රක්නා ලංකා සමාගම ඈවර කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණයෙන් පසුගිය 6 වැනිදා නිකුත් කළ වාරණය දෙසැම්බර් 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා විනිසුරු එස්.ජේ.මොරවක මහතා අද (16) නියෝග කළේය.
ඇවන්ට්ගාඩ් මැරිටයිම් පෞද්ගලික සමාගම මෙම පෙත්සම ගොනු කර තිබුණේ රක්නා ලංකා සමාගම වගඋත්තරකරු කරමිනි.
රක්නා ලංකා සමාගම ඇවන්ට්ගාඩ් සමාගම සමඟ එළැඹි ගිවිසුම් අනුව රක්නා ලංකා ඈවර කිරිම නීතියට පටහැනි බව පවසමින් ඇවන්ට්ගාඩ් සමාගම වාරණය දිර්ඝ කරන ලෙස ඉල්ලා සිටියේය.
පසුගිය 7 වැනි දා ඇමැති මණ්ඩල තීරණයෙන් රජය රක්නා ලංකා සමාගම ඈවර කළේය.
දිසා අධිකරණයේ එම තීරණයට එරෙහිව රක්නා ලංකා සමාගමේ නිතිඥ චන්නක ජයසුන්දර මහතා කරුණු දැක්වීය.
නීතිඥ සුගත් කල්දේරා මහතා සමඟ ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇවන්ට්ගාඩ් සාමගම වෙනුවෙන් පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමහරි කොහේහරි ඉන්න මුදලාලි කෙනෙක් පොහොසත් වෙයි අන්තිමේදී! (නි)
ජනතාවට සහන දෙන්න සහ මෛත්‍රී පාලනයක් දෙන්න පොරොන්දු දීලා ආපු මේ ආණ්ඩුව කරන්නෙම එ්කේ අනිත් පැත්ත. (නි)
තියෙන ඒවා වසාදානවට, විකුණනවාට වඩා ඒවායින් ප්‍රයෝජන ගන්න වැඩපිළිවෙලක් හදන්න. මේ සියල්ල රටේ සම්පත්. (නි)