සජිත් ප්‍රේමදාස මහතා එක්සත්ජාතික පක්ෂ නියෝජ්‍ය නායකත්වයට පත් වීම ගැන සතුට පළ කරමින් නගරයේ ඔසවා තිබු කටවුට් පුවරුවක් කරුවලගස්වැව ප්‍රාදේශිය සභාපති විසින් ගලවා ගන්නා ලදැයිද එය ගෙන ඒමට ගිය අවස්ථාවේ ඔහු පහත් ලෙස බැන වැදුණේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි රංගේ බණ්ඩාර මහතා කරුවලගස් වැව පොලීසියට පැමිණිලි කළේය.
රංගේ බණ්ඩාර තමාට වෙඩි තබන බව තර්ජනය කළේ යැයි කරුවලගස් වැව ප්‍රාදේශිය සභාපති නීල් වීරසිංහ මහතා පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයට කළ පැමිණිල්ලේ සඳහන්ය.
ඡායාරූප රෝවන් පෙරේරා






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි සහයෝගයෙන් කරන දෙයක් කරගන්න බැරි? (නි)
"මහ ජනයා අතේ තමයි යතුර තියෙන්නේ"..... මොකේද (දී)
සරම කසපොට ගහගෙන ඉන්නේ මොකද (දී)
ඉවසන්න පුරුදුවන්න මන්ත්‍රී තුමා (දී)
එකෙක්ට එකෙක් නැහැනේ ලංකාව් (දී)
අරින්න එපා ,රංගේ ඔහම යන්... (දී)
මහ ජනයා අතේ තමයි යතුර තියෙන්නේ (දී)
මේ ඔක්කොටම පිස්සු මම හිතන්නේ. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ ගොල්ල මහජන නියෝජිතයෝ කියල. (දී)
දෙන්නම දේශපාලකයෝ හින්ද ඕක අපට අරුමයක් නෙවෙයි (දී)
අනේ මන්දා (දී)
මමනම් කල්පනා කලේ මේ පක්ෂ දෙකේ වෙනස.. (දී)
සභාපතිගේ ගෙදර කුස්සියේ, දරවල අඩුපාඩුවක් තියෙනවද කවුද දන්නේ...? (දී)
බදුල්ලෙන් පටන් ගත්ත රැල්ල නවත්තන්න ඕවා කපල හරියන්නේ නැහැ (දී)
මන්ත්‍රී තුමා ගෙදරට හිටපු විදිහටම ඇවිල්ලද මන්දා (දී)
රංග මන්ත්‍රි තුමාට හිතට අමාරුතමා කරපුදෙට. නමුත් ඉවසන්න තිබ්බ. බය වෙන්න එපා. මු(දී)
ඉන්න උජාරුව විතරක් (දී)
දේශපාලනය කරන්න සෑම කෙනාටම අයිතියක් තියෙනවා (දී)
මමනම් කල්පනා කරන්නේ සන්ධාන සහ යු අන් පි දේශපාලනයේ වෙනස..රංගේ මහත්තය බලය නැති තමන්ගේ මිනිස්සුන්ම අතින් තව පොඩ්ඩෙන් මැරුම් කනවා.. බලය තියෙන සන්ධානේ අය රංගේ මහත්තයගෙන් ගුටි කනවා.. (දී)
අපි සජිත්ට (දී)
මිනිස්සු තමයි මේ වැරදි කරන්නේ (දී)
එජාප ය ජය මාවතට පිවිස ඇත ..රංගේ මන්ත්‍රී තුමාට ජය (දී)
ඔය සභාපති පොඩි බබෙක් වගේ අහිංසකයෙක් (දී)
අයියෝ රන්ගෙ (දී)
ජනතාවගෙන් වැඩිකොටස දහසක් ප්‍රශ්න වලට මැදිවී සිටින රටක, තමන්ගේ පෞද්ගලික අදහස් ඉටුකර ගැනීමටත්,තමන්ට ලකුණු දමා ගැනීමටත්, දේසපාලන පොර පිටියේ සටන් වදින දේසපාලකයන් හදුනා ගැනීමට තරම් ජනතාව අවදියෙන් නොමැති වීම කනගාටුවට කරුණකි. (දී)
රංගේ බණ්ඩාරද එතකොට ඒ ඡායාරූපයේ ඉන්නේ? (නි)
"මම නම් කල්පනා කළේ මේ පක්ෂ දෙකේ වෙනස" කිසිම වෙනසක් නැහැ මට නම් (නි)
සභාපති මොකටද අනුන්ගේ දේවල් කඩන්න ගියේ? ඕනෑ කෙනෙකුට අයිතියක් තියනවා පෝස්ටර් ගහන්න, රංගේ, ඔබට ජය! (නි)