රක්වාන ගඟේ ගබ්බෙල හද්දාවල බැකෝ සහ ශකර් යොදා කරන මැණික් ගැරිම සහ මහ පරිමාණ පරිසර විනාශය වැළැක්වීමට පළාත් සභාව වහා මැදිහත්වන්නැයි සබරගමු පළාත් සභාවේ 29වැනිදා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් ගෙනෙමින් පළාත් සභා මන්ත‍්‍රී අරුණ නිලන්ත ජයසිංහ මහතා සභාපති කංචන ජයරත්න මහතාගෙන් ඉල්ලා සිටියේය.
මෙසේ බැකෝ සහ යන්ත‍්‍ර සූත‍්‍ර යොදා සිදුකරණ මැණික් ගැරීම ගැන පැමිණිලි කරන්නට කිසිම වගකිවයුතු ආයතනයක් නැතිබව කී අරුණ නිලන්ත ජයසිංහ මන්ත‍්‍රීවරයා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප‍්‍රාදේශීය කළමනාකරු දුරකතනයට පිළිතුරු දීමට නොඑන බවද පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd