IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රැකගන්න ඇස් දෙක : මෙන්න උපදෙස්

රාගම වෛද්‍ය පිඨයේ  ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය ශ්‍රී  ජයවර්ධනපුර  රෝහලේ  (බාහිර) දෘෂ්ටි විතානය පිළිබඳ විශේෂඥ අක්ෂි  ශල්‍ය  වෛද්‍ය  කේ.ඒ.සැල්වින්  මහතා 


ප්‍රශ්නය - තිස්තුන්  හැවිරිදිය. පරිගණක භාවිතයෙන් දෑස රෝගි  තත්ත්වයට  පත්විමේ ප්‍රවණතා තිබේද? උපැස් භාවිත කළ යුතුද?

පිළිතුර - පරිගණක භාවිතය දෑස රෝගිවීමට  හේතුවක්  නොවේ. උපැස්  යුවළක්  පැළදිය යුත්තේ  දෑසේ  යම් දුර්වලතාවයක්  පවතින බවට  අක්ෂි  වෛද්‍යවරයකු  නිර්දේශ  කළහොත්  පමණි. එසේ  නැතිනම්  උපැස්  යුවළක්  පැළදිමට අවශ්‍ය  නැත. දුර්වලතාවයක්  පවතින බවට  අක්ෂි  වෛද්‍යවරයෙකු   නිර්දේශ කළහොත් පමණක් උපැස්  ගන්න.


ප්‍රශ්නය - විසි අට  හැවිරිදිය. පරිගණකය බහුලව පරිහරණය කිරිමට  සිදුවෙයි. වසර  පහළොවක් පමණ දෑසේ  දුර්වලතාවක්  පවතී. මෙය පරිගණක භාවිතයෙන්  සිදුවුවක්ද?

පිළිතුර - පරිගණකය බහුලව පරිහණය මීට  හේතුවක්  නොවෙයි. කම්පියුටවිෂන්  සින්ඩ්‍රෝම්  (පරිගණක දෘෂ්ටි  සහලක්ෂණ ) තත්තවය නිසා  මෙවැනි දෑ  ඇතිවිය හැකිය ඊට  හේතුව පරිගණකය දෙස  වැඩිවේලාවක් නෙත් යොමුකර ගෙන කටයුතු කිරිමේ  දී  දෑස බෙහෙවින්  විවෘතවීමයි. පත පොත කියවිමේදි  වඩා  දෑස  විවෘත විම අධිකය. එසේම ඇස් පිල්ලම්  ගැසිමේ වාර  ගණන විනාඩියකට  අට  වාරයක්  පමණ සිදුවෙයි. පොතපත කියවිමේදි  ඇස්පිල්ලම්  වාර  12 ක්  15ක්  පමණ සිදුවෙයි. එසේම පරිගණක අකුරු  සහ පතපොත් අකුරු   අතර වෙනසක් පවති. පරිගණක අකුරු  පික්සල් (තිත්) වලින්  හැදී  ඇත. මෙම  අකුරු  ග්‍රහණය අපහසුය.මනසට  වෙහෙසකි.එම නිසා පරිගණක දර්ශන පථය එක දිගට   නැරඹීම නිසා  හිසරදය හා  දෑසට  අපහසුව ඇතිවිය හැකිය. පරිගණක බොහොමයක්  ස්ථානගතව  පවතින්නේ  වා සැකසුම්  යන්ත්‍රය ක්‍රියාත්මක ස්ථානවලයි. දෑස වියළි  පත්විමේ  හැකියාව දි ඇත. මෙම තත්වයෙන්  මිදිමට  දෑසේ  මට්ටමට  ගැලපෙන උසකින් තබා ගැනීම ඇසිපිය ගසන වාර  ගණන වැඩි  කිරිම , වරින්වර  දෑස ඉවතට  ගෙන සක්මන් කිරිමට හුරු වන්න. ඉතා  අමාරු  රෝගි  තත්ත්වයක්  පවතින්නේ  නම් අක්ෂි රෝග  විශේෂඥ වෛද්‍ය  උපදෙස්  ලබාගන්න.


ප්‍රශ්නය - පස්  හැවිරිදි  දරුවකුගේ  මවකි. දරුවාට  උපැස්  යුවළක්  පැළදීමට සිදුවි  නිතරම උපැස්  යුවළ පැළඳ නොසිටිම හානියක්ද?

