IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රැකියා ඇත්තන්ගෙන් තව ඉල්ලීමක්

රැකියා ලාභී උපාධිධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් බාර දුන්නේය.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශකටයුතු අමාත්‍යංශ ලේකම්, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය වගඋත්තරකරුවන් කරමින් ඔවුහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.

IMG_4470

 



අදහස් (0)

රැකියා ඇත්තන්ගෙන් තව ඉල්ලීමක්

ආනන්ද ආර්. Monday, 06 July 2015 12:49 PM

අනේ! යහපත් ආකල්ප ඇතුව රටට සේවයක් කරන්න ඉල්ලන්නකෝ නාමයෝජනා (නි)

:       0       0

ඉන්දික Monday, 06 July 2015 01:19 PM

අනේ නලින්, ඔය නොදන්නා දේ කියන්න එපා (නි)

:       0       0

රාජිත් Monday, 06 July 2015 02:13 PM

රාජ්‍ය සේවයට උපාධිධාරීන් බඳවා ගත්තේ නිසි ක්‍රම යටතේ 51000 උපාධිධාරීන් දැන් 42000 ඉන්නේ තව 8000 වැඩ කරන්නේ රු 10000 රැකියාවක් නැතුව හිටපු උපාධිධාරීන් ට මේක ලොකු දෙයක් .(හේ)

:       0       0

කල්ප Monday, 06 July 2015 03:57 PM

ආණ්ඩුව වැඩිහිටියන්ට පින් පඩි ගෙවන්නේ නෑ මේ අයට ගෙවනවා කරන්ඩ වැඩක් දෙන්නෙත් නෑ මේ ගොඩක් උපාධි රටේ සංවර්දනයට වැඩකුත් නෑ සමහර අය ලිපියක් ලියන ආකෘතියවත් දන්නේ නෑ. (ර)

:       0       0

තිස්ස Tuesday, 07 July 2015 03:52 AM

මේකේ ප්‍රතිචාර බලනකොට ලංකාවේ දේශපාලනය වගේමයි රැකියාවත්. උගතුන්ට වඩා නුගත්තු බලවත්.නලින්ලා වගේ අය ඉන්නතුරු මේ රට ගොඩගන්න බැහැ. (නි)

:       0       0

ප්‍රභා Tuesday, 07 July 2015 04:22 AM

මන් හිතන්නේ නලින් ජීවිතේ ලියපු අමාරුම විභාගය කළමනාකරණ සහකාර විභාගය වෙන්ඩ ඕනේ.(ම)

:       0       0

රුවන් Monday, 06 July 2015 04:44 PM

කල්ප, ලිපි ආකෘති පුරවපු කාලේ දැන් ඉවර වෙන්න ඕනෑ.තාක්ෂණය එක්ක රාජ්‍ය සේවය ඉදිරියට යන්න ඕනෑ.සංවර්ධනයට වැදගත් වෙන්නේ ලිපි ආකෘති නොවේ.පර්යේෂණ තුළින් අනාගත තීරණ ගන්න ඕනෑ.රාජ්‍ය සේවයේ වර්තමානයේ ඉන්න තරුණයෝ විදිහට උපාධිධාරීන් කැමති නැතුව ඇති පින් පඩි ගන්න.ඒ ළමයින්ට වැඩකරන්න අවස්ථාව දෙන්න ඕනෑ.නැතුව චක්‍රලේඛන එක්ක මේ රට දියුණු කරන්න බැහැ. (නි)

:       0       0

නවීන් Monday, 06 July 2015 04:55 PM

ලංකාව වගේ නොමිලයේ අධ්‍යාපනය දීලා රස්සාවත් දීලා 60 පැන්නම විශ්‍රාම වැටුපත් දෙන වෙන රටක් කොහේවත් නැහැ. මම නම් කියන්නේ උපාධිධාරින්ට රැකියා දෙන්න ඕනෑ තරඟ විභාගයකින්. හැම කෙනාටම ආණ්ඩුවෙන් රස්සාවක් දියයුතුයි කියලා නියමයක් නැතිවෙන්න ඕනෑ (නි)

