හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.ඇස්.සේනානායක මහතාගේ මුණුබුරකු වන රුක්මන් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට තරග කිරීමට යයි.
ඔහු දැරණියගල ආසන සංවිධායක ලෙස අද (1) එජාප නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබ සිටී.
1973 දැදිගමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු පසුව පොළොන්නරුව හා කෑගල්ලෙන් 1997 සිට 2010 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළේය.
ඔහු ව්‍යාපාරික රොබට් සේනානායක මහතාගේ පුත්‍රයෙකි. රොබට් සේනානායක හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ සොහොයුරෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් ගන්නේ බුද්දිමත් තීරණ. රුක්මන් මහත්තයා නියම ජනතා පුත්‍රයෙක්. ඔහුට ජයෙන් ජයම වේවා! (නදී)
ඔහු පොළොන්නරුවට කළ වැඩක් කියන්න බලන්න. මිනිස්සු නමට ඡන්දෙ දුන්නා. අන්තිමට ඡන්ද අඩුවෙද්දී කෑගල්ලෙන් ඉල්ලුවා. කෑගල්ලට කළ වැඩක් කියන්න පුලුවන් නම්. (නි)
ඒක හොදයි අලුත් මුහුණක් දේශපාලනයට එක්වෙනවා.(හේ)
එහෙමවත් කරලා බලන්න .(හේ)
කොහෙන් පත්වීම් ලබාගත්තත් කමක් නැහැ වැඩක් කර ජනතාව අතරට යන්න බලන්න.(ම)