කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ගබඩා කර තිබූ අවි කුලී පදනම මත රජයේ හමුදාවලින් ලබා ගත් බවත්, රක්නා ලංකා සමාගම එම අවිවලට ගෙවිය යුතු මුදල් ගෙවා නැති බවත්, විශ්‍රාමික මේජර් ජනරාල් විජේකෝන් බණ්ඩාර පැවසීයැයි කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නේය.
එහි තිබී ටීපනස් අය රයිෆල් 44ක්, එස් 84 අවි 35ක්, සැහැල්ලු මැෂින් තුවක්කු 32ක්, බෝර 12 තුවක්කු 29ක් හා තුවක්කු 10ක් (මුළු ගණන 151) හමු විය.
එහෙත් රක්නා ලංකා අවි ගබඩාවේ භාණ්ඩ ලැයිස්තුව අනුව ටීපනස් හය රයිඨල් 2300ක්, එස් 84 අවි 670ක්, සැහැල්ලු මැෂින් තුවක්කු 385ක් (මුළු ගණන 3473) තිබිය යුතු බව පොලිසිය අධිකරණයට දැන්වීය.
මෙම ගබඩාවේ අවි පොලිස් විශේෂ කාර්ය බළකායට හා වෙනත් ආරක්ෂක අංශවලට නිකුත් කළ බව රක්නා ලංකා අධ්‍යක්ෂ පැවසූ බව ද පොලිසිය අධිකරණයට දැන්වීය. ඒ සම්බන්ධයෙන් තවත් වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පොලිසියට නියෝග කළේය.
විභාගය ලබන 23 වැනි දාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරුණ සමග එකග වෙමි (නදී)
රක්නා ලංකා සමගම පටන්ගත්තේ හමුදා සේවයේ ඉවත්වන අයට සේවයක් වෙන්නලු. නමුත් එ්කේ විදේශිය කුලී අයත් සේවය කරලා තියෙනවලු. එතකොට ලංකාවේ හමුදා සෙබළු මදි නිසාද එහෙම උනේ. ලංකවේ හමුදාවෙන් අායුද අරන් ඒකටම කුලියට දුන්නේ ඇයි? ප්‍රශ්න ගොඩයි. ඡන්දෙ දුන්නු ලක්ෂ 52ක් අය ඇයි නිහඬ? මේ සමාගම "රකින්න" එන්න පෙරට. (ස)
මේ ගැන අපිට ඇත්තේ ලොකු කුතුහලයක් (නි)
වැඩි පරිස්සමට තියාගන්න ඇති . (නි)
මගේ රට අනු නමයෙන් බේරිලා තියෙන්නේ දැන් පේනවා නේද අවි ගිහිපු තැනුත් හරිම ව්‍යාකුලයි මේ විදියට මෙහෙම සැරී සරණ ආයුද වලින් කිසි වෙකුට අසු නොවී මොන තරම් ලොකු විනාසයක් කල හැකිද (අ)
මේවා තමයි නියම විදේශ කුමන්ත්‍රණ විදියට මම නම් දකින්නේ (නි)
මොනවද අප්පා මහජනතාවට දැනගන්න ලැබෙන ප‍්‍රවෘත්ති.? (ර)
රටේ වාසනාවට ඉක්මන් මැතිවරණයක් ආවේ. (ර)
ශ්‍රී ලංකාව තුල නීතියට පටහැණි දෙයක් සිදුවෙනවා නම් ඒවා සොයා බලා නිසි පියවර ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළයුතුය. නමුත් පරීක්ෂණ අවසන් වන තුරු මෙවැනි දේවල් වල ගණන් ඉලක්කම් සහිතව ප්‍රසිද්ධ කිරීම තවත් ප්‍රශ්ණ ගණනාවකට අත වැනීමක්! (අ)