IMG-LOGO

රක්ෂණ සමාගම් පරිශ්‍ර තුළ රථ වාහන විමර්ශන කාර්යාල 5 ක්

රථ වාහනවලට සම්බන්ධ රියැදුරන් සඳහා අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ගය වඩාත් පහසු කිරීමේ අරමුණෙන් රක්ෂණ සමාගම් තුළ රථවාහන විමර්ශන පහක් අලුතින් විවෘත කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.


රියැදුරන්ට අනතුරුවලට අදාළ ක්‍රියාමාර්ග සියල්ලම එකම තැනකින් සම්පූර්ණ කරවා ගැනීම පහසු කිරීම සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුව සහ රක්ෂණ සමාගම් ඒකාබද්ධ කිරීමේ එක් පියවරක් ලෙසින් නව සේවාව ලබාදෙන බව සිය ෆේස් බුක් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරන අභ්‍යන්තර අමාත්‍යාංශය පවසයි.


ඒ අනුව රිය අනතුරුවලට සම්බන්ධ රියැදුරන්ට දැන් කෙලින්ම අනතුරට හේතුවූ පාර්ශ්වයේ රක්ෂණ සමාගමට ගොස් එහි ස්ථාපිත කර ඇති රථවාහන විමර්ශන කාර්යාලයේදී සිද්ධිය ලියාපදිංචි කළ හැකිය.


එලෙස ලියාපදිංචි කිරීමෙන් අනතුරුව අනෙක් පාර්ශ්වයට අදාළ රක්ෂණ සමාගමේ නිලධාරියෙකු වෙත ගොස් සිය වාහනය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ගයන් සම්පූර්ණ කරගත හැකිය. ඒ නිසා රියැදුරන්ට තවදුරටත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා මධ්‍යස්ථානවල විමර්ශන අංශය වෙත යාමට සිදුවන්නේ නැත.


රක්ෂණ සමාගම්වල රඳවා සිටින රථ වාහන විමර්ශකයන් ටැබ්ලට් පරිගණකයක් ආධාරයෙන් අනතුර ඉලෙක්ට්‍රොනිකව ලියාපදිංචි කර වාහනයේ ඡායාරූපයක් ලබාගෙන අදාළ රක්ෂණ සමාගම සමග සෘජුවම සංනිවේදනය කරනු ඇත. මේ අතර අනතුරේ වින්දිතයාට අනතුරේ තොරතුරු ඇතුළත් කෙටි පණිවුඩයක් ලැබෙන අතර එවිට කෙලින්ම රක්ෂණ සමාගම වෙත ගොස් සිය වාහනය අලුත්වැඩියා කරගැනීමට ඔහු හැකිය.


මීට පෙර පැවැති ක්‍රමයට අනුව අනතුරු සිද්ධ වූ ස්ථානයට පොලිස් නිලධාරියෙක් පැමිණෙනතුරු එම ස්ථානයේ රැඳී සිටීමට හෝ රථවාහන විමර්ශන අංශයට ගොස් අනතුර ලියාපදිංචි කොට ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ගෙන අදාළ රක්ෂණ සමාගම වෙත යාමට අනතුරුවලට සම්බන්ධ රියැදුරන්ට සිදුවිය.



අදහස් (0)

රක්ෂණ සමාගම් පරිශ්‍ර තුළ රථ වාහන විමර්ශන කාර්යාල 5 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site