කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ ගෙවත්තට අයුතු ලෙස ඇතුළුවී ගිනි අවි පෙන්නා තර්ජනය කොට තුවාල සිදු කිරීම හා පැහැරගෙන යාමට තැත් කළැයි සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර ඇතුළු තිදෙනකුට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඇප නියම කළේය.
රංගේ බණ්ඩාර ඇතුළු ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 5 බැගින් අමතර ශරීර ඇප හා මන්ත්‍රීවරයාගේ පුතාවන නෙරන්ජන් රංගෙ බණ්ඩාරට රුපියල් 10,000 මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් රුපියල් 20,0000 ශරීර ඇප නියම විය. අධිකරණය මග හැර විදේශගතව සිටින සැකකරුවකුට වරෙන්තු නිකුත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධිය සිදුවුණේ කවදාද කියා මට කවුරුහරි කියනවද? (නි)
ලංකාවේ නීතිය ඉතින් හරියට ක්‍රියාත්මක වෙන්නේ අහිංසක දුප්පත් මිනිසුන්ට විතරයි. (නි)
චණ්ඩි ටික එක පැත්තකත්, ශීලාචාර මිනිස්සු අනෙක් පැත්තේත් සිටියොත් අපිට ඇස් වහගෙන ඡන්දය දෙන්න පුළුවන්. (නි)
මේ සිද්ධිය වෙලා දැන් අඩුම තරමෙන් අවුරුදු 3ක්වත් වෙනවා. පරණ ඒවායේ නඩු තීන්දු දෙනවා. නමුත් මේ ඊයේ පෙරේදා රත්නපුරේ වෙඩි තිබ්බ කෙනා තාම අල්ලාගන්න බැරිවුණා නේද? (නි)
ජය වේවා! (නි)
මධුක, ඒත් එයා විපක්ෂයේ කෙනෙක්. (නි)
කවුරු කළත් වැරදි හෙලාදැකීමට පුරුදු වන්න.විරුද්ධ පාක්ෂිකයන්ගේ වැරදි පමණක් සෙවීමෙන් යහපාලනයකට යාමට නොහැක. (බ)
පරණ සිද්ධියක්නේ.(හේ)
අනේ මෙයාලගේ අතේනේ නීතිය එ්ක අපි දන්නවා (බ)