IMG-LOGO

රංගනය පිළිබඳ පාඨමාලාවක් හැදැරූවා

2016-11-18-ent-57

කුඩා කල පටන් රංගනයට ඇති ආශාවත්, එයින් තමන්ට ලැබෙන වින්දනයත් සමගින් ඒ පිළිබඳ හදාරමින් කලා ක්‍ෂේත්‍රයට පිවිසි රුවැත්තිය නිරූපණ ක්‍ෂේත්‍රයට නවකයෙකි. සෙමින් ගමනක් යමින් තම හැකියාවන් වර්ධනය කරගනිමින් ක්‍ෂේත්‍රය තුළ රැඳී සිටීමට කැමති ඇය නමින් සඳුනි පෙරේරාය. ඇගේ කලා කටයුතු පිළිබඳ ‘සාරවිට’ අපට මෙලෙසින් පැවසුවාය.

 

ඔබේ නම කිව්වොත්?

2016-11-18-ent-56හැමෝම මාව දන්නේ සඳුනි පෙරේරා කියලා සමහර අය හංසිකා කියලත් කියනවා.

 

ඉගෙන ගන්නවාද? රැකියාවක් කරනවාද?

රැකියාවක් නම් තාම කරන්නේ නැහැ. ඉගෙන ගන්නවා.

 

එතකොට නිරූපණයට එකතු වෙන්නේ කොහොමද?

TVC Interview එකකින් මාව තේරුණා. එතැනින් තමයි මුලින්ම මට රංගනයට අවස්ථාව ලැබුණේ.

 

ඒක මොකක්ද කිව්වොත්?

ඒක දැන් නම් කියන්න බැහැ.

 

ඒක තාම එළිදක්වලා නැද්ද?

එළිදක්වලා තියෙන්නේ.

 

ඇයි ඒ පිළිබඳව කියන්න අකමැත්තක් තියෙනවාද?

අකමැත්තක් නැහැ ඒක දැන් ටීවී එකේ යනවා.

 

දැනට කොච්චර කාලයක් වෙනවද නිරූපණයට ඇවිත්?

මම මීට කලින් පුංචි බොරැල්ලේ නාමල් මාලිනි පුංචි තියටර් එකෙන් වේදිකා නාට්‍ය පිළිබඳව ඉගෙන ගත්තා. නිරූපණයට ඇවිත් එච්චර කාලයක් නැහැ.

 

ඒ කියන්නේ රංගන හැකියාවකුත් තියෙනවා?

ඔව් අනිවාර්යයෙන්ම. මම සාමාන්‍ය පෙළට කළෙත් නාට්‍ය හා රංග කලාව. මම රංගනයට තමයි ගොඩක් කැමති.

 

නිරූපණයටද රංගනයටද වැඩියෙන්ම දක්ෂ?

නිරූපණයට වගේම රංගනයටත් හැකියාවක් තියෙනවා. ඒත් ගොඩක්ම කැමති රංගනයට

 

රංගනය සඳහා ආරාධනා ලැබුණෙ නැද්ද?

ලැබිලා තියෙනවා.

 

බාර ගත්තේ නැද්ද?

බාර ගත්තා.

 

ඒ මොනාද කිව්වොත්?

ඒක තාම එළිදැක්වුණේ නැහැ. මීට පෙර අයි.ටී.එන් එකේ රැකියා අභිෂේකය කියලා එකට රංගනයෙන් දායක වුණා.

 

අනාගත බලාපොරොත්තු?

මගේ ඉලක්කය තමයි ගුවන් සේවිකාවක් වීමයි. ඊට අමතරව මං මගේ දක්ෂතාවලින් හරි දෙයක් කරලා දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

මම තාම ඉගෙන ගන්නවා. ඊට අමතරව මියුසික් වීඩියෝ දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා.

 

උදවු කරපු පිරිසක් ඉන්නවාද මතක් කරන්න?

ඔව් ඇත්තටම. තාත්තා මේ දේවල් සඳහා මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම අම්මා. ඊට අමතරව උදවු කරපු ගොඩක් කට්ටිය ඉන්නවා. මේ වෙලාවේ හැමෝම මතක් කරන්න ඕනේ.

 

2016-11-18-ent-60
2016-11-18-ent-59
2016-11-18-ent-58
2016-11-18-ent-54
2016-11-18-ent-55



අදහස් (0)

රංගනය පිළිබඳ පාඨමාලාවක් හැදැරූවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 574 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 333 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 496 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site