රාජ්‍ය අමාත්‍යවරුන් වෙත නිශ්චිත විෂය පථයන් වෙන් කරදීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් එම ධූරයන් දැරීමේ පළක් නැතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය.
වත්මන් රජය බලයට පත් වී වසරකට අධික කාලයක් ඉක්ම ගොස් ඇතත් රාජ්‍ය අමාත්‍යවරුන් ප්‍රායෝගිකව කටයුතු කිරීමට හැකි වාතාවරණයක් මෙතෙක් උදාවී නැතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු මේ බව කීවේ අමාත්‍යංශ පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙම ගැටලුව සඳහා විසඳුමක් ලබාදෙන ලෙස ජනාධිපතිතුමාගෙන් හා අගමැතිතුමාගෙන් කර ඇති ඉල්ලීම් සඳහා මෙම වසරේ මුල් මාස දෙක තුළවත් නිසි ප්‍රතිචාරයක් නොලැබුණොත් රාජ්‍ය අමාත්‍යධූරවල රැඳී සිටීමෙන් පලක් නොවන බව කී රංගේබණ්ඩාර මහතා එම ඉල්ලීම ඉටු නොවන්නේ නම් ඉදිරියේදී කුමක් කරන්නේද යන්න දෙවරක් සිතාබලන්නට සිදුවන බව ද ප්‍රකාශ කළේය.
ජනතාවට සේවය කිරීම සඳහා ආණ්ඩු බලයක් ලැඛෙන තුරු වසර ගණනක් තිස්සේ බලන් සිටි තමන් වැනි බොහෝ දෙනෙකුට රාජ්‍ය ඇමති කිරුළ යටතේ එය කිරීමට නොහැකිව තිඛෙන බවද පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ මෙයා මේ කටින් බතල කොළ හිටවනවද, කොන්දක් තියෙනවද කියලා. (නි)
මෙයාලා කොහොමත් පොත් පෙරළන්න දක්ෂයි තමයි. දක්ෂ මිනිස්සු වැඩ හොයාගෙන යන්නේ නැහැ. වැඩ දක්ෂයාව හොයාගෙන එනවා. මේ ගොල්ලන්ගේ වැඩ බලන්න යුද්ධය තිබුන කාලේ යුද්ධයට අරින්න තිබුනේ. (නි)
මොකද ඒකාබද්ද වෙන්න හිතිලද දන්නේ නෑ නේද ? (අ)
රංගේට හොඳ සුපිරි ඇමතිකමක් දුන්නා නම් හරි (නි)
මොකටද ඔච්චර හිඟාකන්නේ? තමන්ගේ තත්වය තියාගෙන අයින් වෙන එකනේ තියෙන්නේ. අවුරුද්දක් තිස්සේ මහජන මුදල් නිකන්ම නිකන් නේද අරගෙන තියෙන්නේ. (නි)
මෙයාලගේ හැටි කවුද නොදන්නේ? (නි)