:       0       0

රාජා Tuesday, 07 July 2015 06:40 AM

තිත්ත වුණත් නලින් කිව දේ ඇත්ත. මම දන්නේ අත්දැකීමෙන්. එත් ඒ තත්වයට හේතුව උපාදීධරියාගේ අදක්ෂකම නෙමෙයි. අධ්‍යාපන ක්‍රමයේ වරදත් එකට එක් හේතුවක්. (ම)

:       0       0

Tuesday, 07 July 2015 07:45 AM

උපාධිදාරීන්ටත් රැකියා අවශ්‍යයි. ඒ අයට ගැලපෙන රැකියා නිර්මාණය කරන්න තරම් රජය නිර්මාණශීලී වෙන්න ඕනේ. හරි තැනට හරි කෙනා දමන්න ඕනේ. (ම)

:       0       0

නලින් Monday, 06 July 2015 10:36 AM

රාජ්‍ය සේවයට උපාධිධාරීන් බඳවා ගත්තේ නිසි ක්‍රම වේදයකට නොවේ. ඇත්ත නම් මොවුන්ගෙන් 95% වඩ‍ා පිරිසක් කළමනාකරණ සහකාර තනතුරකටවත් සුදුසු නැහැ. විභාග දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කරන්න පුළුවන්(ජා.හැ.අංක මගින්) මේ අයගෙන් විශාල ප්‍රමාණයක් ලිපිකරු විභාගය ෆේල්. නැත්නම් ෆේල් වන බව දන්නා නිසා ලියන්නේ නැහැ. මුළු රාජ්‍ය සේවයම කන්න‍ේ මේ වගේ පිනට රස්සා ගත්ත අය තමයි. (නදී)

:       0       0

නලින් Tuesday, 07 July 2015 08:23 AM

ඉන්දික - මම හොඳින්ම දන්න නිසා තමයි තොරතුරු ඇතිව ලියලා තියෙන්නේ. රාජ්‍ය සේවය‍ කියන්නේ අනාත නිවාසයක් නෙවෙයි. ප්‍රභා- ඔයා මම කියපු දේ වැරදියට තේරුම් අරන්. මම අදහස් කලේ කළමණාකරණ සහකාර සේවා තරඟ විභාගයවත් සමත් කර ගන්න බැරි අයටයි මේ පඩි දෙන්නේ කියලා. ඔයා මේ කථාව අහලා බලන්න ඕනෑම පරිපාලන සේවා නිළධාරියෙක්ගෙන්. (ර)

:       0       0

සුනිල් Monday, 06 July 2015 11:05 AM

මේක පුදුම කතාවක්නේ. එහෙම බැලුවම ඕනෑම කෙනෙක්ට තමන්ගේ අධ්‍යාපන මට්ටමට ගැලපෙන රස්සාවක් ඉල්ලලා නඩු දාන්න පුලුවන්නේ. ඕකට උපාදියක් තියෙන්න ඕනේ නෑනේ. වෙනස තියෙන්නේ අනික් මිනිස්සු කොහොමහරි රස්සාවක් හොයාගන්නවා. මේගොල්ලෝ ආණ්ඩුවේ අයිස් ගහන්න පුළුවන් රස්සාවක් හම්බ වෙනකන් අනික් මිනිස්සුන්ට වද දෙනවා (ම)

:       0       0

රුවන් Monday, 06 July 2015 12:26 PM

නලින් මේ ලෝකේ තියන අමාරුම විභාගය කලමණාකරන සහකාර විභාගයද? උපාධි විභාගය කලමණාකරන සහකාර විභාගයට සමාන කරන්න පුලුවන්න්ද? නොදන්නා කමට අහන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site