(අංජුල මහික වීරරත්න)
මැතිවරණ කල් දැමිය යුතු බවට රංගෙ බණ්ඩාර ලවා ජනාධිපතිවරයා කියෙව්වේ රංගෙ එජාප මහ ලේකම් ධුරයෙන් ඉවත් කරන්නට පොටක් පාදා ගැනීමට යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පැවසීය.
දැන් රංගෙ බණ්ඩාරට එක්සත් ජාතික පක්ෂය ඇතුලෙන්ම ලොකු විරෝධයක් පැමිණ තිබෙන බව කී රහුමාන් මහතා එය රනිල් වික්‍රමසිංහට කරගන්න බැරිව සිටි දෙයක් යැයිද කීය.
"රංගෙට ලණුව දුන්නාම ඔහු ලණුව කෑවා. දැන් ඔහු මහලේකම් ධුරයෙන් ඉවත් කරන්නට එජාපය ඇතුලේ පසුබිම හැදී තිබෙනවා. රවී කරුනානායක එජාප මහ ලේකම් ධුරයට ගේන්න යනවා. මහ ලේකම්ගේ ප්‍රකාශය නිසා යූඑන්පී කාරයන්ටත් පාරේ යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා යැයි මුජුබුර් රහුමාන් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින් ජනපතියා රන්ගේ ලවා මුට්ටිය දාලා බැලුවා.. ඒකෙන් රන්ගේ බණ්ඩාර නිකම් පජාත වුණා. වැඩිකල් යන්න කලින් වෙන කෙනෙක් දාගනී...
ඔය කවුරු කවුරුත් ලොකු ටෝක් දෙන්නේ ජනාධිපතිවරණයක් තියෙනකන් විතරයි . ඊට පස්සේ හුළං ගිය බැලුම් බෝල වගේ ඉන්න වෙන්නේ .
තාම ලණු දීම ඉවර නැහැ, රනිල්ගෙ ලණුවත් තෝල්කයවත් ජනතාවට වැදගත් නැහැ. ජනතාවට අවශ්‍ය මේ වසරට නියමිත ජනාධිපතිවරණය නියමිත කාලයට පවත්වා ගැනීමයි. අන්න ඒකටයි විපක්ෂය මේ වෙලාවෙ පෙළ ගැහිල ජනතාවට ධෛර්යයක් හා ශක්තියක් විය යුත්තෙ.
උඹලා ගිල්ලේ රංගගේ විරේක ගුලියක්. දැන් හැමතැනම කැත කර කර දුවනවා.