IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රංග සොයියාගේ 'ළංවෙලා ළඟ උන්නු කාලේ'

2016-05-18-ENT-33

රත්නපුර මිහිඳු විදුහලේ මූලික අධ්‍යාපන කටයුතු නිමකරන ඔහු ක්‍රිකට් ක්‍රීඩාවටද යොමුවිය. එහෙත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස දිගු ගමනක් යාමට නොහැකි වුවද, ගායකයෙකු ලෙස "ළංවෙලා ළඟ උන්නු කාලේ" ගීතය තුළින් ජනප්‍රියත්වයට පත්වෙන්නට ඔහුට හැකිවිය. ඔහු රංග සොයියාය.

 

2016-05-18-ENT-32සංගීත ක්‍ෂේත්‍රයට යොමු වීමට පසුබිම නිර්මාණය වෙන්නේ?

රත්නපුරේ "Flowers" සංගීත කණ්ඩායමේ ගායකයෙකු ලෙස කටයුතු කළා. ඒ අතර මම ක්‍රිකට් ක්‍රීඩාව තමයි මූලික කර ගත්තෙ. වයස 23න් පහළ පළමු පෙළ තරග සඳහා නියෝජනය කරන්න මට හැකියාව ලැබුණා. ආබාධිත තත්ත්වයක් නිසා ක්‍රිකට් ක්‍රීඩාව නතර කළා. මම විදුලිබල මණ්ඩලයේ රැකියාවක් කළා. 2013 වර්ෂයේ දී විදුලිබල මණ්ඩලය මගින් සමස්ත සේවක පිරිසගෙන්ම හොඳම ගායකයා තෝරන තරගයක් තිබුණා. එහි මම හොඳම ගායකයා බවට පත්වුණා. පසුව මම ප්‍රසංග වේදිකාවල ආධුනික ගායකයෙකු ලෙස ගීත ගායනා කළා.

 

නිර්මාණය කළ ගීත සහ වෘත්තිය ගැන කතා කළොත්?

"බලාපොරොත්තුව අදත් ගෙවුණා පියාණනි" යනුවෙන් සංගීත් විජේසූරිය මහත්මයා ගායනා කරන්න අවසර දුන්න ගීතයත්, %ළංවෙලා ළඟ උන්නු කාලේ^ ගීතයත් මම ගායනා කළා. විදුලිබල මණ්ඩලයේ වෘත්තීය කටයුතුවල නියැළෙන අතර තමයි සංගීත කලාවට යොමු වෙන්නෙ. ඒ කටයුතුත් එක්ක මම කාලවේලාව වෙන් කර ගෙන ප්‍රසංග වේදිකාවට යොමු වෙනවා. එහිදී ආරක්ෂක කළමනාකරු අත්තනායක මහතා මතක් කළ යුතුයි.

 

ඔබ ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන නව ගීතය ගැන කතා කළොත්?

ළංවෙලා ගීතයට වඩා යම් වෙනසක් නව ගී නිර්මාණයේ තියෙනවා කියලා මම හිතනවා. එය ආදර ගීතයක්. මගේ අරමුණ ශාස්ත්‍රීය ගී නිර්මාණයක් සිදු කිරීම. මම තාම සංගීතය ගැන හදාරනවා. පසුව මම හිතනවා මට ශාස්ත්‍රීය ගීතයක් නිර්මාණය කළ හැකියි කියලා.

 

සංගීතය හදාරන්න අවස්ථාව ලැබුණාද?

පෙරදිග සංගීතය ගැන ජයසිංහ සර්ගෙන් ඉගෙන ගන්නවා. මට හැකි සෑම විටම මම ඒ ගැන දැනුවත් භාවයක් ලබාගන්නවා. මට පසුගිය අවුරුදු සමයෙත් ප්‍රසංග වේදිකාවට යොමුවෙන්න හැකියාව ලැබුණා.

 

ඉදිරි සංගීත කටයුතු ගැන කතා කළොත්?

ප්‍රසංගවලට සහභාගි වෙනවා. කොරියානු ප්‍රසංගයක් ලැබී තිබෙනවා. එයට දායක වෙනවා. ඒ වගේම හොඳ නිර්මාණ බිහි කරන්න උත්සාහ කරනවා. මිය යන විට එක් නොමැරුණ ගීතයක් හෝ දායාද කරලා මිය යන එක මගේ එකම බලාපොරොත්තුව.

 

මෙහි පැමිණි ගමනේ මතක් කළ යුතු පිරිසක් ඇති?

මගේ මව ලලිතා පත්මිණි, බිරිඳ විශ්වා අභිමානි, ගංගා සුදර්ශනි මහත්මිය, සජිත් දිල්පහන්, සමන් ක්‍රිෂාන්, මගේ සහෝදරයන් දෙදෙනා සහ විදුලිබල මණ්ඩලයේ සියලු දෙනාවත්, ජයගත් වික්‍රමසිංහ, සංගීත් විජේසූරිය සහ මට උදව් උපකාර කළ හැමදෙනාමට ස්තුති වන්ත වෙනවා.

 

රංගන මධුසංඛ / ඡායාරූප - මිහිර බණ්ඩාර 

 

tharunaya

 

2016-05-18-ENT-31



අදහස් (0)

රංග සොයියාගේ 'ළංවෙලා ළඟ උන්නු කාලේ'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site