අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් පසුගිය සතියේ පැවැති පළමු කොටසේ තරගවලදී රතු කාඞ් පතින් අවවාද ලැබූ ක‍්‍රීඩකයන් හය දෙනාගෙන් තිදෙනකුට තරග දෙක බැගින් තහනමක් පැනවීමට පාසල් රග්බි සංගමයේ පරීක්‍ෂණ කමිටුව පියවර ගෙන තිබේ.
කොළඹ රාජකීය, ගල්කිස්ස විද්‍යා සහ ඉසිපතන විදුහල්වල ක‍්‍රීඩකයෝ මෙම තහනමට ලක්වූහ.
පාසල් රග්බි සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර සහ වයස 20 න් පහළ තරගාවලි ලේකම් ගාමිණි සරත්චන්ද්‍ර යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පාසල් රග්බි පරීක්‍ෂණ කමිටුව රතු කාඞ් පතින් අවවාද ලැබූ ක‍්‍රීඩකයන් තිදෙනකු පිළිබඳ පරීක්‍ෂණය ඊයේ (20) පස්වරුවේ කොළඹදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි (දී)