(යොහාන් භාසුර)

ආණ්ඩුවට දශක 3 ක් තිස්සේ විසඳාගත නොහැකි අලි - මිනිස් ගැටුම විසදන්න ජාත්‍යන්තර සහය ගැනීමේ අරමුණින් පරිසර සංවිධාන එකමුතුව කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (22) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීය.

‘රකිමු පණ මෙන් හස්ති නිජ බිම්’ යන තේමාව යටතේ පැවැති මෙම විරෝධතාවයේදී පරිසර සංවිධාන එකමුතුවේ සාමාජිකයෝ ‘අලි අම්මා කෝ’ සහ ‘හක්කපටස් මරණ 651 යි’ ආදි පාඨ ඇතුළත් පුවරුව රැගෙන විරෝධතාවයේ නිරත වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)