(මහින්ද නිශ්ශංක)
රේගු බලධාරීන්ගේ වැටුප් විෂමතාවය විසදීමට බලධාරීන් මෙතෙක් පියවර නොගැනීමට විරෝධය දක්වමින් සියලු රේගු නිලධාරීන් කළුපටි පැළඳ රාජකාරියේ යෙදීමේ වෘත්තීය ක්රියාමාර්ගයක් අද (25) සිට ආරම්භ කළ බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලාල් වීරකෝන් මහතා පවසයි.
කළුපටි පැළඳ රාජකාරියේ යෙදීම ලබන සතිය දක්වා ක්රියාත්මක කර අනතුරුව දින දෙකක වැඩ වර්ජනයක යෙදීමට තීරණය කර ඇතැයි ද හෙතෙම කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නා තරමට, ලංකාවේ රජයේ සේවකයින්ගෙන් වැඩිම පඩි සහ වරප්රසාද ලබන්නේ රේගු නිලධාරීන්... ඒ වගේම ඔවුන් වැඩකරන තැන්වල සීසීටීවී කැමරා සවි කිරීමටද මොවුන් විරුද්ධ වුණා. මොවුන්ගේ වාහන දැක්කම ඔවුන්ගේ අාදායම අපිට හිතා ගත හැකියි.
ලංකාවේ රේගුව නම් හොර ගුහාවක්...
කැමතිනම් මේ පුවත් පතෙන් අපි ලියන ඒවා දමන්න කියල ඉල්ලනවා. ඔව් දර්ශන කියනවා වගේ මෙයාලා තමයි ලංකාවේ හොඳම අාදායමක් ලබන්නේ. (වැඩිම පඩි සහ වරප්රසාද ලබන්නේ) එතකොට අරවා ගන්නේ එළිපිට හැමෝටම පේන්නනේ. කටින්ම ඉල්ලනවා අපෙන්. ඔය ට්රයිකෝ ලක්සිරි එකට අපි ගියාම බදු වැඩි අවුරුද්ද සම්පුර්ණ නැ කියලා. සුඛෝපභෝගී බඩු කියලා සල්ලිම ගන්නවා අනේ මන්දා. මෙයාලගේ ගෙදරකට ගිහිල්ල බලන්න ඕනෑ මොන සැපද? වැඩ කරන තැන වුණත් කිරිකෝපි කේක් කකා ඉන්නවා අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් සල්ලි හම්බ කරනවා.
මෙයාලට පඩි දෙන්න වුවමනාවක් නෑ. ගන්න පගාවෙන් කොටසක් ආපහු ලබා ගන්නයි ඕනේ. ලංකාවේ ගණන් කරලා බලලා පගාව ගන්න එකම තැන රේගුවයි.
රේගුවට වැඩි පඩි මොකටද? දවසකට අඩුම රුපියල් 5000 හොයනවා එක්කෙනෙක්. මොනවත් නොගෙන බඩු එළියට දානවා කියන එක මේ ගොල්ලන්ට හරි අමාරු වැඩක්. මට එක පාරක් කොළඹ වරායෙදි කිව්වා කීයක් හරි දෙන්න කියලා. පඩි වැඩි කරන්න කලින් ඉන්ලන්ඩ් රෙවෙනිව් එකට කියලා... මේ ඔක්කොගේම වත්කම් බලන්න. ඊට පස්සේ තීරණය කරන්න.
සල්ලි දෙනවනං පිටරට මල මිනී හරි ලංකාවට ගේන්න දෙන කට්ටියක් තමයි...
අපෝ මෙයලද ...? මෙයාලා ගැන කියලා නිම කරන්න බැහැ.. මම හිතන්නේ රටේ අන්තිම දූෂිත දේශපාලකයෙක්ට වඩා මෙයාලා උපයනවා. අහළ පහළ ජීවත් වෙනවා නම් පොඩ්ඩක් හොයල බලන්න මෙයාලගේ වත්කම් ! හැබැයි මෙයාල මැරෙන්නේ දුක් විඳලයි...
ආගමන, විගමන දෙපාර්තමේන්තුවේ සේවකයනුත් මෙයාලා වගේම තමයි. රු. 50,000 පඩි ගන්න රජයේ සේවකයෝ වුණාට රස්සාවට ගිහින් අවුරුදු දෙක තුනකින් ගෙවල් අරන් වාහනත් ගන්නවා.
ඒ මිනිස්සුන්ගේ දැන් පඩිය කීයද? හොරු අල්ලපුවම එකට ලබෙන වරප්රසාද මොනවද දන්නේ නෑ. හැබැයි රාජ්ය ආදායමේ වැඩි කොටසක් උපයල දෙනව කියන මේ අයගේ පඩි අඩුනම්, එයාලා නිකන්ම වැරදි ආදායම් මාර්ග වලට පෙලබෙනවා. හරියට අනිත් නීතිය ක්රියාත්මක කරන ආයතන වගේම. ඒ නිසා, රැකියාවට සුදුසු වැටුපක් ඉල්ලන්න හමෝටම අයිතියක් තියෙනවා නේද?
රේගුවේ නිලධාරීන්ටම හම්බවෙන වරප්රසාද පොලිසිය, සුරාබදු, දේශීය ආදායම් වගේ ඒවටත් හමුවෙනවා. අපේ රටේ ආදායමෙන් 50% ට වඩා හොයලා දෙන්නේ රේගුවේ මිනිස්සු. ඔය උඩින් කමෙන්ට් කරලා තියන අයගේ දරුවෝ ඉස්කෝල වල ඉගෙන ගන්නේ, මේ මිනිස්සු හොයලා දෙන සල්ලි වලින්, රජයේ ඉස්පිරිතාල වල නොමිලේ බෙහෙත් දෙන්නේ මේ සල්ලි වලින්, රජයේ සේවකයන්ට පඩි දෙන්නේ මේ සල්ලි වලින්. ඉතින් කල යුතුවන්නේ අදායම හොයලා දෙන මිනිස්සුන්ව දිරිමත් කරලා, වැඩි අාදායමක් රටට උපයා ගැනීමයි...