(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා විවාහක රූ රැජිනට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියකට අදාළව තමන් නිවැරදිකරුවන් බව 2019 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජුරි සහ නිරූපණ ශිල්පිණී චූලා පද්මේන්ද්‍ර යන මහත්මින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ අද (04) ප්‍රකාශ කළාය.
කුරුදුවත්ත පොලිසිය විසින් මෙම සිද්ධියට අදාළ චෝදනාව චූදිතයන් දෙදෙනාට කියවා දෙනු ලැබීමෙන් පසු ඔවුන් එම චෝදනාවන්ට නිවැරදිකරුවන් බවට එසේ ප්‍රකාශ කළහ.
ඒ අනුව එම නඩුව ලබන මැයි මස 30 වැනිදා විභාග කිරීමට අධිකරණය තීරණය කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයටම සමථ මණ්ඩලයට යොමුවන ලෙසට අධිකරණයෙන් නියෝග නිකුත් කර තිබුණද, දෙපාර්ශ්වයම එහිදී සමථ නොවීම මත ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරිමට තීරණය කළ බව කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.
2020 විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳි පුෂ්පිකා ද සිල්වා මහත්මිගේ හිස රැඳි කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇගේ හිසට සුළු තුවාල කිරීම, බියගැන්වීම, බලපෑම් කිරීම සහ අභූත චෝදනා එල්ල කළැයි කුරුදුවත්ත පොලීසිය ඉකුත් 2021 අප්‍රේල් මස 08 වැනිදා ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්‍රන් යන අය අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර තිබිණී.
පසුව ඉකුත් අප්‍රේල් මස 19 වැනිදා මෙම සැකකාරියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු එක් අයකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිමට අධිකරණය නියෝග කර තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd