව සැමකල් දිනේවා !(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 25 June 2013 01:39 PM

මීට කලින් නුවර පාසලක් ලීග් ශූරතාවය දිනුවේ කින්ස්වූඩ් විදුහල පමණයි. (හතර වතාවක්) අපෙන් සුබ පැතුම් රාජන්ස්ලට ! (නි)

:       0       0

ශෙහාන් Tuesday, 25 June 2013 10:20 AM

ධර්මරාජ භාරතී. මාතා ජයතී. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site