කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ගබඩා කර තිබූ අවි කුලී පදනම මත රජයේ හමුදාවලින් ලබා ගත් බවත්, රක්නා ලංකා සමාගම එම අවිවලට ගෙවිය යුතු මුදල් ගෙවා නැති බවත්, විශ්‍රාමික මේජර් ජනරාල් විජේකෝන් බණ්ඩාර පැවසීයැයි කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නේය.
එහි තිබී ටීපනස් අය රයිෆල් 44ක්, එස් 84 අවි 35ක්, සැහැල්ලු මැෂින් තුවක්කු 32ක්, බෝර 12 තුවක්කු 29ක් හා තුවක්කු 10ක් (මුළු ගණන 151) හමු විය.
එහෙත් රක්නා ලංකා අවි ගබඩාවේ භාණ්ඩ ලැයිස්තුව අනුව ටීපනස් හය රයිඨල් 2300ක්, එස් 84 අවි 670ක්, සැහැල්ලු මැෂින් තුවක්කු 385ක් (මුළු ගණන 3473) තිබිය යුතු බව පොලිසිය අධිකරණයට දැන්වීය.
මෙම ගබඩාවේ අවි පොලිස් විශේෂ කාර්ය බළකායට හා වෙනත් ආරක්ෂක අංශවලට නිකුත් කළ බව රක්නා ලංකා අධ්‍යක්ෂ පැවසූ බව ද පොලිසිය අධිකරණයට දැන්වීය. ඒ සම්බන්ධයෙන් තවත් වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පොලිසියට නියෝග කළේය.
විභාගය ලබන 23 වැනි දාට කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 18
104
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රක්නා ලංකා දෙන්නම් කාසිවලට අවි අරං
සාකල්‍යා Monday, 26 January 2015 11:09 PM
අරුණ සමග එකග වෙමි (නදී)
ගමියා Tuesday, 27 January 2015 02:12 AM
රක්නා ලංකා සමගම පටන්ගත්තේ හමුදා සේවයේ ඉවත්වන අයට සේවයක් වෙන්නලු. නමුත් එ්කේ විදේශිය කුලී අයත් සේවය කරලා තියෙනවලු. එතකොට ලංකාවේ හමුදා සෙබළු මදි නිසාද එහෙම උනේ. ලංකවේ හමුදාවෙන් අායුද අරන් ඒකටම කුලියට දුන්නේ ඇයි? ප්‍රශ්න ගොඩයි. ඡන්දෙ දුන්නු ලක්ෂ 52ක් අය ඇයි නිහඬ? මේ සමාගම "රකින්න" එන්න පෙරට. (ස)
ටෙනී Tuesday, 27 January 2015 04:09 AM
මේ ගැන අපිට ඇත්තේ ලොකු කුතුහලයක් (නි)
දුමින්ද Tuesday, 27 January 2015 04:11 AM
වැඩි පරිස්සමට තියාගන්න ඇති . (නි)
සුරන්ජිත් ලාල් Monday, 26 January 2015 11:44 AM
මගේ රට අනු නමයෙන් බේරිලා තියෙන්නේ දැන් පේනවා නේද අවි ගිහිපු තැනුත් හරිම ව්‍යාකුලයි මේ විදියට මෙහෙම සැරී සරණ ආයුද වලින් කිසි වෙකුට අසු නොවී මොන තරම් ලොකු විනාසයක් කල හැකිද (අ)
ගුණසේකර Tuesday, 27 January 2015 06:04 AM
මේවා තමයි නියම විදේශ කුමන්ත්‍රණ විදියට මම නම් දකින්නේ (නි)
ප්‍රගීත් Monday, 26 January 2015 12:52 PM
මොනවද අප්පා මහජනතාවට දැනගන්න ලැබෙන ප‍්‍රවෘත්ති.? (ර)
හෆීල් Monday, 26 January 2015 02:01 PM
රටේ වාසනාවට ඉක්මන් මැතිවරණයක් ආවේ. (ර)
අරුණ Monday, 26 January 2015 02:53 PM
ශ්‍රී ලංකාව තුල නීතියට පටහැණි දෙයක් සිදුවෙනවා නම් ඒවා සොයා බලා නිසි පියවර ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළයුතුය. නමුත් පරීක්ෂණ අවසන් වන තුරු මෙවැනි දේවල් වල ගණන් ඉලක්කම් සහිතව ප්‍රසිද්ධ කිරීම තවත් ප්‍රශ්ණ ගණනාවකට අත වැනීමක්! (අ)