පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ධර්මරාජ විදුහල සමත් විය. මහනුවර ත‍්‍රිත්ව විදුහලට අනු ශූරතාව හිමිවිය.
ධර්මරාජ විදුහල වයස 20 න් පහළ ලීග් රග්බි ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වන අතර ධර්මරාජ විදුහල වසර 10 කට වැඩි කාලයක් ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරයි.
ධර්මරාජ විදුහල මේ වන විට තරග 8 කදී ජයග‍්‍රහණ 7 ක් සහ එක විසඳුමකින් තොර තරගයක් සමගින් ප‍්‍රසාද ලකුණු 39.5 ක් ලබා අපරාජිතව සිටියි.
ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු වන මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ ඉසිපතන විදුහල අතර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පසුගිය සෙනසුරාදා (22) පැවැති තරගයෙන් ත‍්‍රිත්ව විදුහල පරාජයට පත්වීමත් සමග (17.20) ධර්මරාජ විදුහලට තරගයක් ඉතිරිව තිබියදී ශූරතාව හිමිවිය.
ධර්මරාජ විදුහල සහභාගි වන නවවැනි සහ අවසන් තරගය මේ මස 28 වැනිදා කොළඹ රාජකීය විදුහලට එරෙහිව කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්.(නදී)
අනුන් ගැන කතා නොකර අපේ ජය සමරමු. ජයවේවා (අ)
අපි අපේ රග්බි විරුවන්ට ආදරෙයි (නි)
පොනිල්, මමත් ධර්මරාජ තමා. නමුත් අනිත් අයට අපහාස කරන්න එපා. ‘ඒ’ කාණ්ඩයේ සියලුම පාසල් රග්බි වලට හරිම දක්ෂ පාසල්.(නදී)
හොඳ වැඩක් කොල්ලනේ (අ)
තවත් දිරිමත් වේවා! (නි)
ධර්මරාජයට සුබ පැතුම්.මමත් ධර්මරාජයට රග්බි ක්‍රීඩා කර තිබෙනවා. අපිට ඒ කාලේ හොද පුහුණුකරුවන් සිටියේ නැත. (නි)
නියමයි රාජන්ස්, මමත් රාජන්ස් කොල්ලෙක් (නි)
උණුසුම් සුබපැතුම් ධර්මරාජ ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුට! මම කොළඹ සාන්ත පීතර විදුහලේ ආදී ශිෂ්‍යයෙක් (නි)
සමාවෙන්න,වරුණ. ඔබ හරි. ත්‍රිත්ව රෝයල් පීටෙර්ස් ,ඉසිපතන වැනි ටීම්ස් වලින් ලැබුවා වූ පන්නරය ගොඩක් ඉවහල් වුනා, පසුව එකතු වුන රාජන්ස් ,විද්‍යා ,සිල්වෙස්ටර් ආදී නවක කණ්ඩායම් වලට. ඔබ හරි (නි)
වරුණ ඔබ හරි, නවක කණ්ඩායම් වලට විද්‍යා, සිල්වෙස්ටේර්,රාජන්ස් සුපිරි කණ්ඩායම් වලින් ලැබූ පන්නරය වටිනවා.(නදී)
මමත් ධර්මරාජයට ක්‍රීඩා කරලා තියෙනවා. 2011 ඕල්ඩ් අයිලන්ඩ් රග්බි 7ස් චැම්පියන් වුනෙත් ධර්මරාජ. සිංගර් ලීග් චැම්පියන් වුන පළමු වතාව වෙන්න පුළුවන්. 80 90 දශක වල ශ්‍රී ලංකා චැම්පියන් වුන වෙලාවල් තිබුනා. එතකොට ධර්මරාජ හැමදාම හිටියේ ලංකාවේ හොදම රග්බි ටීම් තුන හතර අතර. 2000 ට පස්සේ අපේ රගර් ටිකක් පස්සට ආවා. ජයග්‍රහණයට අපේ සුබ පැතුම්! ඉදිරියට කලින් තිබු තත්වය යලි උදා වේවා! (නි)
උඩරට වීරුවන් කවදත් දම්රද දරුවන්. සුපිරි පාසල් බොරු සෝබන විතරයි (නි)
ජය නියතයි. ධර්මරාජ සුභ පැතුම්!(නදී)
''ඒ '' කාණ්ඩයේ සියලුම පාසල් ඉහල තලයක ඉන්නේ.ඒ අතරින් මහනුවර ඉහලින්ම ඔසවා තැබූ රාජන්ස් කොල්ලන්ට සුභ පැතුම්.මහනුවරට ශුරතාවය ලැබුනට කොළඹට නම් දුක තමයි.ඒත් දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතුයි.... (නි)
සුබ පැතුම්.... ධරමරාජ මාතාව සැමකල් දිනේවා !(නදී)
මීට කලින් නුවර පාසලක් ලීග් ශූරතාවය දිනුවේ කින්ස්වූඩ් විදුහල පමණයි. (හතර වතාවක්) අපෙන් සුබ පැතුම් රාජන්ස්ලට ! (නි)
ධර්මරාජ භාරතී. මාතා ජයතී. (නදී)