පීළිතුර - උපැස් භාවිතයෙන්  ඉවත්  කිරිම කිසිසේත්ම සුදුසු  නැත. වෛද්‍ය  උපදෙස් අනුව එය පැළදිය යුතුය. හොඳම සහ  එකම ප්‍රතිකාරය උපැස් යුවළ පමණක්  බව  තරයේම මතක තබා  ගන්න දරුවකු  උපන්දා  සිට වසර  නමයක් වනතුරු  දෑසේ  වර්ධන ‍වේගයක්  ඇත. දරුවාට පැහැදිලි දර්ශනයක් නොලැබේ නම්  සදාකාලික අක්ෂි දුර්වලතාවක්  ඇති  විය හැකිය. එම  නිසා උපැස් යුවළ පැළදිය යුතුය.වයස අවුරුදු  දහයෙන් පසු  උපැස්  පැලදිම නතර වුවාට  කම්  නැත. එහෙත්  වෛද්‍ය උපදෙස්  මත පමණක්  සිදු කරන්න. දරුවාට  වයස අවුරුදු 19 – 20 වු  පසු  අත්‍යාවශ්‍ය නම්  ලැසික් නැමැති ලේසර්  ප්‍රතිකාරයෙන් දෑසේ තත්ත්වය සදාකාලිකව ද නිවැරදි කරගත හැකිය. එවිට උපැස් යුවළක් පැළදිමට අවශ්‍යය නොවන්නේය. මා දන්නා  තරමට  ලැසික්  ප්‍රතිකාරය නවලෝක රෝහලේ සිදුකරයි.


ප්‍රශ්නය - දරුවාට  වයස අවුරුදු එකහමාරයි.කුඩා  වපරයක්  ඇත. සැළකිලිමත්  විය යුතුද?

පිළිතුර - අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතුය. හේතුව බොහෝවිට උපැස්  යුවළක අවශ්‍යතාවයක්  විය හැකිය. එසේ  නැතිනම් ඈසේ  යම්  දුර්වලතාවයකි. තවත්  සමහර  අවස්ථාවක මොළයේ  රෝගි  තත්ත්වයක්  පෙන්නුම්  කරන රෝග ලක්ෂණයක් ද විය හැකිය. සැළකිලි  නොදක්වා වෛද්‍ය  ප්‍රතිකාර  ලබා  නොගැනිමෙන්  සදාකාලික අක්ෂි දුර්වලතාවකට  පත්විමේ  ඉඩකඩ  ඇත. අක්ෂි  විශේෂඥ වෛද්‍යවරයෙකුට  දරුවා  පෙන්වන්න.


ප්‍රශ්නය - හතළිස්  ඇඳිරියට  උපැස්  යුවළ පැළඳු  පසු උපැස්  යුවළ  බැහැර   කළහැකිද?

පිළිතුර - වයස හතළිහෙන්  පසු  ඇසේ කාචයේ  නාභිගත විමේ  අඩුපාඩුවක්  ඇතිවෙයි. පතපොත කියවිමේ  අපහසුතා,  ළඟ නොපෙනිමේ  දුර්වලතා  හටගනි. පෙනිමේ  අපහසුතා  ඇතිවෙයි. හිසරදය, කාර්යක්ෂමතාව හීනවිමද සිදුවිය හැකිය. උපැස්  බැහැර  කිරිම දෑසට  වාසි සහගත  නොවන්නේ  වයස සමඟ උපැස්  අවශ්‍යතාවය තිව්‍ර වෙයි. එහෙත්  උපැස් නොමැතිව පෙනිම මැනවින් සිදුවන්නේ  නම්  අපහසුතා  නැතිනම්  උපැස්  බැහැර  කළ හැකිය.


ප්‍රශ්නය - පනස් හැවිරිදිය. වසරකට  දෑස්  පරික්ෂා  කර  ගත යුතු වාර  ගණන කොපමණද ?    

පිළිතුර - ග්ලුකෝමා  හෝ   ඇස් ව්‍යාකුල තත්ත්වයෙන් පසුවන ඕනෑම වයසක අයකු  දක්ෂ වෛද්‍ය විශේෂඥයකුගේ  උපදෙස් පිළිපැදිම අනිවාර්යෙන්ම කළ යුතුය. දෑසේ  ව්‍යාකුල තත්ත්වය නොමැති  පෙර පාසල්  හෝ  පාසල්  දරුවන්  එක්  වතාවක්  දැස පරික්ෂා  කරගෙන දෘෂ්ටිය තහවුරු   කර  ගත යුතුය‍. දෑස එලෙස පරික්ෂා  කිරිම පාසල්   මට්ටමින්  සිදුවෙයි. වයස අවුරුදු  හතළිහට  වැඩි  දෑසේ  ව්‍යාකුල තත්ත්වය  නොමැති උදවිය වසර දෙකකට  තුනකට  වතාවක්  දෑසේ  සුද ග්ලුකෝමා තත්ත්වය  පිළිබඳ අක්ෂි  පරික්ෂාවක් සිදුකර ගැනිම වැදගත්ය.


ප්‍රශ්නය - පනස්  හතර හැවිරිදිය. දියවැඩියාව සඳහා  දෑස  පරික්ෂාව අනිවාර්ය වන කාලසිමාව කුමක්ද?

පිළිතුර - සැම දියවැඩියා රොගියෙකු ම වසරකට  වරක් ඇස් පරික්ෂාව අනිවාර්යෙන්ම කළ යුතුය. අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා ලබාදෙන උපදෙස් පිළිපැදීම වැදගත් බව සලකන්න.


ප්‍රශ්නය -  හැටපස් හැවිරිදිය. දෑසේ  වියළීය. දැවිල්ලක්ද හටගනි.

පිළිතුර  - වියපත් භාවයට  යාමත් සමඟම ඈසේ කදුළු ගැලිම අඩුවෙයි. එම තත්ත්වය දැසේ ව්‍යාකුල තත්ත්ව ඇතිවිමට  හේතු විය හැකිය. අක්ෂි  විශේෂඥ වෛද්‍යවරයකු  හමුවී  ප්‍රතිකාර  ලබා  ගන්න. කෘත්‍රිම කඳුළු   වර්ග සහිත ඖෂධ ඇත. එවැන්නක්  නිර්දේශ කරනු  ඇත.


ප්‍රශ්නය - පනස් හතර  හැවිරිදිය.දෑසේ  සුද සැත්කම කළ පසු  කොතරම්  කාලයක්  පරිස්සම්  විය යුතුද?

පිළිතුර - සුද ඉවත්  කිරිමේ  සැත්කම ඉතාමත්  සාර්ථක සැත්කමකි. කිසිදු  බියක්  ඇතිකර  නොගන්න. සැත්කමින්  දින තුනකට  පසු තමන්ගේ  සුපුරුදු  දෛනික කටයුතු වල යෙදිමට  පිළිවන.


ප්‍රශ්නය - පනස්පස්  හැවිරිදිය. පෙනිමේ  දුර්වලතා  පවති. මේ සඳහා  සුදුසු  ශාකසාර  හෝ  දේශිය වෛද්‍ය  ප්‍රතිකාර  තිබේද?

පිළිතුර - ඉතාම දියුණු සාර්ථක විද්‍යාත්මක ප්‍රතිකාර  ක්‍රමවේද දෑසේ ව්‍යාකුලතාවයන්  සඳහා  වර්තමානයේ  පවති. ඔබ විමසා  ඇති ප්‍රතිකාර  ක්‍රමවේද සම්බන්ධව මා  නොදමි. දෑස ඉතා  සංවේදීය. එම නිසා  නිවැරදි  ප්‍රතිකාර දෑසට  අවශ්‍ය වෙයි.  මා  දන්නා  කරුණකි. එනම්  විද්‍යාත්මක නොවන ප්‍රතිකාර  සිදු කරගෙන දෑසට  වින කරගෙන අක්ෂි  වෛද්‍යවරුන්  වෙත පැමිණෙන රෝගින් අනන්තයි  අප්‍රමාණයි.


ප්‍රශ්නය - අසු  හැවිරිදිය. අන්ධ භාවයට  පත්වුණ පුද්ගලයෙකුට  ඇසක්  බද්ධ කළ හැකිද?

පිළිතුර - ඇසේ කළු ඉංගිරියාව රෝගි  තත්ත්වයේ පවති නම් බද්ධ කළ හැකිය. ඇසේ  වෙනත් ස්ථානයක රෝගි  තත්ත්වය පවතින්නේ  නම් බද්ධ කිරිම කළ නොහැකිය. අක්ෂි  විශේෂඥ ශල්‍ය  වෛද්‍යවරයකු  හමුවී  මේ  සම්බන්ධව පැහැදිලි කර  ගැනිමට  පුළුවන.


එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.



අදහස් (0)

රැකගන්න ඇස් දෙක : මෙන්න උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site